වර්ෂ 2015 ක්වූ ජූලි 09 වැනිදා බ්‍රහස්පතින්දා




උදයකාන්තගෙන් ආයෙත් බෝනස්

උදයකාන්තගෙන් ආයෙත් බෝනස්

සාමාන්‍යයෙන් අතීතයේදී සිනමාපටයක් දින 75 ක් හෝ 100 ක් තිරගත වුණායින් පසුව බෝනස් ලබා දුන්නා. ඒ සංස්කෘතිය එන්න එන්න මැකී වියැකී ගියේ මෑතකාලීනව බිහි වූ සිනමාපටයන්හි වැඩි ප්‍රමාණයක් ප්‍රමාණවත් ආදායමක් නොමැතිව ඉතා ඉක්මනින් ගැලවී යාමත් සමඟයි. එහෙත් උදයකාන්ත වර්ණසූරිය නැවතත් චිත්‍රපටයක බෝනස් ලබාදීමේ වැඩ පිළිවෙල ආරම්භ කළා. ඒ ඔහුගේ කොස්තාපල් පුඤ්ඤසෝම චිත්‍රපටයත් සමඟින්.

උදයකාන්ත එයින් අනතුරුව නිර්මාණය කළ ගින්දරී චිත්‍රපටය වෙනුවෙන් ද බෝනස් ලබාදීමක් සිදු කළා. ඒ ගින්දරීට දින 75 ක් පිරුණු පසුගිය ඉරිදා දින. කොළඹ රීගල් ශාලාවේදියි මෙම කටයුත්ත සිදු කෙරුණේ. ඒ සඳහා චිත්‍රපටයේ රඟපෑ නළු නිළියන් රැසක් පැමිණ සිටියා. එදින සවස 6.30 දර්ශනයට පැමිණි සිනමාලෝලීන් වෙනුවෙන් ද ත්‍යාග පිරිනැමීමක් සිදු කෙරුණා. මේ එහි අවස්ථාවන් කිහිපයක් සේයාරූ ගත වූ අයුරුයි.