|
ජින්ජර් සමඟ රොෂාන් පිලපිටිය ගැයූ ගීයක් නුවරඑළියේ සිට මඩකලපුව දක්වා රූගත කරලා
මල් තුහිත පතිත වන හිමිදිරියේ නුවරඑළිය නගර මධ්‍යයේ රැව් පිළිරැව් දෙන්නට වූයේ මියුරු ගීතයකි. එම ගීත රාවයට ප්‍රධාන බස් නැවතුම ඉදිරියේ සොඳුරු යුවතියක සහ සිංහල සිනමාවට පායන නවතම විකට නළු බින්දු බෝතලේගම රඟපාන්නට වූයේ නුවරඑළිය වැසියන්ගේ සීතල පහ කරමිනි.
වයි ෆයි නිකන් ලැබුණා මගේ තමයි පින පෑදී එලෙස රඟන එම සොඳුරු යුවතිය තේජාය. තේජා යනු මැද පොඩ්ඩක් පැත්තක් නෑ නම් වූ සිංහල චිත්‍රපටයේ ප්‍රධාන නිළියයි. තේජා ලෙස රඟනුයේ මාධි පණ්ඩිතරත්නයි. ඇයද නවක නිළියකි. බින්දු සිටින තැන පාළුවක් නැත. ඔහුගේ මුවින් නිතර ගලා එන්නේ විකට වදන්ය. ඔහු ඕනෑ දෙයකට කියන්නේ අල්ලපිය. ඒ බින්දුගේ ගම්පියස වූ ඇඹිලිපිටියෙන් ආ වචනයකි. නුවරඑළිය නගරයේ රූගත කිරීමෙන් අනතුරුව මැද පොඩ්ඩක් පැත්තක් නෑ චිත්‍රපට කණ්ඩායම පැමිණීයේ නුවරඑළිය ග්‍රෙගරි වැව රවුමේ පිහිටි දර්ශණීය ග්‍රෙගරීස් උද්‍යානයටය. ඒ වන විට නුවරඑළිය නගරාධිපති මහින්ද දොඩම්පේ ගමගේ සහ නුවරඑළිය මාධ්‍යවේදී ඩග්ලස් නානායක්කාරගේ සහාය නිසා එහි රූපගත කිරීම් සඳහා සියලු පහසුකම් සලසා තිබිණ. මේ නිසා බින්දු බෝතලේගම තවත් අලුත්ම හඳුන්වාදීමක් වන අමීරා දිව්‍යාංජලී සමඟ වැව රවුමේ පෙම් සුව විඳින්නට වූයේ පොලිස් පරීක්ෂක ප්‍රදීප් සහ ඔහුගේ බිරිඳ තාරුකා ලෙසය.
සංසාරේ ඔයා ලංවීලා ආවේ මෙහි තවත් යෞවනයකු සහ යෞවනියක සිටී. ඒ නිහාල් ලෙස රඟන ඉන්දික දේශප්‍රිය සහ සබීතා ලෙස රඟන දිල්හානි වීරසිංහය. ඔවුන් දකින කවුරුත් සිතන්නේ මේ සිනමාවේ පමණක් පෙම් යුවළක් නොවන බවය. තක්කෙට කැපෙන පෙම් යුවළකි. ඒ බින්දුගේ අදහසය.
ආදර ගීතේ රැව් දේවී සීතේ මනරම් දිනයක් නිමා කිරීමට කාලය එළඹ ඇත. අවට පරිසරය හිරිගඩු නඟන සීතල සහ මීදුමෙන් වැසී යයි. අදට නවත්වමු. අපි ලොජ් එකට යමු. ඒ අධ්යක්ෂ කල්‍යාණ චන්ද්‍රසේකර ගේ අදහසය. ඒ අදහස සැවොම පිළිගත්තේ මහත් සතුටෙනි. මදනල සමඟ මුසුව එන සීතල මකා ගැනීමට බින්දුට නම් අවශ්‍යම දෙයකි. රාත්‍රිය මිහිරිය. ඒ මිහිර ආලෝකමත් කරන්නේ මාධි සමඟ දිල්හානි හා අමීරාගේ මියුරු ගීත රාවය සහ රංගනයෙනි. කට්ටියම එක පවුලේ අයය. සාදයට අවශ්‍ය අඩුම කුඩුම සාදන්නේ ඉන්දිකය. ඒ ඉන්දිකට රසට පිසීමේ හැකියාව ඇති නිසාය. කුකුල් මස් කැපීම නම් භාර ගන්නේ බින්දුමය. එයට බින්දු ඉතාමත් දක්ෂය. ඔහුගේ සහායට තුෂානි නදීශා සහ ෂෙහාරා පාරමී ද එක් වේ. ඊළඟ දින රූපගත කිරීම ඇල්ල සහ රාවණ ඇල්ල ප්රදේශයේය. මාධිගේ ආකර්ශණයට රාවණ ඇල්ල නැරඹීමට පැමිණි ජපන් ජාතික සංචාරක කණ්ඩායමක් වශී වී බලා සිටියි. එහි වාසියත් බින්දුටමය . බණ්ඩාරවෙල නගර මධ්‍යයේ සාප්පු සංකීර්ණයකට ගිය බින්දුගේ අමුතුම රංගනයකි. එහි ඇති විශාල වීදුරු කණ්නාඩියක් ඉදිරියේ බින්දු තනියම රඟයි. මම බින්දු බෝතලේගම. මම රඟපාන්නේ මගේ හැකියාවෙන්. ඒ රංගනයත් සමඟ බින්දුගේ ඉරියව් බලා සිටින අයට ගෙන දෙන්නේ මහත් ආශ්වාදයකි. එහෙත් එය ඉන්දික සහ දිල්හානිට නම් සිනහව නවතා ගත නොහැකි සිදුවීමකි. තවමත් බින්දුට මේ සිදුවීම මතක් කරන විට ඔහු කියන්නේ අල්ලපිය . . . නුවරඑළිය, කඳපොල, ඇල්ල, බදුලුඔය පසුකර ඊළඟ රාත්‍රිය මැද පොඩ්ඩක් පැත්තක් නෑ චිත්‍රපට කණ්ඩායම පැමිණෙන්නේ ගී ගයන මසුන් සිටින මඩකලපුවටය. පසුදා හිමිදිරියේ සුප්‍රකට මඩකලපුව කල්ලඩි පාලම මත ඉන්දික සහ දිල්හානි රඟන්නේ ජනතාව එක් රොක්ව බලා සිටිද්දීය. ඔවුන්ට ජනතාව රොක් වී බලා සිටින බවක් නොහැඟේ. අධ්යක්ෂ අවශ්‍ය උපදෙස් ලබාදීමෙන් පසු ඔහු කැමරා අධ්යක්ෂ දයා සූරියආරච්චිට දර්ශනය රූපගත කළ යුතු ආකාරය පවසයි. ඇක්ෂන් . . .
සුංගාරේ වෑහේ නිල් පාට දෑසේ මේ ආකර්ෂණීය පෙම්වතුන් මැද පොඩ්ඩක් පැත්තක් නෑ තුළින් අලුත් නළු නිළියන් රැසක් සිංහල සිනමාටව පායා එනු ඇත. මේ නව රටාවත්, නව ලතාවත් රැගෙන ඒමට මැද පොඩ්ඩක් පැත්තක් නෑ චිත්‍රපටයේ සංගීත අධ්යක්ෂ සරත් වික්‍රම ගෙන දුන් සංගීත නිපුණත්වය ඔබට මතු දිනක රස විඳිය හැක. ඒ සංගීත රසය දෙගුණ තෙගුණ කරමින් ප්‍රථම වරට චිත්‍රපට පසුබිම් ගායනයට එක් වන්නේ වේදිකාවේ ගිණිසිළුව ජින්ජර් සමඟ රොෂාන් පිලපිටියයි. ඔවුන් දෙදෙනාගේම කුළුඳුල් චිත්‍රපට ගීතයයි ‘වයි ෆයි නිකන් ලැබුණා වගේ තමයි පින පළඳී’. මෙය චන්ද්‍රදාස ප්‍රනාන්දුගේ රචනයකි. ආදර ගීතය ද ගයනුයේ නව පරපුරේ ප්‍රදීප් අංජන සහ ගයාත්‍රි රාජපක්ෂය. එය ද චන්ද්‍රදාස ප්‍රනාන්දුගේ රචනයකි. මේ ගීත ජවනිකා සාර්ථකව රූපගත කිරීමට නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එඩ්වඩ් මහේන්ද්‍ර, සහකාර පොලිස් අධිකාරි ජී. විමලදාස, පොලිස් පරීක්ෂක සම්පත් බණ්ඩාර මෙන්ම ප්‍රභාත් කුලතුංග, ප්‍රභාත් දුෂ්මන්ත, කෝලිත නිරෝෂන් සහ බී. මුතුකුමාරණ වැනි පොලිස් නිලධාරීන් දුන් සහාය නොවන්නට මෙලෙස නුවරඑළිය නගර මධ්‍යයේ චිත්‍රපට ගීතයක් රූපගත කළ නොහැකි වනු ඇත. එමෙන්ම මඩකලපුව, පාසිකුඩා, ත්‍රිකුණාමලය ප්‍රදේශවල රූපගත කිරීමේදී බ්‍රිගේඩියර් ප්‍රසාද්, බ්‍රිගේඩියර් නිශාන්ත මෙන්ම බ්‍රිගේඩියර් ඇලෙක්සැන්ඩර් දුන් දායකත්වය ද සුළුපටු නොවේ. මැද පොඩ්ඩක් පැත්තක් නෑ චිත්‍රපටය සාර්ථක කර ගැනීමට රංගන දායකත්වය ලබා දෙන සෙසු නළු නිළියන් වනුයේ ප්‍රේමදාස විතානගේ, දයාසිරි හෙට්ටිආරච්චි, ආරියසේන ගමගේ, සුනිල් ශ්‍රී, රූපා ගෝමස්, මානෙල් චන්ද්‍රලතා, තුලිත වෛද්‍යකීර්ති, රුවන් අමරසේකර, හෙලන් රෙනෝල්ඩා, මංජුල බණ්ඩාර, තුෂාර ප්‍රගීත්ය. වේශ නිරූපණයෙන් ගාමිණී කොස්තා ද, කලා අධ්යක්ෂණෆයන් ප්‍රසාද් උඩුගමසූරිය ද, සහාය අධ්‍යක්ෂණයෙන් ලලින්ද්‍ර ප්‍රනාන්දු ද, ශබ්ද පරිපාලනයෙන් සසික රුවන් මාරසිංහ ද, නිෂ්පාදන කළමනාකරණයෙන් ගුණවර්ධන එදිරිසිංහ ද දායක වන මැද පොඩ්ඩක් පැත්තක් නෑ නිෂ්පාදනය ඒ. පාරිස්ටර් ගෙනි. මැද පොඩ්ඩක් පැත්තක් නෑ කල්‍යාණ චන්ද්‍රසේකර අධ්‍යක්ෂණය කරන කුළුඳුල් චිත්‍රපටයයි. පුරා දින හතරක ගීත රූගත කර අවසන් කර පැමිණියද පාසිකුඩා වෙරළ තීරයේදී සහ ත්‍රිකුණාමලය මඩකලපුව යා කරන නවතම පාලම ආශ්‍රිතව මාධි පණ්ඩිතරත්න සමඟ බින්දු බෝතලේගම කළ රංගනය මා හට තවමත් මැවී පෙනේ.
කට්ට කාලා කාලා හොයපු ආලේ ඒ අවට ප්‍රදේශවල ජනතාව එම රංගනයෙන් මුසපත්ව තවමත් ඔවුන් රඟන අයුරු මට මැවී පෙනෙයි.
|