|
|
අනේ මම ඇත්ත හිඟන්නියක් නෙවෙයි...
කාටවත්ම කියන්න බැරි වෙලා මේ ඉන්නේ නෙතලි කියලා. නාට්‍යයේ නම පිටකොටුව හින්දා එහි දර්ශන තල තිබිලා තියෙන්නෙත් පිටකොටුවෙමයි. නෙතලිව සිඟන්නියන් කරලා පළමු හරස් වීදියේ වහපු කඩයක් ගාව වාඩ් කෙරෙව්වලු. නෙතලිට තිබිලා තියෙන්නේ එදා රාත්‍රී දර්ශනයක්. ඒක නිසා වීදිය ටිකක් පාළුවෙන් තිබිලා තියෙන්නේ. නිෂ්පාදන කණ්ඩායම දර්ශනයට ලැහැස්ති වෙනකම් නෙතලි බුලත් විටකුත් හප හප දර්ශන තලයෙන් පිටතට ගිහිල්ලා. අධ්‍යක්ෂවරයා නෙතලිව හොයලා. මෙන්න බොලේ පොලීසියෙන් දෙන්නෙක් ඇවිල්ලා නෙතලිව අල්ලගෙන යනවා පේනවලු. නෙතලි පැහැදිලි කරනවලු තමන් නිළියක් කියලා. ඒත් පොලීසියට විශ්වාස නැතිලු නෙතලි නිළියක් කියලා. මොකද මේකප් පාර හින්දා නෙතලි සිඟන්නියක් වෙලානෙ. නිෂ්පාදන කණ්ඩායමේ අය ඔක්කොම එතනට දුවගෙන ඇවිල්ලා කරුණු පැහැදිලි කරලා නෙතලිව බේරගෙන. ආයෙ නම් මේ ඇඳුම් පිටින් දර්ශන තලයෙන් අඩියක්වත් එළියට තියන්නේ නැහැ කියලා නෙතලි කිව්වලු. |



නෙතලි නානායක්කාරට හැමදාම ලැබෙන්නෙ අම්මගෙ චරිත. ඇයගේ වයසත් එක්ක එවන් වූ චරිත හැර
වෙනත් චරිත දෙන්නත් අධ්‍යක්ෂවරු මැලි වෙනවා. අනේ මන්දා, එහෙම වෙන්නේ ඇයි දන්නේ
නැහැ. කොහොම හරි හර්ෂ උඩකන්ද අධ්‍යක්ෂණය කරන පිටකොටුව නාට්‍යයේ නෙතලිට වෙනස්ම
චරිතයක් ලැබිලා. ඇය එහි සිඟන්නියක්. පරණ ඉරිච්ච ඇඳුමක් එහෙම ඇඳගෙන හොඳ මේකප් පාරක්
දාලා ගත්තම නෙතලි රියල්ම සිඟන්නියක්.