|
කරිශ්මාට දික්කසාදය එපාලු
ව්‍යපාරිකයෙක් වූ 'සන්ජේ කපූර්' සමඟ විවාහ වූ බොලිවුඩ් නිලි කරිෂ්මා කපූර් හෙවත් 'ලෝලෝ', කාලයක සිට ඔහුගෙන් වෙන් වෙලයි සිටින්නේ. පසුගිය වසරේ දෙදෙනාගේම කැමැත්තෙන් කරිෂ්මා නීතියෙන් වෙන්වීම ඉල්ලා සිටියත්, ළඟදී එය හදිසියේම අස් කරගෙන තිබෙනවා. ඇය ඉල්ලා සිටි මූල්‍යමය වගකීම ඉටුකිරීමට සන්ජේට නොහැකි වූ චෝදනාව මත මෙම අස් කරගැනීම කරගෙන ඇති බවයි 'මුම්බායි මිරර්' සඟරාව පවසන්නේ. දික්කසාද පැමිණිල්ලෙන් සය මසක කාලයක් ඇතුලත සන්ජේ විසින් යම් වන්දියක් ගෙවිය යුතුව තිබුණු බවත්, ඔහු ඒ ගැන කිසිවක් කර නැති බවත් චෝදනා ලබා සිටිනවා. "අපත් එම පදනම යටතේම දික්කසාදය නැවැත්වීමට කටියුතු කරමින් සිටිනවා. ඇය (කරිෂ්මා) ගේ පැත්තෙන් සමහර වගකීම් ඉටු කර නැහැ" යනුවෙනුයි මේ අතර සන්ජේගේ නීතිඥයා පවසා ඇත්තේ. 2003 වසරේ විවාහ වූ මේ දෙපල සමයිරා සහ කියාන් රාජ් ගේ දෙමාපියන් වනවා. |