වර්ෂ 2015 ක්වූ ජූලි 09 වැනිදා බ්‍රහස්පතින්දා




හිරාන් හිරුණිකාගේ අත ගනී

හිරාන් හිරුණිකාගේ අත ගනී

හිරාන් යතෝවිටව අප හඳුනාගන්නේ නළුවකු සහ නිවේදකයකු විදිහට. හිරු නාළිකාවේ විකාශය වූ විසුල අහස යට ටෙලි සිතුවම හරහා රංගනයට පිවිසි ඔහු එහිම මංගලම් වැඩසටහනේ නිවේදකයකු ලෙස ද අප හමුවට ආවා. හිරාන් පිළිබඳ වැඩිපුර වැඩි දෙනෙකු කතා කළේ නැති වුණත් පසුගිය දිනවල නම් හිරාන් පසුපස මාධ්‍ය එකතු වුණේ ඔහුගේ විවාහය සිදු වුණු හින්දා. හිරාන් විවාහ වුණේ මුළු රටෙහිම අවධානයට පාත්‍ර වූ කෙනෙක් සමඟ.

ඇය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර. වරෙක ආන්දෝලනාත්මක චරිතයක් වූ හින්දම වෙන්න ඇති ඇය සහ හිරාන් අතිනතගත් දා සමස්ථ සමාජයේම අවධානය යොමු වුණේ. කොහොම හරි කාලයක් තිස්සේ දෙන්නා හොඳට හඳුනනවලු. ඒත් විවාහ වන තෙක්ම හිරාන් සහ හිරුණිකා අති දක්ෂ අන්දමින් මේ පිළිබඳ මාධ්‍යයෙන් වසන් කළා. අඩුමගානේ ඕපදූප විශේෂඥයන්ටවත් හිරුණිකාගේ පෙම්වතා කවුද කියලා හොයා ගන්න බැරි වුණා. හැංගි හැංගි වෙස් බැඳලා පසුගියදා මේ දෙන්නා විවාහ ගිවිස ගත්තා.

කොළඹ හිල්ටන් හෝටලයේ පැවැති මෙම සුභ කටයුත්තේ සාක්ෂියට අත්සන් කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අමාත්‍ය රාජිත සේනාරත්න දෙපොළයි. ඔන්න එහෙනම් බලන්නකො දෙන්නගෙ සිරි අසිරිය කොහොමද කියලා.