|
රහයි සිනමාව තවමත්... හෙටත්, රහවෙයි සුරැකුණොත්...!
චිත්‍රපට අධ්‍යක්ෂ දිනේෂ් ප්‍රියසාද් විසිනි
රටක සිනමා ජාලයක, මිල කළ නොහැකි එක්තරා විශේෂිත වූ පැතිකඩක් පිළිබඳව ද - සිනමාව වෙනුවෙන්, නිහඬව ඇප - කැප වුවන් පිළිබඳව ද, මෙවන් සටහනක් ලියා පළ කිරීමට මා හට සිත් පහළ වූයේ පසුගිය දිනක දෙරණ TV නාළිකාව නරඹමින් සිටින විටදීය. එනම්, 1969 තිරගත වූ අධ්‍යක්ෂ ලෙනින් මොරායස්ගේ 'සූරයන්ගෙත් සූරයා' සිනමාපටය ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ ටෙලිවිෂන් තිරයක් ඔස්සේ මහජනතාව අතරට ගෙන එමින්, මා හට මංගල දර්ශනයක් වන් මොහොතකට කටයුතු සම්පාදනය කළේ දෙරණ TV නාළිකාවය. එම මංගල මොහොතට, මා කල් වේලා ඇතිව සැදී පැහැදී පුල-පුලා සිටියේ, එදා මොරටුව මානෙල් සිනමාහලේ දී ගැලරියේ පෙර බැඳ 'සූරයන්ගෙන් සූරයා' මිතුරන් දෙදෙනෙකු සමඟ නැරැඹූ ආකාරය ද ආවර්ජනය කරමින් - තළුමරමින්ය. එහෙත් 'සුවය' සහ 'වේදනාව' නම්, එදා හවුස්ෆුල්ය. අද මා තනිවමය. 'බහුශ්‍රැත' සිනමා කෘතියක් හැරෙන්නට මෙවන් අතිශය ජනප්‍රියත්වයට පත් විනෝදාත්මක චිත්‍රපටයක් කෙසේ තනියම නරඹම්ද? එහි රසය, තෘප්තිය ඒ මොහොතේම බෙදා හදා ගැනීමට මා අවට කිසිවෙකු හෝ නොමැත. එහෙත්, 'සූරයන්ගෙත් සූරයා' මාගේ කිසිදු නෑකමක් හෝ නැති අතර, එදින සහ පසු දිනවල සිලෝන් තියටර්ස් සමාගමේ උසස් නිලධාරියකු වන තුසිත අල්විස් මහතා සහ දම්මික ෆොන්සේකා මහතා ඇතුළු මා හිත මිතුරන් ගණනාවක් මා හට දුරකථනයෙන් - චිත්‍රපටය පිළිබඳ ද එහි ජවනිකා ජවනිකා පෙළ ගස්වා ඇති ආකාරය ද, නළු - නිළියන්ගේ රංගන කුසලතාවයන් ගැන ද - විශේෂයෙන් අධ්‍යක්ෂ ලෙනින් මොරායස් පිළිබඳව ද දැඩි අභිමානයෙන් කතා කළෝය. ඔවුන්ගේ දැඩි සුභවාදී විචාරය - අහක සිටි මා ධෛර්යමත් කරමින්, චිත්‍රපටකරණය පිළිබඳ ප්‍රබල උත්තේජනයක් මා තුළ ජනිත කිරීමට තරම් සමත් විය. එහි ගෞරවය හිමිවය යුත්තේ චිත්‍රපටයේ සංරක්ෂණකරුටය. රූප රාමුවක්වත් අඩු නැතිව 'සූරයන්ගෙත් සූරයා' පෙන් වූ ආකාරයටම 'ඔහොම හොඳද?' සිනමාපටය ද පෙන්වන්නේ නම්, වත්මන් නව පරපුරට 'පෙර සිනමාව මෙන්ම වීර සිනමාව' පිළිබඳව ද මහත් අධ්‍යනයක් ලබා ගැනීමට හැකි වන්නේය. එවන් චිත්‍රපට සිනමා ශාලාවකට මුදා හරින්නේ නම් එහි සිනමා අත්දැකීම අති විශාල වනු ඇත. 'සූරයන්ගෙත් සූරයා' හි අධ්‍යක්ෂවරයා වෙනින් කව්රුත් නොවන අතර, එහි සංරක්ෂණධාරියා - වෙනින් කව්රුත් බව කිව යුතුය. ඔහු කලකට ඉහත - දීර්ඝ කාලයක් තිස්සේ, නුගේගොඩ මෙට්ට්‍රෝ සිනමා ශාලාව තම අණසකට යටත්කර ගනිමින් 'මහජන ගෝචර' චිත්‍රපට ප්‍රදර්ශනය කර ප්‍රේක්ෂකාවධානය තදින් දිනාගත් සිනමා ප්‍රදර්ශකයකු බවට පත් විය. නාගීනා, මිස්ටර් ඉන්ඩියා, රාජා හින්දුස්ථානි වැනි හින්දුස්ථාන් චිත්‍රපට ආනයනය කිරීමෙහි ප්‍රමුඛයන් අතර නොම්මර එකේ ප්‍රමුඛයෙකු ද විය. ඔහු වෙන්නප්පුවේ 'නව සිනමා - සිනමා පුවත්ප්තේ' අධිපති, නැසීගිය වෝල්ටර් ප්‍රනාන්දු නම් ප්‍රකට චිත්‍රපට නිෂ්පාදකතුමාගේ පුත්, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වාණිජ උපාධිධාරි දීප ව්‍යාප්ත සාම විනිසුරු දමිත් වර්ණකුල මහතාය. ඔහුගේ නවමු ව්‍යායාමය 'නවමු ලතාවක සයිබර් කලාව' යනුවෙන් නවමු වෙබ් අඩවියක් හඳුන්වා දෙමින්, නවමු අත්දැකීමක් චිත්‍රපට ප්‍රේක්ෂකයාට ලබා දී එමඟින් ලොව වටා සිටින ලක්ෂ සංඛ්‍යාත සිනමා රසිකයින්ගේ නවමු අවධානය සහ ගෞරවය දිනාගෙන ඇත්තේ ජාති භේදයකින් තොරවය. www.nawacinema.lk වෙබ් අඩවියට ඇතුව වී සැරිසරන්නට කෙළවරක් නැති චිත්‍රපට තොරතුරු ද, විශිෂ්ට සිනමාකරුවන්ගේ අත්දැකීම් ද ඇතුව පැරැණි මෙන්ම නවමු සිනමා අත්දැකීම් ද ලබාගත හැක. එබැවින් දේශීය සිනමා කර්මාන්තය වෙත දමිත් වර්ණකුලගෙන් ලැබෙන විශිෂ්ට අනුග්‍රහය අතිශය වැදගත්ය. ලාංකික සිනමාවේ මෙතෙක් බිහි වූ ජනප්‍රිය තලයේ ගොරෝසු නොවන' හොඳම වාණිජ චිත්‍රපට හතරෙන් දෙකක්ම දමිත් වර්ණකුලගේ සංරක්ෂණයට යටත්ය. එනම් සූරයන්ගෙත් සූරයා සහ ජේ. සෙල්වරත්නම්ගේ ඔහොම හොඳද? යන සිනමාපට ද්විත්ව ද, වෝල්ටර් ප්‍රනාන්දු නිපද වූ එක්ටැම්ගේ සිනමා කෘතිය ද, සැණකෙළිය, ආරාධනා, පෙම්බර මධු, සසර චේතනා, ඉන්දුට මල් මිටක් වැනි වාණිජ මෙන්ම කලාත්මක වර්ගයේ චිත්‍රපට 150 කට අධික සංඛ්‍යාවක් නව සිනමා සංරක්ෂණාගාරයේ දමිත් භාරයේ රැකෙන බවත්, අනෙක් ඉතිරි හොඳම වාණිජ චිත්‍රපට දෙකෙන් එකක් වන ලෙනින් ගේ එදත් සූරයා අදත් සූරයා, ස්වයංක්‍රීය නිෂ්පාදිකා මානෙල් රූපසිංහ මහත්මියම භාරයේ ආරක්ෂා වන බව දැනගන්නට ලැබිණ. ශ්‍රී ලංකාවේ චිත්‍රපට සංරක්ෂණ ආරම්භකයා වශයෙන් තිස්ස නාගොඩවිතාන නාමයත් 'නව සිනමා' නාමයත් ඉතිහාසය තුළ ලේඛන ගත කළ යුතු අතර, ලාංකික සිනමාවේ 'ප්ලැටිනම්' මෙන් වටිනා ඉතා පැරැණි චිත්‍රපට ගණනාවක් ද තිස්ස හෙවත් ති. නා. ෆිල්්ම්ස් සුරකින අතර, ආවා සොයා ආදරේ - හිත හොඳ මිහිහෙක් - හොඳට හොඳයි ඇතුළු දේශීය චිත්‍රපට 600 කට අධික සංඛ්‍යාවක් තිස්ස නාගොඩවිතානයන් සතුව සංරක්ෂණය වන බව ගෞරවයෙන් පෙන්වා දිය යුතුය. හොඳම වාණිජ චිත්‍රපට හතර අතරින් - ඉතිරිය වන 'සූරයා සූරයාමයි' සිනමාපටය හේමප්‍රිය කණ්ඩම්බි මහතා යටතේ ඇති අතර, ඔහු යටතේ - සිංහල චිත්‍රපට 50 කට අධික සංඛ්‍යාවක් සංරක්ෂණය වන බව කිව යුතුය. තවද, මහරාජා අනුබද්ධිත එම්. එන්ටර්ටේන්මන්ස් ආයතනය ද මේ වන විට නොමියෙන මිනිසුන් - දෙමෝදර පාලම - චණ්ඩියා ධ්ධ් - රෑ මනමාලි - ඩාන්සින් ස්ටාර්ස් - රන්කෙවිට - සිකුරු හතේ මෙන්ම ගාමිණී ෆොන්සේකා රඟපෑ නීල කඩලින් ඔරන්තිලෙයි සහ ඉලය නීලා යන ද්‍රවිඩ සහ සිංහල චිත්‍රපට රැසක් වෙනුවෙන් සංරක්ෂණයට උර දී ඇත. ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදක රොබින් තම්පෝ මහතා නිර්මාණය කළ චිත්‍රපට සියල්ලම සංජීව තම්පෝ මහතාගේ සංරක්ෂණාගාරයේ සුරැකෙනු ඇත. කපටිකම - සුහද සොහොයුරෝ - කතුරුමුවත් - අංජලී (දෙබස් කැවූ) - බයිසිකල් හොරා - ලොකුම හිනාව - දුලීකා වැනි පොදුජන හදවතට කතා කල අතිශය ජනප්‍රිය චිත්‍රපට මෙන්ම ධවල පුෂ්පය - වන්ෂොට් - රෝස වසන්තය - හාට් F M - හිරිපොද වැස්ස වැනි තරුණ හදවත් ඇමතූ චිත්‍රපට රැසක් ද, සෙයිලම - විසිදැල - කිණිහිරියා මල් වැනි ප්‍රශස්ථ මට්ටමේලා ගැනිය හැකි සම්මානලාභී සිනමාපට ද, සර් ලාස්ට් චාන්ස් - රෑ ඩැනියෙල් දවල් මිගෙල් වැනි හාස්‍යොත්පාදක චිත්‍රපට ඇතුළුව චිත්‍රපට 27 ක් ඊ. ඒ. පී. ෆිල්ම්ස් ඇන්ඩ් තියටර්ස් සමාගම විසින් සුරක්ෂිත කොට ඇත්තේ යථෝක්ත චිත්‍රපට සඳහා ඊ. ඒ. පී. එදිරිසිංහ මහතා සහ දේශබන්ධු ආචාර්ය සෝමා එදිරිසිංහ මහත්මිය විසින්ම නිෂ්පාදන දායකත්වය ලබාදීම පෙරටු කොටගෙනය. චිත්‍රපට සංරක්ෂණාගාරයක් අයැදිමින්, එහි වටිනාකම සහ දැඩි අවශ්‍යතාවය පිළිබඳ දීර්ඝ කාලයක් මුළුල්ලේ හඬ නඟා පෙන්වා දුන් සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ නිර්මල අභිප්‍රාය සාක්ශාත් කරමින් රජයේ ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුවේ 02 වෙනි මහල චිත්‍රපට සංරක්ෂණය වෙනුවෙන් වෙන් කිරීම මහා ඉහළින් පැසසිය යුතු අතර, ඊට සමගාමීව FILM ART HOUSE ජාලයක් ද ගොඩ නැඟීමට රජය (සංස්ථාව) උර දෙන්නේ නම්, අප සම්භාව්‍ය කෘතිවලට මෙරටදීම වැඩි වටිනාකමක් ගෙන දෙමින් ජනතා අයිතියට පත් කළ හැකි බව සඳහන් කළ යුතුය. FILM ART HOUSE ක්‍රමවේදය තුළින් දහ පහලොස් දෙනකුට වුවද හිතෙන ඕනෑම වේලාවක තමන් කැමැති සම්භාව්‍ය සිනමා කාතියක් නැරැඹීමේ පහසුකම ලබා දිය හැකි අතර වටිනා සිනමා කෘතිවල DVD සහ BLU-R ඒක පිටපත් එමඟින් සිනමාලෝලීන්ට මිලදී ගත හැකිය. තවද, සිනමා උපකරණ, කැමරා දොඹකර ද, මි. මී. 8 සිට මි. මී. 70 දක්වා මෙරට භාවිත කළ ප්‍රක්ෂේපණ යන්ත්‍ර ද ඇතුළු චිත්‍රපට නිපදවීම සඳහා පාවිච්චි කළ යන්ත්‍රෝපකරණ ද සුරක්ෂිත කර ඇති සිනමා කෞතුකාගාර දෙකක් වෙන් වෙන්ව මේ වන විට හේමප්‍රිය කණ්ඩම්බි සහ ගෝඩ්න් ද සිල්වා යන මහතුන් විසින් ගොඩ නඟා ඇති අතර, පිළිවෙළින් කඩවත සහ හෝමාගම ප්‍රදේශයන්වල පිහිටා ඇත. සිනමා ජාලයක, මෙවන් මිල කළ නොහැකි සුවිශේෂිත වූ 'විෂයක්' වෙනුවෙන් අප හැදූ චිත්‍රපට දිවා රෑ නොබලා දිවි හිමියෙන් ඇප කැප වී, සුරකින ති. නා. ෆිල්්ම්ස් අධිපති තිස්ස නාගොඩවිතාන සහ නව සිනමා අධිපති දමිත් වර්ණකුල වැනි සංරක්ෂණධාරින් වෙත යම් අනුග්‍රහයක් ලබාදීමට හෝ කිසියම් රජයක කවරෙකු සිනමාව වෙනුවෙන් සිතා බැලුවාද? විනාශ වී ගිය චිත්‍රපටවලට අමතරව, අතුරුදන් වූ චිත්‍රපට හෝ චිත්‍රපට කොටස් ද, පූර්ව ප්‍රචාරක පට ද ශ්‍රී ලංකාව පුරා තැනින් තැන ස්ථානගත වී ඇත. එවන් චිත්‍රපට හෝ චිත්‍රපට කොටස් ඔබ ළඟ ඇත්නම්, උක්ත - කවර සංරක්ෂණධාරියා වෙත හෝ ලබා දෙන ලෙස ගෞරවනීය පාඨකයාගෙන් සහ සිනමාවට හිතැති ප්‍රේක්ෂක ඔබෙන් බැගෑපත් ලෙස ඉල්ලා සිටින්නේ සිංහල සිනමා කර්මාන්තයේ නාමයෙනි. 1983 ජූලි කලබලයෙන් අප චිත්‍රපට ගණනාවක් අලු දූලි බවට පත් විය. යථෝක්ත සංරක්ෂණධාරින් නොවන්නට දේශීය චිත්‍රපට සියල්ලම විනාශ වී යනු ඇත. දේශීය සිනමාව අරබයා සහ කෞතුකාගාර ක්‍රමවත්ව ගොඩ නැංවීම පිණිස ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව මැදිහත් වී, මූල්‍යමය පහසුකම් ඔවුන් වෙත මුදා හරින්නේ නම් අනාගතය වෙනුවෙන් අප ජාතික සිනමාව රැක ගැනීමට දමන අත්තිවාරම ශක්තිමත් වන බවකිව යුතුද? තිස්සටත් - දම්මිටත් - කණ්ඩම්බිටත් - ගෝඩ්න්ටන්, සංජීවටත් රජයේ ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවටත්, M එන්ටර්ටේන්මන් සමාගමටත් සහ E. A. P සමාගමටත් සුවිශේෂ වූ කෘතඥතාවය පල කරමින්, අප සිනමාව තවදුරටත් සුරකින්නට දෑත් ශක්තිමක් වේවායි පතමි. මා චිත්‍රපට අධ්‍යක්ෂ - දිනේෂ් ප්‍රියසාද් |