වර්ෂ 2015 ක්වූ ජූනි 18 වැනිදා බ්‍රහස්පතින්දා




අවුරුදු දහයක්

අවුරුදු දහයක්

විද්‍යා බාලන්ට පසුගිය සතියේ දී සිය ජීවිතයේ සුවිශේෂ සංවත්සර අවස්ථාවක් උදා වුණා. පවුලේ හැමෝම එක්ව ඇය පුදුමකරවූ පුංචි උත්සවයකුත් ඒ වෙනුවෙන් සංවිධානය කරලා තිබුණා. විද්‍යාට මේ විශේෂ අවස්ථාව උදා කරලා තිබුණේ විවාහ සංවත්සරය හෝ උපන්දිනය නම් නෙවෙයි. විද්‍යා බොලිවුඩ් සිනමාවට පැමිණිලා දැන් අවුරුදු දහයක්.

සිනමාවේ දසවැනි සංවත්සරය සුන්දර ලෙසින් සමරන්න තීරණය කරලා තියෙන්නේ විද්‍යාගේ ආදරණිය සැමියා සිද්ධාර්ත් රෝයි කපූර්. ඉන්දියාවේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ සිද්ධාර්ත් මේ වෙනුවෙන් විශේෂිත පොතකුත් නිර්මාණය කරලා. එය නම් කරලා තිබුණේ Celebrating 10 Amazing Years ලෙසින්. ඒ විතරක් නෙවෙයි ඇය මේ වසර දහය පුරාවට දායක වූ චිත්‍රපටවල අලංකාර පෝස්ටර් එකතුවකුත් ඔහු නිර්මාණය කළේ විද්‍යා පුදුම කරවන්නයි.

විද්‍යාගේ සිනමා ජීවිතයේ ඇයගේ අලුත්ම චිත්‍රපටය Hamari Adhuri Kahaani තිරගතවීම ආරම්භ කළේ පසුගිය ජුනි 12 වැනිදා. තිසිහත් වැනි වියේ පසුවන විද්‍යා සිනමාවට පිවිසියේ Parineeta බෙංගාලි චිත්‍රපටයෙන්. ඇය බොලිවුඩ් සිනමාවට පිවිසෙන්නේ ප්‍රදීප් සර්කාර් අධ්‍යක්ෂණය කළ Bhalo Theko (පරිනීතා) චිත්‍රපටයෙන්. එය තිරගත වුණේ 2005 වසරේ ජූනි 10 වැනිදා.