|
අදිසි කළා ඇති
අදිසි කොටස් අනූවකට වැඩි ප්‍රමාණයක් පරාක්‍රම අධ්‍යක්ෂණය කළා. මේ සෑම කථාංගයකම හොල්මනකුත් හිටියා. ඇතැම් අය අහනවලු හොල්මන්ව අධ්‍යක්ෂණය කරන්න බය නැතිද කියලා. අධ්‍යක්ෂණය කරන්න දෙයක් නැහැ, නළු නිළියන් කැමරාව ඉදිරියේ හොල්මන් කරද්දී හොල්මන් හොඳට රඟපානවා කියලා පරාක්‍රම කියනවලු. හොල්මන් මැද්දේ ඉඳලම ඇති වෙලා ද කොහෙද පරාක්‍රම පොතක් ලියන්නට පටන් අරන්. ඒකේ නම 'ටිකිරි ලියා තරු මැද්දෙ ගියා'. කොහොම වුණත් පරාක්‍රම මේ මඟින් කතාබහ කිරීමට උත්සාහ කරන්නේ රියැලිටි තරඟ හින්දා අතරමං වූ තරුණියක් පිළිබඳවයි. ඇයට මුහණපෑමට සිදුවන නොයෙක් ආපදා ගැන ද මෙයින් විවරණය කරනවා. ටිකිරිලියා තරු මැද්දෙ ගියේ කොහොමද කියලා ළඟදීම ඔබට දැනගන්නට ලැබේවි. ඒ වගේම තව කොටස් කිහිපයකින් අදිසි නිමාව දකින බව ද පරාක්‍රම සඳහන් කළා. 'අදිසි කළා ඇති' පරාක්‍රමගේ තීරණයට ප්‍රේක්ෂකයෝ කොහොම එකඟ වේවිද දන්නේ නැහැ. |