වර්ෂ 2015 ක්වූ ජූලි 09 වැනිදා බ්‍රහස්පතින්දා




විශ්ව ආදරණීය තාත්තා කෙනෙක්, මංජුලා මවක්

විශ්ව ආදරණීය තාත්තා කෙනෙක්, මංජුලා මවක්

ජනප්‍රිය නළු විශ්ව කොඩිකාර පියෙක් වෙලා. ඒ ටෙලි නාට්‍යකවත්, චිත්‍රපටයකවත් නෙවෙයි. විශ්ව පිය පදවිය ලබලා තියෙන්නේ සැබැ ජීවිතයේ ඔන්න ඉතින් හා හා පුරා කියලා ඒ ආරංචිය ඉස්සෙල්ලාම කිව්වේ අපි. කුලුඳුලේ විශ්වට ලැබිලා තියෙන්නේ දුවෙක්.

මේ දවස්වල විශ්ව මේ දූ සිඟිත්ත දිහා බලාගෙන ආදරණීය බලාපොරොත්තු එකතු කරනවාලු. තවම මේ දෝණිට නමක් තබා නැහැ. බොහොම ලස්සන අර්ථවත් නමක් ගැන විශ්ව හිත හිත ඉන්නවා කියලයි ආරංචිය.

විශ්වට දුවෙකු ලැබුණු ආරංචිය එනකොට තව කෙනෙකුට පුතෙක් ලැබුණා කියලත් අපට දැනගන්නට ලැබුණා. ඒ වෙන කවුරුවත් නෙවෙයි ඕලු ලෙස ජනාදරයට පත් වූ මංජුලායි. ඇයත් දැන් මවක්. හා හා පුරා කියලා ලැබුණු පුංචි දරු පැටියවත් බොහොම ආදරයෙන් තුරුළු කරගෙන මංජුලා සතුටින් කාලය ගත කරනවා කියලයි දැනගන්නට ලැබෙන්නේ.