|
නිහඬ ශ්‍රද්ධා
පසුගිය කාලයේ ශ්‍රද්ධා කපූර් ගැන හැමෝම කතා කරන්න පටන් ගත්තේ ආශික් 2 චිත්‍රපටයේ රංගනය සමඟින්. එහි ආරෝහි නම් යොවුන් ගායිකාවකගේ චරිතයට ඇය පණ දුන්නා. ඒ නිසා ශ්‍රද්ධාගේ ජනප්‍රියත්වයත් දවසින් දවස ඉහළ ගියා. ඇය තිරයෙන් පිටදී හරිම ලැජ්ජාශීලි චරිතයක්ලු. ඇයගේ රංගනයන් නරඹන අයට නම් එහෙම දෙයක් පේන්නේ නැහැ. ඒ වුණත් ශ්‍රද්ධා සාමාන්‍ය ජිවිතයේදී එතරම් සමාජශීලි නැති පාඩුවේ පැත්තකට වෙලා සිටින කෙනෙක්ලු. වෙන කවුරුවත් නෙවෙයි ශ්‍රද්ධාම තමයි එහෙම කියන්නේ. “මම හරිම ලැජ්ජාශිලි කෙනෙක්. ඇත්තටම මම සමාජශිලි නැහැ. මම විවෘත වෙන්නේ මගේ පවුලේ අයට සහ මට ළඟම හිතවතුන්ට විතරයි. ඒ වුණත් දැන් මම ටික ටික කතා කරන්න පුරුදු වෙනවා. ගොඩක් වෙලාවට මට හිතෙනවා මම විවෘත කෙනෙක් වෙන්න ඕනි කියලා” ඇය පවසනවා. ශ්‍රද්ධා සිනමාවට පිවිසියේ 2010 වසරේදී අමිතාබ්ගේ Teen Patti චිත්‍රපටයෙන්. ඒ කාලයේදී බොහොම තැති ගැන්මෙන් ඒ සඳහා දායක වුණා කියලයි ඇය කියන්නේ. පසුගිය දවසක Piku චිත්‍රපටයේ ප්‍රදර්ශනය සමඟින් අමිතාබ් හමු වූ අවස්ථාවේදී බොහොම උණුසුම් අයුරින් කතා බහ කළ බවත් ශ්‍රද්ධා පැවසුවේ තම සාර්ථකත්වය කියමින්. |