|
ගම වැලිමඩ, ඉන්නේ දෙල්කඳ
මේ දිනවල සිරස ටී. වී. ඔස්සේ විකාශය වන උතුම් පැතුම් ටෙලි නාට්‍යයේ හංසිකාගේ චරිතය නිරූපණය කරන්නේ ඇයයි. රශී ද සිල්වා. ඇය කියනවා ඇය ටිකක් කම්මැලි නිළියක්ලු. රංගනයන සඳහා ලැබෙන ආරාධනා සෑම එකක්ම බාර ගන්නෙත් නැතිලු. ඒකට හේතුවත් ඇය කිව්වා. මේ කතා සියල්ල එක්ක රශී කියන්නේ මොනවාද කියලා අපි බලමු.
රශී මොකද කම්මැලි? අනේ මන්දා මගේ උපන් හැටි වෙන්න ඇති. ඔහොම පුළුවන් ද නිළියක් වුණාම? මං සාමාන්‍යයෙන් එකවර නාට්‍ය දෙකක් බර ගන්නේ නැහැ. ඒකට හේතුව නම් කම්මැලිකම නෙවෙයි. මං ආසයි රඟපාන එක ටෙලි නාට්‍යයක වුණත් කැපවීමෙන් රඟපාන්න. ඒකද ලැබෙන සෑම ආරාධනාවක්ම බාර නොගන්නේ? හරියට හරි. අනික මං ඕනෑවට වඩා කාර්යබහුල වෙන්නත් ආස නැහැ. ලැබෙන චරිතය උපරිමයෙන් රඟපානවා. කොහොමද හංසිකාට ලැබෙන ප්‍රතිචාර? විවිධාකාරයි. එක එක අයගෙන් එක එක විදිහෙ ප්‍රතිචාර ලැබෙනවා. රශී කොයි කාලේ වගේද රංගනයට පිවිසෙන්නේ? මගේ මුල්ම ටෙලි නාට්‍ය ඒකාංගික නාට්‍ය මාලාවක්. එය අධ්‍යක්ෂණය කළේ ප්‍රියන්ත කොළඹගේ. වර්ෂය කිව්වොත් 2000 දී විතර. නත්තල වෙනුවෙන් විකාශය වුණු එහි නම නත්තල් අමුත්තා සහ පප්පා සීයා ඇවිත් ගියා. ප්‍රියන්ත මහත්තයා මාව පින්තුරෙකින් දැකලයි නාට්‍යයට කතා කළේ. එතකොට මට වයස අවුරුදු 15 යි. එයින් පසුව ඔබ රඟපෑ නාට්‍ය පෙළ මතක් කළොත්? අග්නි කංකාරිය, සුවඳ හමන මනමාලි, සීතාවෝ, සපුමලී, නිල් අහස ඔබ, නිලංජනා, කුණු දැමීම තහනම්, හිරුට හොරෙන්, දෙකොණ ගිනි, ඉතිං ඊට පස්සෙ, රන්තරු, උතුම් පැතුම්. මේ අවුරුදු පහළොව තුළදී ඔබ නාට්‍ය අතලොස්සයි රඟපාලා තියෙන්නේ. ඔබට පස්සේ ආව අය අද ඔබට වැඩිය ජනප්‍රියයි? ඒක නම් ඇත්ත. මගේ වාසනා ගුණය මදිකම හින්දා වෙන්න ඇති අද මං තවමත් පසුගාමීව ඉන්නේ. මං කාටවත් ඊරිසියා කරන්නේ නැහැ. අනික මට ජනප්‍රිය වෙන්න නම් කොහෙත්ම උවමනා නැහැ. ඔබ එහෙනම් සම්මානනීය නිළියක් වෙන්න හිතාගෙනද මේ රඟපාන්නේ? අනිවාර්යයෙන්ම. මට ඕනෑ සම්මානනීය නිළියක් වෙන්න තමයි. කවදා හරි සම්මානයක් අරගෙන තමයි මං පස්ස බලන්නේ. සම්මානනීය වෙන්න පුළුවන් ද මෙගා නාට්‍යවල රඟපාලා? කොහොත්ම බැහැ. ඒ බව දැන දැනත් ඇයි ඔබ මෙගා නාට්‍ය බාර ගන්නේ? මට තවම සම්මානනීය ඩිරෙක්ටස්ලාගේ නිර්මාණවලට ඇරැයුම් ලැබුණේ නැහැ. ඒ ආරාධනා ලැබෙනකම් ගෙදරට වෙලා නිකම් ඉන්න බැහැනෙ. ආත්ම තෘප්තිය වෙනුවෙන් හරි රඟපාන්න එපායැ. ඒක හින්දයි මෙගාවලට යන්නේ. ඔබ රඟපාන්න බලාපොරොත්තුවෙන් ඉන්න නිර්මාණකරුවන් කවුද? අංක එක සුමිත්‍රා පීරිස් මහත්මිය. ඇයගේ නිර්මාණයකට එකතු වෙන්න මං ආසාවෙන් පෙර මඟ බලා ඉන්නවා. ඊට පසුව ප්‍රසන්න විතානගේ, ප්‍රසන්න ජයකොඩි, ධර්මසිරි බණ්ඩාරනායක, ආනන්ද අබේරත්න ආදී නිර්මාණකරුවන්ව හඳුන්වා දෙන්න පුළුවන්. ටෙලි නාට්‍ය ක්ෂේත්රයේ සම්මානනීය නිළියක් වෙන්නද සිනමා ක්ෂේත්රයේ සම්මානනීය නිළියක් වෙන්නද ඔබ වඩාත් කැමැති? සිනමාවේ. සම්මානනීය නිළියක් වෙන්න ලැබෙන ඕනෑම චරිතයක් භාර ගන්නවාද? චිත්රපටයෙහි දර්ශන චිත්‍රපටයට අදාල නම් ගෙදර අයගෙන්, බඳින්න ඉන්න කෙනාගෙනුයි අවසර අරගෙන මං ඒවාට එකතු වෙනවා. ඒ කියන්නේ රශීව බඳින්න කෙනෙකුත් ඉන්නවා? ඔව්. මොකක්ද නම? ශාන් ප්‍රනාන්දු. ඔහු ක්ෂේත්රයේ කෙනෙක් නෙවෙයි. ශාන් වැඩි කතාබහක් නැති නිහඬ පෙම්වතෙක්. ඒ කියන්නේ ඔහු ඔබගේ රඟපෑම් බලලා ඔබව අගයන්නෙවත් නැතිද? එහෙම නෙවෙයි. මගේ අඩුපාඩු කියනවා. ඊටත් වඩා මාව දිරිගන්වනවා ඔහු. රශී බැන්දට පසුව කලාවෙන් ඉවත් වෙනවාද? අපොයි නැහැ. ජීවිතාන්තය දක්වා කලාවේ රැඳී සිටිනවා. ඔබ රංගනයට අමතරව නිවේදිකාවක විදිහටත් වැඩ කරනවා. ඒ ගැනත් කියමු? රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල නාළිකාවේ තමයි මං නිවේදන කටයුතු කරන්නේ. රංගනය වගේ නෙවෙයි. මට ඒකෙන් ස්ථිර ආදායමකුත් ලැබෙනවා. රශී රඟපාන්නේ විනෝදාංශයක් විදිහටද? නැහැ. ඔබ වෘත්තීය නිළියකුත් නෙවෙයිනෙ? ඔව්. රංගනය විනෝදාංශයක් නෙවෙයි නම් ඔබගේ වෘත්තියත් රංගනය නෙවෙයි නම් මොකටද ඔබ රංගනයේ යෙදෙන්නේ? හිතේ ආසාවට සහ කලින් කිව්වා වගේ සම්මානයක් ගන්න. ලංකාවේ නිළියකට ඇති පිළිගැනීම ගැන රශීට මොනවද කියන්න තියෙන්නේ? බොහොම කණගාටුයි. නිළියක්ව ලංකාව තුළ කොහෙත්ම ගණන් ගන්නේ නැහැ. උදාහරණයක් එක්ක ඔබ කියපු අදහස පහදලා දෙන්න බලන්න? හොඳම උදාහරණය තමයි ජැක්ලීන් ෆර්ඩිනැන්ඩස්. ඇය ලංකාවේ ඉපදුනාට දැන් බොලිවුඩ් නිළියක්නෙ. ඇයට තියෙන පිළිගැනීමයි අනර්කලීට තියෙන පිළිගැනීමයි කොහොමද කියලා සසඳලා බලන්නකෝ. ජැක්ලීන්ව ජාත්‍යන්තරයම පිළිගන්නවා. අපේ රටේ නිළියන්ව අපේ රටේ අයවත් පිළිගන්නේ නැහැ. රශීට හිතෙන්නේ නැති ද ඉන්දියාවෙ ඉපදුනා නම් හොඳයි කියලා? හිතෙනවා. ඊට වඩා ලංකාවේ එහෙම තත්ත්වයක් හැදෙනවා නම් කොච්චර හොඳද කියලා තමයි වැඩිපුර හිතෙන්නේ. රශීගේ ගම කොහෙද? වැලිමඩ. දැනට ඉන්නේ නුගේගොඩ, දෙල්කඳ. එතකොට පාසල? කටුබැද්ද බෝධිරාජ විද්‍යාලය සහ වැලිමඩ ලුණුවත්ත ජාතික පාසල. උපන් දිනය? දෙසැම්බර් 25. පවුලේ විස්තර? අම්මයි, සහෝදරියෝ පස් දෙනයි. දැන් මගේ පවුලට මස්සිනාලා පස් දෙනෙක් ඉන්නවා. ඒ ඔක්කොම මට බෙහෙවින් උදව් කරනවා මගේ රංගන කටයුතුවලට. කාටද තුති පුදන්න තියෙන්නේ? ප්‍රියන්ත කොළඹගේ, සුදත් දේවප්‍රිය, මේනකා විජේසිංහ, දී. ග. සෝමපාල, නදී චන්ද්‍රසේකර, මංජුලා කුමාරි, චන්දන හේවාපතිරණ, බන්දුල විතානගේ, ලලිත් වසන්ත, සඳුන් රාජකරුණා. ඔබ ගැන ඔබ විසින්ම කෙටියෙන් හඳුන්වා දෙන්න? මම මදුරුවෙක්වත් මරන්නේ නැති අහිංසකම අහිංසක කෙනෙක්.
|