|
අනං මනං එපා මෙන්න ප්රශ්නසම්මාන ගැන විකුම්ජිත් ප්‍රේමකීර්ති ප්‍රශ්න කරයි
දෙරණ සිනමා සම්මාන උලෙළ පිළිබඳ මෙම මතවාද සඳහා අප ඉඩ ලබා දෙන්නේ යහපත් සිනමා කතිකාවක් වෙනුවෙනි. එබැවින් මෙම ලිපි මාලාවේ අදහස් අදාළ ලේඛකයන්ගේ මතවාදයන් විනා සරසවිය මතවාද නොවන වග කරුණාවෙන් සලකන්න.
දෙරණ සිනමා උලෙළ ගැන සමාජ වෙබ් අඩවි හා සරසවිය පුවත්පතේ පළ වූ ආන්දෝලනාත්මක ලිපි
කිසිදු සැලකිල්ලකට නොගනිමින් ඒවායින් ජූරිය වෙත ඉදිරිපත් කළ කිසි ප්‍රශ්නයකට
නිවැරදි හෝ නිරවුල් උත්තර නොදෙමින් හුදෙක්ම අධිමානී මමංකාරත්වයක් ආරූඪ කරගත් අශෝක
හඳගම සහ සුදත් මහදිවුල්වැව සරසවිය පුවත්පතට සැපයූ පිළිතුරු ලිපියක් යැයි කියා ගන්නා
ප්‍ර
වඩා යහපත් සිනමාවක් සඳහා හිත කැමැති මේ ජූරියේ සිනමා රසිකත්වය කේසරා නම්, ඔබේ හිත
ඇත්තේ වඩා යහපත් සිනමාවක් වෙනුවෙන් නොව මහත්වරුනි, ඒ ඇසේ කඳුළු මේ ඇසේ ගාගන්නා
දුප්පත් සිනමාවක් වෙනුවෙනි. සිනමාත්මක ගුණයක් ගෑවිලාවත් නොතිබූ ඉතාම ආධුනික මට්ටමේ
පෙර පාසල් විවිධ ප්‍රසංගයක් මෙන් පුස්, වෛවාරණ කර, ගෙදර කට්ටිය එක් වී කළ
ව්‍යාපෘතියක් වූ කේසරාට කුමන් හෝ වාසනාවක් කැරැකී සිසේරියන් සැත්කමකින් මෙන් ලංකාවේ
චිත්‍රපට ශාලාවල පවා පෙන්වන්නට අවකාශ ලැබුණේ වඩා යහපත් රස වින්දනයක් සිනමා
ප්‍රේක්ෂකාගාරයට දෙන්නට පෝලිම්වල හිර වී අසාධාර කෙසේ නමුත් කේසරාගේ නොසෑහෙන වාසනාව නිසාම දෙරණ ජූරිය විසින් ද කේසරාට පිනට සම්මාන දී ඇත. වඩා යහපත් සිනමාවක් උදෙසා හිත කැමති වූ ජූරිය, අවංකවම එය අපේක්ෂා කළේ නම් කළ යුතුව තිබුණේ අනුකම්පාවට හෝ පිනට අවම සුදුසුකම් යටතේ හැදූ පුටුවලට (බයිස්කෝප්) සම්මාන දීම නොව ඉඳගන්නට පුටු හැදූ දක්ෂ වඩුවන්ට සම්මාන දීමය. පුටුවක වටිනාකම ඇත්තේ අඩුම අවම වියදමින් එය කළාට නොවේ. ඒ ලී බඩුව, පුටුවක අවශ්‍යතාවය සපුරන්නේ නම් පමණි. එහෙත් කේසරා චිත්‍රපටයක අවශ්‍යතාවය ඉටු නොකරන හුදෙකලා සංසිද්ධීන් තේරුමක් නොවී එකට ඇමුණූ අන්තිම අඳබාල ව්‍යාපෘතියකි. එය මෙතරම් අගය කිරීමට දෙරණ ජූරිය දුටු විශේෂත්වය තවම කියා නැත. ඒ වෙනුවට ඔවුන් දේවල් බොහෝම පෞද්ගලික මට්ටමින් ගෙන ඔවුන්ට මෙන්ම අපට ද නොතරම් වූ ඔවුනගේ අධිමානය නිර්ලජ්ජා ලෙස හිරිකිතයකින් තොරව රටට පෙන්වයි. මේ සියල්ල පසෙකින් තැබුවද ජූරියේ හුන් පස් දෙනාම කලාකරුවන්ය. ඔවුන්ට ඇති සමාජ වගකීම ඔවුන්ගේ අධිමානයෙන් වසාගෙන ලොකුකම් කියමින් පැහැර හරින්නට ඔවුන්ට ඉඩ නැත්තේ, මෙරට තුළ ඔවුන් මිනිසුන්ගේ විශ්වාසය දිනාගත්, මිනිසුන් ගරු කරන කලාකරුවන් වන නිසාය. කවුරන් කෙසේ නොසලකා හැරුණ ද අශෝක හඳගම වෙනම ප්‍රතිරූපයක් හා පෞරුෂත්වයක් දරාගත් ගෞරවාන්විත අධ්යක්ෂවරයකු ලෙස මේ මොහොත දක්වාත් අප විශ්වාස කරමු. ඔහුත් දැන් මේ හැසිරෙන අඳබාල ලද බොළඳ විලාසය අපව විමතියට පත් කරනවා හැරෙන්නට වෙන යමක් නොකරයි. ජූරියේ උන් ගෞරවාන්විත ඔබ පස් දෙනාම අපට වඩා ඉහළ පඩියක ඉන්නා බව සැබෑවකි. එහෙත් ඉන් හඟින්නේ ඔබට ගෞරව ආදර දක්වන අපට ඔබ ප්‍රශ්න කිරීමට නොහැකියි යන්න නොවේ. මෙය කල්ලියක් හෝ ප්‍රියයන්ට සම්මාන නොදීම ගැන විමසන කාරණයක් නොවේ. කරුණාකර මෙය පටලවාගෙන නැති තත්ත්ව නිර්මාණය කර ගනිමින් ප්‍රපංච ඇති කරගන්න එපා. මෙය හුදෙක්ම සිනමාත්මක ගුණයක් නොදැක් වූ චිත්‍රපටයක් නොලද යුතු තත්ත්වයක් ලබා දීම ගැන ඇති වූ සාධාරණ ගැටලුවකි. අප්රසාදයකි. ඒ ගැටලුව අපට ඇති වන්නේ ඔබ මෙන්ම අපගේ ද හිත ඇත්තේ වඩා යහපත් සිනමාවක් වෙනුවෙන් වීමයි. ඒ නිසා මේ කඹ ඇදිල්ල පසෙක ලා අපි විවෘත සංවාදයකට පැමිණෙමු කියා යෝජනා කරන අතර ඒ වෙනුවෙන් ඔබේ යහපත් ප්‍රතිචාරත් අප බලාපොරොත්තු වෙනවා. අපිට ඇති ප්‍රශ්න: 1. දිල්හානිගේ සාරි පොටට අමතර රෙදි අල්ලා කටු ගැසූ, අවංමංගල්යාගාරයක පාලිකා තනතුරේ නියතු සේරා ගෙදරටත් පාටි ගවුම් අඳින අවස්ථා හෝ සිද්ධි සැලකිල්ලකට නොගෙන විශ්වාසනීයත්වයෙන් තොරව විවිධ ප්‍රසංගයක මෙන් ඇඳුම් ඇඳි කේසරා චිත්‍රපටයට හොඳම ඇඳුම් නිර්මාණය සඳහා සම්මාන ලැබුණේ කෙසේද? 2. පාසල් වේදිකා නාට්‍ය පසුතල සිහිපත් කරන සෙට්වලට හොඳම කලා අධ්‍යක්ෂණය ලැබුණේ කෙසේද? 3. කිසිදු භාවාත්මක හැඟීම් ප්රකාශනයක් හෝ රංගන කුසලතාවක් නෙදැක් වූ මිෂෙල්ට හොඳම නිළිය සම්මානය ලැබුණේ කෙසේද? ඒ සම්මානය ලැබීමට සුදුසු නාම යෝජනා අතර කොස්තාපල් පුඤ්ඤසෝම හි දුලීකා මාරපනවත් තරම් නෙවේද? 4. විකට නළුවා සම්මානය වෙනුවෙන් කිසිදු නාම යෝජනාවක් පවා නොමැතිව නිතරඟයෙන් සැන්ඩෝ හැරිස් තේරී පත්වන්නේ උක්ත චිත්‍රපටයේම මහේන්ද්‍ර පෙරේරා ඔහේ නිකං පෙනී සිටියා පමණක් කියා ඔබ විශ්වාස කරන නිසාද? ඇත්තෙන්ම ඒ වසරේ අනෙක් සියලුම චිත්‍රපට අබිබවා කොස්තාපල් පුඤ්ඤසෝම ආදායම් වාර්තා තබන්නේ ද මහේන්ද්‍ර පෙරේරාගේ රංගනය නිසා බව එහි අධ්යක්ෂ උදයකාන්ත වර්ණසූරිය පවා කියා සිටියි. 5. ලයින් ඔෆ් ඇක්සන් පවා වරද්දන, කිසිම සම්බන්ධකමක් අගක් මුලක් නොතේරුම් කර විවිධ චරිත චිත්‍රපටයට ප්‍රාදූර්භූත කරමින් විශ්වාසනීයත්වයෙන් තොරව විවිධ තලවල අක්‍රමවත්ව දෙබස් කතන රේඩියෝ නාට්‍යයක් කර, රූප මාධ්‍ය වූ සිනමාවේ ඒ කාරණාවම මඟ හැර ගත් පරාක්‍රම ජයසිංහට හොඳම අධ්යක්ෂ සඳහා සම්මාන දුන්නේ කෙසේද? 6. හොඳම දුෂ්ට නළුවාට සම්මානය ලබාගත් දමිත් ෆොන්සේකාගේ මැදිහත් වීම කේසරා චිත්‍රපටයේ කතාව ඉදිරියට ගෙන යාමට කොතරම් දුරට දායකත්වයක් ලබා දුන්නාද? ඔහු නිරූපණය කළ මේ හුදකලා දර්ශනය චිත්‍රපටයෙන් ගැලවුවත් එයින් මේ චිත්‍රපටයට කිසිම බලපෑමක් සිදු නොවෙන තරමට එම දර්ශනය චිත්‍රපටයට අදාළ නොවේ. එවන් එක් හුදකලා දර්ශනයකින් දමිත් ෆොන්සේකා තෝරාගත් විනිශ්චය මණ්ඩලයට ඒ සම්මානය සඳහා නිර්දේශ වූ කමල් අද්දරආරච්චිගේ හා විශ්වජිත් ගුණසේකරගේ රංගනය අදාළ නොවීද? ඔවුන්ගේ ඒ රංගනය තන්හා රතී රඟා කතාව ඉදිරියට ගෙන යාමට බල පෑ වග නොපෙනුණේද? මෙන්න මේ ප්‍රශ්න සැලකිල්ලට ගන්න. එසේ නොවී පුද්ගල නාම අල්ලා ගනිමින් නොකී ප්‍රපංච නිර්මාණය කර ගනිමින් හිස්බස් දොඩමින්. උරණ වන්න එපා. ඒ අඳබාල ප්‍රාථමික හැසිරීම ඔබගේ වයසට, තත්ත්වයට තරම් නොවේ. අනෙක් අතට ප්රශ්නයේ ගැඹුර මිස එය අසන අයගේ තත්ත්වය හෝ තරාතිරම නොසලකන්න. එය තරම් නොවන්නේ ඔබගේ අධිමානී මමංකාරත්වයට සාපේක්ෂව විනා ඔවුන් ඔබෙන් අසන ප්‍රශ්නයට නොවේ. ගරු කටයුතු ජූරියක් දුන් තීන්දු තිරණ ප්‍රශ්න කළ ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව මෙය නොවේ. ලෝක සිනමා ඉතිහාසය ගැන පවා අපට වඩා දැනුම් තේරුම් ඇති ජූරියේ ඔබට එවන් අවස්ථා සොයා ගැනීම අසීරු නොවනු ඇති. (ෆේස් බුක් එකේ මේි සමාන අදහසක් ඇතිව බූඩි කීර්තිසේන වීඩියෝවක් පළ කර තිබුණා). එහෙත් එය හා මෙහි ඇති වෙනස නම් නිහතමානී බව හා අධිමානී බවයි. ඒ නිහතමානී බව ජූරිය වූ ඔබ ළඟ නැති වීම අපට ප්‍රශ්නයක් නොවේ. කනගාටුවක් පමණයි. විනිශ්චයේ තීන්දු තීරණ ගත් ආකාරයේ විනිවිදභාවයටත් ඒ ක්‍රියාවලියේ පටිපාටියට හා ක්‍රමවේදයටත් විදියක් ඇතැයි ජූරිය වූ ඔබ පැවසුවද, කේසරා වැනි සිනමා ගුණය හීන කර ගත් වෙසක් නාට්‍යයකට එය භාවිත කළේ කෙසේ ද යන්න ඔබ තවමත් පිළිතුරු නොදුන් ප්රශ්නයයි. විද්වත් ජූරි සභිකයන් වූ ඔබ පස් දෙනාටම කතිකාවකට පැමිණෙන මෙන් යෝජනා කරමු. වඩා යහපත් සිනමාවක් වෙනුවෙන් හිත කැමැති ඔබ මේ යෝජනාව දෙස ධනාත්මක සිතුවිල්ලෙන් බලනු ඇත යන්න අපගේ බලාපොරොත්තුවයි. පසුගිය සතියෙන් http://www.sarasaviya.lk/2015/12/03/?fn=sa15120311
|