|
වරුන් ශර්මා හිරිවැටිලා
මෙහෙම කියන්නේ, ෆුක්රේ චිත්‍රපටයෙන් සිනමාවට් පිවිසි වරුන් ශර්මා. දිල්වාලේ චිත්‍රපටයේ ඔහු සමඟ ෂාරුක් ඛාන්, කාජල්, වරුන් ධවාන්, සහ ක්‍රිති සනොන් රඟපානවා. "මට ශාරුක් ගැන දෑන ගැනීමට අවශ්‍ය වුනා. ඔහු වැඩ කටයුතු කරන ආකාරය ගැනත්, ඔහු පුද්ගලයෙක් ලෙස කෙසේද යන වගත්. මා වගේ මිලියනයක් අය ඇති ඔහු සමඟ වැඩ කිරීමට සිහින මවන. ඔහුගේ චිත්‍රපටයක් වූ බාසිගර් මාව මේ ක්ෂේත්‍රයට පිවිසවීමට පෙළඹෙවුවා. ඒ චිත්‍රපටයේ සියලුම දෙබස් මා කුඩා කල මිමිනුවා. මා දන්නේ නැහැ, දිල්වාලේ වලින් පසුව මගේ වෘත්තීය ජීවිතය කෙලෙස වෙනස් වේවිද කියා. ෆුක්රේ චිත්‍රපටයෙන් පසුව මගේ වෘත්තීය ජීවිතය කෙලෙස වෙනස් වේවිද කියන එකත් මා දැන සිටියේ නැහැ. නමුත් ඒ ඉතා සාර්ථක වුනා. මේ ගමන මෙතුවක් ඉතා චමත්කාරජනකයි. දිල්වාලේ චිත්‍රපටයේ මගේ රංගනය හොඳ නම් ප්‍රේක්ෂකයින් ඊට කැමති නම් එය මා සතුටු කරාවි." වරුන් පවසනවා. දිල්වාලේ චිත්‍රපටය දෙසැම්බර් 18 වනදා තිරගත වීම ඇරඹීමට නියමිතයි. |