වර්ෂ 2015 ක්වූ ජූලි 09 වැනිදා බ්‍රහස්පතින්දා




කිරි කොකාට පන්සල මාරු වෙලා

කිරි කොකාට පන්සල මාරු වෙලා

බෙල්ලන්විල පන්සලයි ගංගාරාමෙ පන්සලයි මාරු වෙච්ච නළුවෙකු ගැන අහලා තියෙනවාද? ඒ වගේම සමාජයේ ගෞරවාදරයට පාත්‍ර වූ මෙම පන්සල් දෙක පිළිබඳ නොදන්නා කෙනෙකු ද නැති තරම්. ඒත් එක්තරා නළුවකුට මේ පන්සල් මාරු වුණා. ලැජ්ජාවේ බැහැ. මේ නළුවා වෙන කවුරුවත් නෙවෙයි සුගත් ජානක. සුගත්ට බෙල්ලන්විල පන්සලේ පැවති මුහුරත් උළෙලට ආරාධනා ලැබුණා. ඔහු ඉතින් එදා උදේ පන්සලට යන්න ලැහැස්ති වුණේ කිරි කොකෙක් වගේ සුදට සුදේ ඇඳලා ගෙදරින් පිටත් වුණා. සුගත් ටික වෙලාවකට පසු එම නිර්මාණයේ අධ්‍යක්ෂවරයාට කතා කළා.

කොහෙද මුහුරත් එක තියෙන්නේ?

සුගත් එහෙම අහද්දි අධ්‍යක්ෂවරයා කිව්වා පන්සල ඇතුළේ කියලා.

කොහොම හරි දෙන්නාගේ සංවාදය අතරතුරදි අධ්‍යක්ෂවරයාට තේරුණා සුගත් ඇවිල්ලා තියෙන්නේ බෙල්ලන්විල නෙවෙයි කියලා.

උඹ බෙල්ලන්විල නෙවෙයිද ඉන්නේ?

අධ්‍යක්ෂවරයා බැරිම තැන එහෙම ඇහැව්වේ කේන්තියෙන්.

බෙල්ලන්විල? පිස්සුද මං ඉන්නේ ගංගාරාම පන්සලේ.

පස්සේ සුගත් බෙල්ලන්විලට ඇවිල්ලා. හැබැයි එතකොට මුහුරත් එක නම් ඉවරයි. සුගත්ට කිරිබතුත් නැහැ. ප්ලේන්ටිත් නැහැ.