|
මේ සියල්ල ජනතාව මට දීලා තියෙන්නේ ඔවුන් වෙනුවෙන් වැඩ කරන්න
රන්ජන් විවාදාත්මක කතාබහක
මුල්ම සිනමා රංගනය වෙනුවෙන් නිෂ්පාදකවරයාගෙන් ඔහුට ලැබුණේ දිවුල් කිරි වීදුරුවක් හා බත් පාර්සලයකි. එසේ රඟපෑ සමූහ දර්ශනයේ තමන්ගේ රුව දැක ගන්නට ඔහුට එම චිත්‍රපටය හත් අට වතාවක් නරඹන්නට සිදු විය. එහෙත් පසුකලෙක සිංහල සිනමාවේ ‘රන් සමනලයා’, ‘සිහින කුමරා’ ලෙසින් ජනාදරයට පාත්‍රවූයේ ද ඔහුමය. ඒ රන්ජන් රාමනායක බව නොදන්නේ කවුද? අංක එකේ ජනපි‍්‍රය නළුවා ලෙස සම්මාන පිට සම්මාන ලැබූ රන්ජන් වරෙක හොඳම නළුවාට හිමි ‘සරසවිය’ සම්මානයෙන් ද පිදුම් ලැබුවේය. දේශපාලනය පිළිබඳ ඔහුට ඇල්මක්, උනන්දුවක් ඇති වූයේ සිය මාමණ්ඩිය වූ ජනප්‍රිය නළු විජය කුමාරණතුංගයන් නිසාවෙනි. ක්‍රියාකාරී දේශපාලනයට පිවිස එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරයෙක්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වූ ඔහු මේ වන විට නියෝජ්‍ය අමාත්‍යවරයකු ලෙසින් වඩාත් පුළුල් ජනතා මෙහෙවරක නියැළී හිඳියි. රන්ජන් රාමනායක සිනමාවට වඩා අද දේශපාලන ලෝකයේ පුවත් මවන්නෙකි. ඒ ආන්දෝලනාත්මක දේශපාලන චරිතය දෙස අද මුළු රටම දෑස් දල්වා බලා හිඳී. මේ කතාබහට පසුබිම් වන්නේ ඔහුගේ දේශපාලන භූමිකාව හා තිරයෙන් පිටුපස ඔහුගේ දිවියේ අතිශය සොඳුරු ඉසව් පිළිබඳවය. මේ වෙනකොට රන්ජන් රාමනායක දේශපාලන ලෝකයේ වඩාත් කාර්යබහුල චරිතයක් බවට පත්වෙලා? ඔව්, ඇත්තටම. පසුගියදා මට දිවුලපිටිය ආසනයේ ප්‍රධාන සංවිධායක ධූරය පිරිනැමුවා. ඉන්පස්සේ තමයි කාර්ය බහුලත්වය වැඩි වුණේ. බොහෝ දවස්වල රෑ 11.00 – 12.00 වෙනකල් ඒ දේශපාලන වැඩ කටයුතුවල නිරත වෙනවා. ආසන බල මණ්ඩල රැස්වීම්වලට යනවා. මඟුල් ගෙවල්, මළ ගෙවල්, වගේම උත්සව අවස්ථාවන්වලටත් දිනපතාම සහභාගි වෙනවා. රටේ කොහේ හරි. ඊට අමතරව විවිධ රූපවාහිනී නාළිකාවල පැවැත්වෙන දේශපාලන වාද විවාදවලටත් සම්බන්ධ වෙනවා. කාල වේලාව කළමනාකරණය කර ගැනීම ලොකුම අභියෝගයක් වෙන්නැති....? මම නිදහස් මනුස්සයෙක්නේ. ඒ කියන්නේ පවුල් බරෙන් තොරයි. අනෙක් දේශපාලනඥයන්ට වගේ මට රකින්න පවුලක් නෑ. ඒ නිසාම ධන සම්පත් රැස් කරන්න අවශ්‍යතාවයකුත් නෑ. ආතතියෙන් තොර ජීවිතයක් මම ගත කරන්නේ. ඒ නිසා පූර්ණකාලීනව දේශපාලනයේ නියැළෙන්නට, ජනතා මෙහෙවරට කැපවෙන්න මට පුළුවන්. ඔබ දේශපාලනඥයෙක් විතරක් නෙවෙයිනේ. අපේ රටේ සුපිරි නළුවෙක්. ඒ නිසාම රන්ජන් රාමනායක ව්‍යායාම් කරලා වේලාවට ආහාරපාන අරගෙන ක්රමානුකූල ජීවිතයක් ගත කරපු කෙනෙක්. මම කියන්නේ අර ‘බොඩි මේන්ටේනින්’ කියන එක. දැන් එතකොට මේ දිවා රෑ නොබලා මහජන සේවයට කැපවීම කියන කාරණය තුළ කොහොමද ඒ සුපිරි ජීවිතය පවත්වාගෙන යන්නේ...? ශරීර සෞඛ්‍ය ගැන මම ඉස්සර වගේම උනන්දු වෙනවා. විශේෂයෙන්ම මානසික ආතතියෙන් තොරවීම නිරෝගී ජීවිතයකට හොඳ උත්තේජනයක්නේ. මට ආතතියක් නෑ. නින්ද අඩුවුණ දවස්වලට වාහනේ යනකොට වුණත් නිදාගන්න මට අවස්ථාව තියෙනවා. ව්‍යායාම් මදි වුණාම ඊළඟ දවසේ ටිකක් වැඩිපුර ව්‍යායාම් කරනවා. මේ හැමදේම හරියාකාරව මට කරගන්න පුළුවන් වෙන්නේ කාලය නිසි විදිහට කළමනාකරණය කර ගන්නා නිසයි. විජය කුමාරණතුංග එහෙම කාලය කළමනාකරණය කරගත්ත කෙනෙක්. එතකොට රුසියාවේ ජනාධිපති ව්ලැඩ්මීර් පූටින් දක්ෂ ටයිකොන්ඩෝ ශූරයෙක්. රට පාලනය කරන ගමන් ඔහු ඒවත් කළා. ඒ වගේම තමයි නරේන්ද්‍ර මෝඩි. ඔහු යෝග ව්‍යායාම් කරන්නත් වෙලාව සොයා ගන්නවා. ෆේස්බුක් එකෙත් ඉන්නවා. චෝගම් එකට ආපු වෙලාවේ මම දැක්කා ඩේවිඩ් කැමරන්. තවම තරුණයෙක් වගේ. ඔබ සඳහන් කළේ ලෝක පූජිත ජන නායකයන් කිහිප දෙනෙක් ගැන....? ඔව්. ඒ වගේ ජනනායකයෙක් වෙන්න ඉදිරියේදී බලාපොරොත්තුවක් තියෙනවාද? නෑ ඉතින්, අපි පරමාදර්ශී චරිත කරගන්න ඕනෑ ඒ වගේ අයනේ. නැතිනම් මේ කුඩුකාරයෝ, එතනෝල් කාරයෝ, මරුසිරාලා, පච්ච සිරාලා, කොච්චි ඇලාලා නෙවෙයිනේ. මහත්මා ගාන්ධි, නෙල්සන් මැන්ඩෙලා උදාහරණයට අරගෙන අපි අපේ දේශපාලනය ගමන්මග සකස්කර ගන්න ඕනෑ. එහෙම වුණොත් තමයි අපිට ජනතා ආශිර්වාදය ලැබෙන්නේ. මහත්මා ගාන්ධි කියන්නේ අවිහිංසාවාදයේ පියා. එතකොට මේ දේශපාලන භූමිකාවේදී රන්ජන් රාමනායක ටිකක් ප්‍රචණ්ඩයි නේ....? ඒක බොරු කතාවක්. ඒක මගේ යාළුවෝ හැමෝම දන්නවා. මිතුරන් රැසක් පිරිවරාගෙන, ඒ ගොල්ලන්ව විනෝදෙන් තියාගෙන ඉන්න කෙනෙක් රන්ජන් කියන්නේ. මම හිතන්නේ ඔබ කරපු ආ(ර්)ටිකල් එකක උදයකාන්ත වර්ණසූරිය පවා කිව්වා දර්ශන තලයේ ගත කරන්න කැමැතිම නළුවා මම කියලා. මට මතක විදිහට. ඔහුට මුණ ගැසුණු සුන්දරම නළුවා ඔබ කියලයි කිව්වේ....? ඔව්. උදය එහෙම කිව්වනේ. එතකොට මේ සුනිල් ටී. ප්‍රනාන්දු ඔබ සමඟම ප්‍රකාශ කළානේ ජීවිතේ විඳිනම නළුවා මම කියලා, විජය කුමාරණතුංගගෙන් පස්සේ. ඒක මමත් පිළිගන්නවා. ඒ නළුවා එහෙමනේ. නමුත් මම මේ ඇහුවේ දේශපාලන චරිතය ගැන? මම හැම වෙලාවෙම හිතන්නේ මෙහෙමයි අසංක. මට මාසෙකට වැටුපක් ගෙවනවා මේ රටේ ජනතාව. මගෙම කියලා නිවසක් නෑ. පාර්ලිමේන්තු මන්ත්‍රී නිල නිවාසවල මට ඉන්න නිවසක් දීලා තියෙනවා මේ රටේ ජනතාව. එතකොට මගේ ලයිට් බිල, වතුර බිල, ගෙවන්නේ මේ රටේ ඡන්දදායකයෝ. මගේ වාහනේට පෙට්‍රල් ගහන්නේ ඔවුන්. එතකොට මට වාහන පර්මිට් එකක් ලැබිලා තියෙනවා. ඒක දුන්නෙත් ජනතාව. මට විදේශ රටවලට යන්න ඩිප්ලොමැටික් පාස්පෝට් එකක් දීලා තියෙනවා මේ රටේ ජනතාව. මේ සියල්ල ජනතාව මට දීලා තියෙන්නේ ඔවුන් වෙනුවෙන් වැඩ කරන්න. සුවිශේෂ වරප්‍රසාද....? ඔව්. ඒ සුවිශේෂ වරප්‍රසාද දීලා තියෙන්නේ ඒකට, මට නිකං ගෙදර නිදියගෙන ඉන්න බෑ. මම පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඒ මාව පත්කරපු ජනතාවට හිංසා, පීඩා කරන, ඒ ජනතාවට කුඩු විකුණන, ඒ ජනතාවට එතනෝල් විකුණන හොරාට, හොරා කියන්න මම බැඳිලා ඉන්නවා. නැත්නම් මම හොරෙක්. මට හොරෙක්ට හොරා කියන්න බැරිනම් මමත් හොරෙක්නේ. මම ප්‍රචණ්ඩයි කියලා ඔබ කියන්නේ හොරාට, හොරා කියපු නිසා වෙන්නැති. මම සුනාමි හොරාට ‘සුනාමි හොරා’ කියනවා. කුඩු කාරයාට ‘කුඩු කාරයා’ කියනවා. එතනෝල් කාරයාට ‘එතනෝල් කාරයා’ කියනවා. කප්පම් කාරයාට ‘කප්පම් කාරයා’ කියනවා. මිනීමරුවාට ‘මිනීමරුවා’ කියලා කියනවා. ජනතාව ඔබෙන් බලාපොරොත්තුවෙන්නේ ඒ ඍජු බව.....? ඇත්තටම මාව පාර්ලිමේන්තුවට යවන්න ඡන්දය දුන් කිසිකෙනෙක් කණගාටු වෙන එකක් නෑ, මා වෙනුවෙන් තමන්ගේ ඡන්දය පාවිච්චි කළා කියලා. සමහර ඡන්ද දායකයෝ මට කියනවා ‘ඔබ තමයි පාර්ලිමේන්තුවේ කෙලින් කතා කරන එකම මන්ත්‍රීවරයා’ කියලා. ඒක මට විශාල ගෞරවයක්. ඒ ගෞරවය මට ලබා ගන්න මාව පාර්ලිමේන්තුවට එවපු සියලු දෙනාටම මගේ ප්‍රණාමය හිමිවෙනවා. දවසින් දවස පාර්ලිමේන්තුවේ ඔබ හොඳ කථිකයෙක් බවට පත්වෙමින් සිටිනා වගකුත් අපට පෙනෙනවා....? එහෙම පෙනෙනවා නම් ඒක මට සතුටක්. ‘පාර්ලිමේන්තු ගොළුවෝ’ කියල පිරිසකුත් ඉන්නවා. ඒක මේ මෑතකදී අගමැතිතුමාත් ප්‍රකාශ කළා. අවුරුදු හයටම වචනයක් කතා කරලා නෑ. නමුත් අවුරුදු පහකට පස්සේ ඒ අය ඉතාම අසාධාරණ විදිහට ලොකු විශ්‍රාම වැටුපක් ලබාගන්නවා. ඔබ දිවුලපිටිය ආසන සංවිධායක ධූරය බාරගත් සැනින්ම බස්නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංගත් එක්ක කොක්කක පැටලුණා. මොකද ඒ....? අනේ නෑ.... මම එතුමාගේ මිත්‍රයෙක්. එතුමාගේ පියාත් මම හඳුනනවා. එහෙම ආරාවුලක් නෑ. දේශපාලන ජීවිතයේදී ඉතිං ඔය වගේ පොඩි පොඩි දේවල් සිද්ධ වෙනවා. තමන් වටා ඉන්න ජනතාව සංතෝෂ කරන්න එයා එක එක දේවල් කියනවා. මම උත්තර දෙනවා. මම යමක් කිව්වම ඔහු උත්තර දෙනවා. ඒවගේ දේවල් දේශපාලනයේ තියෙන්න එපායැ. කර්කශ දේශපාලනයට පොඩි රහක් එකතු වෙන්නේ එතකොටනේ. වර්තමාන දේශපාලන රඟමඬලේ බහුලව දකින්න තිබෙන දෙයක් තමයි මේ එකිනෙකාට චෝදනා, අවලාද නඟා ගැනීම. පක්ෂ විපක්ෂ බේදයෙන් තොරව පොදුවේ මම මේ කියන්නේ. ජනතාව වෙනුවෙන් කරන්නට තිබෙන කාර්යභාර්ය, පැත්තක තියලා ඔවුන් මඩ ගසා ගන්නවා. රූපවාහිනී ප්රවෘත්ති බැලුවත් එහෙමයි. දේශපාලන වැඩසටහන් බැලුවත් එහෙමයි. මේ ප්‍රවණතාව එතරම් යහපත් දෙයක් නෙවෙයි ජනතාවගේ පැත්තෙන් බලපුවාම....? නෑ මම කියන්නේ මෙහෙමයි. අධිවේගී මාර්ග අටක් හදන සල්ලි වලින් හතරක් හදලා ඒ ඉතිරි හතරේ මුදල් සාක්කුවේ දාගන්නවා. සුනාමි ආධාර ආපුවාම ඒවා ජනතාවට බෙදා නොදී තමන්ගේ සාක්කුවේ දාගන්නවා. එතකොට අපි හිතමු. දීප්තිමත් රගර් ක්‍රීඩකයකු මරලා දානවා. මාධ්‍යවේදීයෝ පාරේ මරලා දානවා. මාධ්‍ය ආයතනවලට පහර දෙනවා. එක්නැලිගොඩ වගේ මාධ්‍යවේදීන් අතුරුදන් කරනවා. දැන් මේ ගැන කතා කිරීම මඩක් වෙන්නේ කොහොමද? මඩක් කියලා කියන්නේ මිනිහෙක් නොකළ දේකට බොරු චෝදනා නගන එකට. ඒ මඩ හැර බොහෝ දේශපාලනඥයන්ට තමන්ගේ දැක්මකුත් නෑ....? හොඳට මතක තියා ගන්න අසංක. අපේ රටේ හිම කුණාටු නෑ. සහරා කාන්තාර නෑ. ගිනි කඳු නෑ. එතකොට භූමිකම්පා නෑ. රට වටේට තියෙන්නේ මත්ස්‍ය සම්පත. ඕක හරියට කළමනාකරණය කරලා පිට රටව යවනවා නම් අපේ සහෝදරියන්ට පහළොවකගේ, විස්සකගේ වැසිකිළි කැසිකිළි හෝදන්න මැද පෙරදිග යන්න ඕනෑ නෑනේ. අපි එවැනි දැක්මවල් ඉදිරිපත් කරනකොට ඒකටත් කියන්නේ මඩ ගහනවා කියලා. ඔබේ මන්ත්‍රී නිල නිවාසයේ නිදන කාමරය, මුළුතැන්ගෙය පවා රටේ ජනතාවට ‘මුහුණුපොත’ හරහා ඔබ ප්‍රදර්ශනය කර තිබුණා මේ මෑතකදී....? ඔව්, මම ඒ සියල්ලම ෆේස් බුක් එකේ දැම්මා. මගේ වත්කම් බැරකම් පවා මම මුහුණු පොතේ දාලා තියෙනවා. ඕනෑම කෙනකුට ඒවා නිරීක්ෂණය කරන්න පුළුවන්. එවැනි ක්‍රියාදාමයකට ඔබ පෙළඹුණේ? එකක් මේ රටේ දේශාපාලකයන්ට පූර්වාදර්ශයක් දෙන්න. අනෙක ජනතාවට මගේ සැබෑ තත්ත්වය හෙළි කරන්න. පුෂ් සයිකලයෙන් ප්‍රාදේශීය සභාවට ඇවිත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙලා, ඊට පස්සේ ඇමැතිලා වෙලා හෙලිකොප්ටර් ගන්න රටක් මේක. අම්බලන්ගොඩ ෂෙඩ් එකකට එක්තරා දේශපාලඥයෙක් රුපියල් කෝටි දහ අටක් කෑෂ් ගෙනත් දුන්නා. මේ ජනතාවගෙන් කොල්ල කාපු සල්ලි. එහෙම චෝදනාවන්ට ලක් වූ අයනම් කියන්නේ ඒවා බොරු චෝදනා කියලා? මම දේශපාලන වේදිකාවේ නඟපු කිසිම චෝදනාවක් මම ඉල්ලා අස් කර ගන්නේ නෑ. මොකද ඒවා සියල්ල මට ඔප්පු කරන්න පුළුවන්. පසුගිය රජය එක්තරා ව්‍යාපාරිකයකුට තීරු බදු රහිතව ලැම්ගෝගිනි ගෙන්වන්න දුන්නා. ඩියුටි ගැහැව්වේ නෑ. එහෙම කොහොමද කාර් ගෙන්වන්නේ. මහා නායක හිමිවරුන් පවා විරුද්ධ වෙද්දී මහනුවර දළදා මාළිගාව ඉස්සරහ කාර් රේස් තිබ්බා ගණිකාවෝ ගෙන්නගෙන. මේ වැරදි හෙළි කිරීම මම හිතන්නේ මඩක් නෙවෙයි. මගේ යුතුකමක්. ඇමැතිවරයෙක් හැටියට බොහොම කෙටි කාලයයි නේද වරප්‍රසාද භුක්ති විඳින්න හම්බ වුණේ? නෑ ඉතින් මේක වරප්‍රසාදයක් නෙවෙයි. ජනතා සේවයක් කියන එක කියන්න ඕනෑ. එක පැත්තකින් ඒක කටු ඔටුන්නක්. ඒ කටු ඔටුන්න පැළඳගෙන අපි වැඩ කරන්නේ. නමුත් තවම මගේ අමාත්‍යාංශවල වැඩ කටයුතු කෙරෙනවා. පාර්ලිමේන්තුව විසිරුවා හැරියා කියලා බැහැ, රටේ වැඩ කෙරන්න එපායැ. අග්‍රාමාත්‍යවරයාත් තාම ඉන්නවා. ඊළඟ මැතිවරණය වෙනකල්ම ඒ වැඩ කෙරන්න එපායැ. අමාත්‍යාංශ කිහිපයක් ඔබ යටතේ පාලනය වෙනවා. තමන්ගේ දුක්ගැනවිලි කියන්න එන මහජනතාවට රන්ජන් ඇමැතිතුමා කිරි පැකට් එකක් දීලා එවනවා කියලා ඒ හැමෝම කියනවා? කවදාවත් මම මගේ අමාත්‍යාංශයේ මුදල් අව භාවිතයේ යොදවල නෑ. සමාජ සේවා, සුබසාධන අමාත්‍යාංශයට මාව හමුවන්නට එන ජනතාවට ලබා දෙන කිරි පැකට් එකට පවා මම මගේ පෞද්ගලික මුදලින් ගෙවලා තියෙනවා. පොල්ලක් තියලා නෑ. ඒ වගේම මාව හමුවෙන්න එන සියලු දෙනාම සතුටු කරලා, ඇතැම් විට මුදල් ආධාර පවා දීලා තමයි මම ඔවුන් ආපහු යවන්නේ. ඒ මොකද මට ලැබෙන වැටුපෙන් හතරෙන් එකක් පමණ මට ඇති මගේ අල්ලපේච්ඡ ජීවිතය නඩත්තු කරන්න. සමාජ සේවා, සුබ සාධන කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා හැටියට ඔබේ නිල කාලය තුළ ජනතාවට යම් මෙහෙවරක් වුණා කියලා හිතනවාද? නොමිලේ ඇස් කණ්ණාඩි, රෝද පුටු, කිහිලිකරු අපි බෙදා දුන්නා. එසේම මම වැඩිහිටි නිවාසවල ට උදව් කළා. විශ්‍රාම වැටුප මාස දෙකක් ප්‍රමාද වෙලා තිබුණා. එය එකවර ලබා දෙන්න මම මැදිහත්ව කටයුතු කළා. ඒ වගේම ඒ මුදල වැඩි කර දෙන්න. ඒ දේවල් කළා. එතකොට මැද පෙරදිග අපේ ශ්‍රමිකයන් වෙනුවෙන් කරන මැදිහත් වීම තාමත් මට පැවරී තිබෙනවා. අවුරුදු දහයක් තිස්සේ මම ඒ සම්බන්ධ කටයුතු කළ නිසා හොඳ කාර්යය මණ්ඩලයක් මට ලැබිලා තියෙනවා. ඔවුන් සමඟ කාර්යබහුලව ඒ කටයුතු කරගෙන යනවා. අද ඇතිවෙලා තියෙන දේශපාලන විපර්යාසය ඔබ දකින්නේ කොහොමද? ඒ කියන්නේ ජනවාරි 08 වැනිදා මේ රටේ ඇති වුණ වෙනස... නෑ මම ඇසුවේ හිටපු ජනාධිපතිතුමන් එළඹෙන මහා මැතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන්. එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් ප්‍රබල තරුණ ක්‍රියාකාරීන් පවා මේ සම්බන්ධයෙන් වත්මන් ජනාධිපතිතුමාට ඇඟිල්ල දිගු කරනවා? අපට හොඳ සටන් පාඨ නැතුව අපි අසරණ වෙලා හිටියේ. අපිට දැන් හොඳ ප්‍රතිවාදියෙක් ඉන්නවා. අද අපිට සටන් පාඨ පිරිලා. මම දකින විදිහට හිටපු ජනාධිපතිතුමාට පැමිණිලි හයදාහක් විතර තියනවා. ජ්. ඛ්. ධ්. ච්. එකේ පැමිණිලි පිරිලා. මහින්ද රාජපක්ෂ මහත්තයා වේදිකාවට ආවේ නැතිනම් අපි කතා කරන්නේ මොනවද අපේ වේදිකාවල. සිරිලිය ගිනුම් ගැන කතා කරන්නේ කොහොමද? ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන් කරපුවා, ලසන්ත වික්‍රමසිංහ ඝාතනය ගැන අපි කතා කරන්නේ කොහොමද? එතකොට සිරස ආයතනයට පහර දීපුවා. ඒත් ඔය චෝදනා ඔප්පු කරන්න බැරි වුණා නේද? මොන බොරුද? අපි තෝරු මෝරු අල්ලන්නේ නෑ කියලා චෝදනාවක් තිබුණා. ඒත් ජොන්ස්ටන් ප්‍රනාන්දු, සරණ ගුණවර්ධන, බැසිල් රාජපක්ෂ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන්න අපට පුළුවන්කම ලැබුණා. ඒ අයට අධි චෝදනා පවා ගොනු කර තිබුණා. හොරු තමයි කියන්නේ හොරු ඇල්ලුවේ නෑ කියලා. ඛ්. ධ්. ච්. එක බ්‍රයිබරි කොමිෂන් එක, ජ්. ඛ්. ධ්. ච්. එක අද මේ හොරුන්ට නයාට අඳු කොල වගේ. ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කර තිබෙනවා? ඔව්. අපි ඒ විමර්ශන කටයුතු මේ වෙන කොට ඉතා හොඳින් කරගෙන යනවා. ප්‍රසන්න රණතුංග සහ බිරියගේ ඉඩම් ගොඩ කිරීමේ ප්‍රශ්නයක් ගැනත් කටයුතු කරගෙන යනවා. මේ විමර්ශන කටයුතු දවසින් දෙකින් කරන්න අමාරුයි. ජනවාරි 08 වැනිදා අපි බලයට ආවේ මේ හොරු, දූෂකයෝ අල්ලන බවට ප්‍රතිඥා දීලා.ජනතාව අපිට බලය දුන්නේ ඒකට. ආණ්ඩු පක්ෂයේ ඇමැතිවරුන්ගේ පවා පැමිණිලි විභාග වෙනවා දැන්. දේශපාලන ලෝකයේ පෙරළිකාර චරිතයක් වෙන්න, වෙන්න රන්ජන් රාමනායක කියන නළුවාගේ ජනප්‍රියත්වයට, කීර්තියට යම් බලපෑමක් හානියක් සිදු වෙයිද? මම නම් හිතන්නේ නෑ එහෙම. දේශපාලනයේදී නිහඬ චරිතයක් බවට පත් වෙන්න මටත් තිබුණා. එහෙම වෙලා සනත් ජයසූරියට මොකද වුණේ. ක්‍රිකට් ක්‍රීඩකයෙක් හැටියට ඔහු ලෝකයක් දිනා ගත්තා. ඒත් දේශපාලනයේදී ඒක කරන්න බැරි වුණා. සුසන්තිකා ජයසිංහටත් ඒ දේම වුණා. පසුගිය කාලේ නළු, නිළියෝ බොහෝ දෙනෙක් දේශපාලනයට ආවානේ. ඡන්දවලට ඉදිරිපත් වුණානේ. වැඩි පිරිසක් අසාර්ථක වුණානේ. නමුත් රන්ජන් රාමනායකට එහෙම වුණේ නෑනේ. පාර්ලිමේන්තුවට ගිය නළු, නිළියන් කලාව වෙනුවෙන්, කලාකරුවෝ වෙනුවෙන් යමක් කළේ නෑ කියලා චෝදනාවක් තියෙනවා. නමුත් මම තමයි මුලින්ම පාර්ලිමේන්තුවේ කතා කළේ අපේ ටෙලි නාට්‍යය නිෂ්පාදකයන්ට සිදු වූ අසාධාරණය ගැන. ඔවුන්ගෙන් කප්පම් ගත්ත එක ගැන. කවුරුවත් මේවා කතා කළේ නෑනේ. මේ වෙනුවෙන් පත් කළ උපදේශකවරුන් පවා නිහඬව හිටියා. කලාකරුවන්ට නිවාස ලබාදීමේ වැඩ පිළිවෙලකටත් ඔබ මුල පුරා තිබෙනවා? අනිවාර්යයෙන්ම. මම කියපු දෙයක් කවදාවත් වෙනස් කරලා නෑ. ඒ නිවාස ව්‍යාපෘතිය සඳහා ඉඩම් වෙන් කරලා ඉවරයි. ඉඩම් මැනලා ඉවරයි. ඒවා අනිවාර්යයෙන්ම කලාකරුවන්ට අපි ලබා දෙනවා. දැනටමත් තුන්සිය පනහක ලිස්ට් එකක් අපිට ඇවිල්ලා තියෙනවා. සියල්ලන්ටම අපි සාධාරණය ඉටු කරනවා පොදුවේ හැම කලාකරුවකුටම මේ අවස්ථාව ලැබෙනවාද? ඔයගොල්ලන්ට තේරෙයි ගෙවල් දුන්නට පස්සේ. වෙන ස්්ටේජ්වලට නැගපු අය, වෙන පක්ෂවලට වැඩ කරපු අය කියා අපි ඔවුන්ව ලිස්ට් එකෙන් කපන්නේ නෑ. වෙන ආණ්ඩුවලින් ගෙවල් ගත්ත අයත් අද අසරණ වෙලා ඉන්නවා නම් ඔවුන්ටත් අපි පිළිසරණක් වෙනවා. ‘අලුත් තරුවක්’ අපේ සිනමාවට බිහිවෙලා කියලා අද බොහෝ දෙනෙක් කියනවා. ඔබේ නළු ජීවිතය ඒ නිසා අභියෝගයකට ලක් වෙලාද? නැතිනම් තවමත් අපේ සිනමාවේ සුපිරි නළුවා ඔබද? මම සුපිරි නළුවා කියලා තමන්ම කෑගහගෙන වැඩක් නෑනේ. ඕනෑම කෙනෙකුට තවත් සුපිරි නළුවෙක් කියාගන්න පුළුවන්. ඒක බොහොම ලේසියි. ඒ වගේම අංගොඩ ඉන්න පිස්සොත් එහෙම දේවල් කියනවා. සමහර පිස්සෙක් කියනවා මම ඇමරිකාවේ ජනාධිපති කියලා. මම බැරක් ඔබාමා කියලා කියන පිස්සොත් ඉන්නේ මේ රටේ. නමුත් ඒක මිනිස්සු පිළිගන්නේ නෑනේ. ජනතාව දන්නවා තමන් වෙනුවෙන් සටන් කරන පුද්ගලයා කොතනද තියන්නේ කියලා. අට වතාවක් කූපන්, එස්. එම්. එස්. නැතුව පීපල්ස් අවෝඩ් එකෙන් ජනප්‍රියම නළුවා හැටියට ජනතාව මාව තෝරා ගත්තා. මම බත් පාර්සලේට, සමූහ දර්ශනයකට පෙනී හිටිය අතිරේක නළුවෙක්. එහෙව් මට ජනතාව ලබා දුන්න මේ දේවල් මහ මෙරටත් වැඩියි. ඕනෑවටත් වඩා වැඩියි. ඒ කියන්නේ ඔබේ විශ්වාසයට අනුව තවමත් ශ්‍රී ලංකාවේ ජනප්‍රියම නළුවා රන්ජන් රාමනායක? අනේ නෑ මම කවදාවත් එහෙම කියන්නේ නැහැ. හරි ලැජ්ජා සහගතයි, හරි කුහකයි එහෙම තමුන් ගැන කියා ගැනීම. මම ජනප්‍රියම නළුවාද නැද්ද කියලා කියන්න ඕනෑ ලංකාවේ ජනතාව. මැතිවරණවලදී ඒක පෙනුණා. රූපවාහිනී වාද විදාවලදී ඒක පෙනුණා. සම්මාන උළෙවලදී ඒක පෙනුණා. ඒ සියල්ලම පසුපස සිටින්නේ මගේ රසිකයෝ. මේ රටේ පොදු ජනතාව. ඒ අය හෙට මාව සිංහාසනේ තිබ්බොත් මම ඒක භාර ගන්නවා. ඒ වගේම ඇපවත් නැතිව මාව නන්නත්තාර කරලා පල කියලා ගෙදර යැව්වොත් ඒකත් මම පිළිගන්නවා. ඒ දෙකටම මම මුහුණ දෙන්න සූදානම්. අපේ සිනමාවේ ඇතැම් නිළියෝ මේ දවස්වල ඉන්නේ ටිකක් කැළඹීමෙන්ලු? ඇයි ඒ? ඇයි ප්‍රවීණ මාධ්‍යවේදී අර්නස්ට් වඩුගේ ඔබේ ජීවිතයේ සත්‍ය තෙරතුරු පාදක කරගෙන ලියන්නට යන ‘ජනරංජන රන්ජන්’ කෘතිය ගැන ආරංචි වෙලා? මම තිරයේ පෙම් කළ, ඒ වගේම සැබෑ ජීවිතයේදී පෙම් කළ නිළියෝ අද හොඳ විවාහ ජීවිත ගත කරනවා. කවදාවත් ඒ අය අපහසුතාවයට පත් වෙන දේවල් මේ පොතට ඇතුළත් වෙන්නේ නැහැ. රමණී එක්ක තිබුණු ප්‍රේම සම්බන්ධය ගැන කියන්න මම ඇයගේ මවගෙන් අවසර ගත්තා. එතකොට දිල්හානිගේ පෙම් පලහිලව්ව කියන්න දිල්හානිගෙන් සහ ප්රියංකරගෙන් අවසර තියෙනවා. සමහර නිළියෝ පිටරට ඉඳන් කතා කරලා ඔවුන් සමඟ ඔබේ තිබූ පරණ ප්‍රේම සම්බන්ධතා ගැන ආයෙත් මතක් කරනවාලු? ඔව්. ඇමරිකාවෙනුත් මට කතා කළා එක් නිළියක්. ‘අනේ රන්ජෝ, අපේ ලස්සන කතන්දර තියෙනවානේ. ඒවාත් කියන්න. කිසි අවුලක් නැහැ’ කියලා ඈ කිව්වා. හැබැයි එයාගේ නම නොදා. වඩුගේ මහත්තයාට මම මේ සේරම කිව්වා. මට බොරු කියලා පුරුද්දක් නැහැ. ඒ නිසා මම ප්‍රේම කරපු ඒවා, ප්‍රේමයෙන් පරාජය වූ ඒවා, බූට් කාපුවා මේ සේරම කියනවා. එතකොට ගෑනු ළමයි අමාරුවේ දාපුවා? අනේ නැහැ, මම කවදාවත් එහෙම කරලා නැහැ. ඇත්තමයි මේ කියන්නේ. ‘ජීවිතේ ලස්සනයි’ චිත්‍රපටයේදී එකපාර ‘ගිනි කිරිල්ලියෝ’ හතර දෙනෙකුට ලව් කළා නේද? හතර දෙනාට හොරෙන් හතර දෙනාටම ලව් කරන එක අමුතු ගේමක්නේ. ඒ හතර දෙනාම මගේ පෙම්වතියෝ. හතර දෙනා එක්කම සිංදු කිව්වා. හතර දෙනාටම ආදරේ කළා. හරි අමාරු කේස් එකක්නේ මේක. කාගෙවත් හිත රිදවන්නත් බැහැ. ඒ නිසා කාටවත් වැඩි සැලකිල්ලකුත් බැහැ. ඒ හතර දෙනාටම එක සමානව ආදරය බෙදිලා ගියා. ඇත්තටම ජීවිතය ලස්සනයි කියලා හිතුණා එතකොට. සිනමාවේ ‘රන් සමනළයා’, ‘සිහින කුමරා’ ගේ ආදර හුටපට සේරම අකුරක් නෑර කියවන්න, ඒ රසමුසු තැන් හදවතින් විඳගන්න එතකොට ‘ජනරංජන රන්ජන්’ කෘතියෙන් අපිට හැකි වෙනවා? මෙහෙමයි ඉතිං. සමහර විට නාමිකව යම් යම් පෙම්වතියො ගැන සඳහන් වෙන එකක් නැහැ. මොකද ඒ අය තමන්ගේ ස්වාමි පුරුෂයෝ දරුවො එක්ක අද සතුටින් ජීවත් වෙනවා. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. කාටද ඒ අතරින් වැඩියෙන්ම ආදරය කළේ? ඒක මට නිශ්චිතවම හරියටම කියන්න බැහැ. මගෙන් ගොඩක් පුවත්පත් කලාවේදීන් අහනවා අහවල් නළුවා, නිළිය කියනවලු රඟපාන කොට ඒ චරිතයට කැප වෙලා, දැහැන්ගත වෙලා හිටපු නිසා කිසිම ආදරණීය හැඟීමක් ඒ අයට පහළ වුණේ නැහැ කියලා. ඇත්තටම ඔබටත් එහෙමද? අනේ අම්මේ මට නම් බොරු කියන්න බැහැ. සෙට් එකේදී කවුරු හරි නිළියකට මම ආදරය කළොත් ඒක ඇත්තටම මට දැනෙනවා. මම ඒක විඳිනවා. ඇයි ඒවා හංගගෙන මම මගේ ආදරණීය ප්‍රේක්ෂක ජනතාවට බොරු කියන්නේ.
|