උපන්දින තෑග්ගට නිවාඩුවක්
උපන්දින තෑග්ගට නිවාඩුවක්
රන්වීර් සිං පසුගිය 06 වැනිදා සිය තිස් වැනි උපන්දිනය සැමරුවා. මෙවර උපන්දිනයට
රන්වීර්ට තෑග්ග කලින්ම දුන්නේ චිත්රපට අධ්යක්ෂ සන්ජේ ලීලා බන්සාලි. ඔහු රන්වීර්ට
රූගත කිරීම් වෙනුවෙන් වෙන් කර තිබූ කාලයෙන් දින හතරක නිවාඩු ලබා දුන්නේ මෙවර
උපන්දිනය සැමරීම වෙනුවෙන්.
රන්වීර් ඒ නිවාඩුව යොදා ගත්තේ පවුලේ සාමාජිකයන් සමඟ ගත කරමින්. ඒ වෙනුවෙන් මව්පියන්
සහ සහෝදරිය සමඟ රන්වීර් විනෝද චාරිකාවත් යොදා ගෙන තිබූණා. ඔහුගේ ආදරණීය පෙම්වතිය
දීපිකා පදුකෝනුත් මේ ගමනට සහභාගි වෙලා තියෙනවා.
2010 වසරේදී බෑන්ඩ් බාජා බාරාත් චිත්රපටයෙන් සිනමාවට පිවිසි රන්වීර් බොම්බේ
ටෝකීස්, ලුතේරා, ගුන්ඩේ, රාම් ලීලා වැනි සිනමා නිර්මාන වෙනුවෙන් තම රංගන දායකත්වය
ලබා දුන්නා. මේ දිනවල ඔහු රඟ පෑ දිල් ධක්නේ දෝ චිත්රපටය තිරගත වෙනවා. රන්වීර් මේ
දිනවල සන්ජේ ලීලා බන්සාලිගේ බජිරාවෝ මස්ථානි චිත්රපටයේ රූගත කිරීම් සඳහා දායක
වෙමින් සිටින්නේ.
යතේජා ඥානරත්න
|