|
රාජගුරුගේ අනාවැකි සහ අනුලාගේ ප්‍රකාශය
රයිගම් ටෙලීස් සම්මාන උළෙල අතරතුරදී හොඳ හොඳ දේවල් වුණා කියලා ආරංචියි. ඒ හැම
සිද්ධියක්ම පත්තරේ දාන්න බැහැ. ඒතරම්ම ඒවා සුන්දරයි. කොහොම නමුත් කියන් ඔහුටත් පුදුමයි රාජගුරුගේ මේ අනාවැකියට. කොහොම හරි මේ කතාව දැනගත්තට පස්සේ රාජගුරුට සම්මාන උළෙලකට ගියොත් හිටගෙන තමයි ඉන්න වෙන්නේ. මොකද මේ සම්මාන උළෙල ඔහුගේ දෙපැත්තේ හිටි දෙන්නම සම්මාන ගත්තනෙ. ආයේ සම්මාන උළෙලකට ගිහින් රාජගුරු වාඩි වුණොත් ඒ දෙපැත්තෙ වාඩි වෙන්න බොහෝ දෙනෙකු පොරකාවි. ඒ සිද්ධිය එහෙම වෙද්දී අනුලා කරුණාතිලකටත් සම්මානයක් ලැබුණා. ඇය ඒක අරගෙන ආවා විතරක් නෙවෙයි වර්තමාන ටෙලි නාට්‍ය කලාවෙහි විපර්යාසය ගැන එතනම සිට කිව්වා. එතකොට ශාලාව අඳුරු වෙලයි තිබුණේ. අනුලා කියන දේවල්වලට එතැන හිටපු අය අත්පොඩි ගැහැව්වේ ඇය කිව්වේ ඇත්ත හින්දා. කට්ටිය චණ්ඩියො වගේ එහෙම කළේ ශාලාව අඳුරු හින්දා වෙන්න ඇති. බැරි වෙලාවත් ශාලාව ආලෝකමත් වෙලා තිබුණා නම් කවුරුවත් අත්පොඩි ගහන එකක් නැහැ. මැටි ගිල්ල කිඹුලො වගේ හැමෝම බිම බලාගෙන හිඳීවි. මොකද එතැන හිටපු බහුතරයක් ටෙලි නාට්‍ය කලාවේ ඉන්න සහ එහි පිරිහීමට නොයෙක් දේ කළ අය හින්දා. |