|
‘පා’ ට සය වසක්
අමිතාබ් බච්චන්, අභිෂේක් බච්චන් සහ විද්‍යා බාලන් රඟන 'පා' චිත්‍රපටයට පසුගිය දෙසැම්බර් 4 වනදා සය වසරක් සැපිරුනා. ප්රොජෙරියා' නම් විරල ජානමය අංගවිකල බවකින් යුතු වූ 12 වියැති අවුරෝ නම් ළමයාගේ කතාව මේ චිත්‍රපටයෙන් කියවුනා. අභිෂේක් සහ විද්‍යා , අමිතාබ් රඟපෑ 'අවුරෝ' ගේ දෙමාපියන්ට මේ චිත්‍රපටයෙදී පණ දුන්නා. 'National Film Award - 2010', හොඳම නළුවා, හොඳම හින්දි චිත්‍රපටය ආදී සම්මාන ගණනාවකින් 'පා' පිදුම් ලැබුවා. අරුන්දතී නාග් හොඳම සහාය නිළියටත්, කි‍්‍රස්ටියන් ටින්ස්ලේ සහ ඩොමිනි ටිල් හොඳම වේශ නිරූපනයටත් සම්මාන ලැබුවා. 'පා' ආර්. බල්කි ගේ අධ්‍යක්ෂණයක්, අමිතාබ්, අභිෂේක්, සුනිල් මන්චන්ද, සහ මහේෂ් රාමනාධන් යන අයගේ නිෂ්පාදනයක්. ඉන්දියානු රුපියල් මිලියන 150 ක පිරිවැයකින් නිර්මාණය වූ 'පා' මිලියන 310ක ආදායමක් ලබා තිබුනා. 'පා' ගේ සය අවුරුදු සැමරුම අමිතාබ්ට ලොකු සතුටක් වුණා. |