|
අලුත් පෙම් හබයක්
ඇය පායල් ලෙසින් ඉම්රාන් සමඟ ආදරයෙන් බැඳිලා. ඒ වුණත් මේ සම්බන්ධය නම් එතරම් පවතින එකක් නෙවෙයි වගේ. පායල් විනෝදකාමී ජිවිතයක් ගත කරන නගරයේ ජීවත් වන තරුණියක්. එහිදී ඇය මාධව් නම් තරුණයා සමඟින් පෙමින් බැඳෙනවා. මේ දෙදෙනා එක්ව ජීවිතය ගත කළත් වසර පහකදී දෙදෙනා වෙන්වෙන්නේ මාධව්ගේ නරක පුරුදු නිසා. මාධව් වෙන්නේ ඉම්රාන්. ප්‍රශ්න නිසා දෙදෙනා දෙපසට වුවත් ආයෙමත් වැරදි නිවැරදි කරගන්න මාධව් පොරොන්දු වෙන්නේ පායල්ගේ හිත දිනා ගැනීමටයි. කන්ගනා, ඉම්රාන් සමඟින් මේ අයුරින් පෙමින් බැඳි වෙන්වෙන්නේ නිඛිල් අද්වානි අධ්‍යක්ෂණය කරන Katti Batti චිත්‍රපටයේදීයි. පසුගියදා එහි පූර්ව ප්‍රචාරක පටය නිකුත් කළා. පායල් සහ මාධව්ගේ පෙම් හබය බලන්නට ඔබට ලබන සැප්තැම්බර් 18 වැනිදා තෙක් බලා සිටින්න වෙනවා. |