|
||
ටෝනි වගතුග
සම්පූර්ණ නම - රණසිංහ හෙට්ටිආරච්චිලාගේ ඉග්නේෂස් ඇන්තනී සිල්වා පියා - එමානුවෙල් සිරිල් මව - ලිලියන් ප්‍රනාන්දු සහෝදර සහෝදරියන් 8 යි ඉගෙනගත් පාසල් - වත්තල ශාන්ත ආනා සහ මෝදර ද ලාසාල් මුල්ම රැකියාව - ලඝු ලේඛක, විදුලි සංදේශ දෙපාර්තමේන්තුව
චිත්‍රපට
තිර රචනා කොටි වලිගය - අධ්‍යක්ෂණය - ගාමිණී ෆොන්සේකා (පළමු චිත්‍රපට තිර රචනය) අවරගිර - අධ්‍යක්ෂණය - ලෙස්්ටර් ජේම්ස් පීරිස්(ජී. බී. සේනානායකගේ එකම එක කෙටිකතාව ඇසුරිනි) දරුවන්ගේ ගෙදර - (ගාමිණී ෆොන්සේකා අධ්‍යක්ෂණය කිරීමට නියමිතව සිටි) තරණය - අධ්‍යක්ෂණය - සුදත් දේවප්‍රිය (පළමු ස්වීය තිර රචනය) දුවට මවක මිස - අධ්‍යක්ෂණය - සුමිත්‍රා පීරිස් කෙළිමඩල - අධ්‍යක්ෂණය - ඩී. බී. නිහාල්සිංහ පවුරුවළලු - අධ්‍යක්ෂණය ප්‍රසන්න විතානගේ අංගුලිමාල - සිනමාස් සමාගම නිෂ්පාදනය කිරීමට නියමිතව සිටි ටෝනි ලියූ පළමු තිර නාටකය මෙය වෙයි අතුරු මැතිවරණය -(ගාමිණී ෆොන්සේකා අධ්‍යක්ෂණය කිරීමට නියමිතව සිටි) නිරූපිකාව - සුමිත්‍රා පීරිස් (අධ්‍යක්ෂණය කිරීමට නියමිතව සිටි)
රඟපෑ වේදිකා නාට්‍ය බෝඩිංකාරයෝ (1962) නිෂ්පාදනය - සුගතපාල ද සිල්වා තට්ටු ගෙවල් (1964) නිෂ්පාදනය - සුගතපාල ද සිල්වා රන්තෝඩු - නිෂ්පාදනය - සුගතපාල ද සිල්වා නිල් කට්රොල් මල් (1967) නිෂ්පාදනය - සුගතපාල ද සිල්වා වගුරුබිම - නිෂ්පාදනය ප්‍රේමරංජිත් තිලකරත්න විරූපි රූප - නිෂ්පාදනය නාමෙල් වීරමුණි වැනිසියේ වෙළෙන්දා - අධ්‍යක්ෂණය - බන්දුල විතානගේ ජුලියස් සීසර් - අධ්‍යක්ෂණය - ටෝනි රණසිංහදොළොස් වැනි රාත්‍රිය (1982) ගිම්හානේ රැයක දුටු සිහිනයක් - නිෂ්පාදනය - හෙලේනා ලෙහ්තිමතී හරිම බඩු හයක් - නිෂ්පාදනය - සුගතපාල ද සිල්වා අවි - නිෂ්පාදනය - සුගතපාල ද සිල්වා පරස්තාව - චෙකොෆ්ගේ කෙටි නාට්‍යයක් (ගාල්ලේදී පමණක් වේදිකා ගත විය) බලව නමක අරුම - නිෂ්පාදනය - ඩබ්ලිව්. එම්. විජේසිරි
නාට්‍ය නිෂ්පාදන දොළොස් වැනි රාත්‍රිය ජුලියස් සීසර් බලව නමක අරුම
අතරමඟ ඇනහිටි චිත්‍රපට පුංචි අම්මා - අධ්‍යක්ෂණය - සිරිසේන විමලවීර මුව දඩයම - අධ්‍යක්ෂණය - ධර්ම ශ්‍රී කල්දේරා සමනලයෝ - අධ්‍යක්ෂණය - ඩී. බී. නිහාල්සිංහ ගේ කුරුල්ලෝ - අධ්‍යක්ෂණය -අශෝක ධර්මරත්න සාගර පතුල - අධ්‍යක්ෂණය - ධර්ම ශ්‍රී කල්දේරා නුවර කෙල්ල - අධ්‍යක්ෂණය හා කැමරාකරණය - කුමාරසිංහ හිම කුරුල්ලෝ - අධ්‍යක්ෂණය - රෝහණ වෙත්තසිංහ රතු රෝස - තිර රචනය - ප්‍රේමකුමාර ජයවර්ධන - කැමරාව - ලලිත් ගුණවර්ධන එළිවෙන දවස - අධ්‍යක්ෂණය - සුදත් දේවප්‍රිය මේලා - අධ්‍යක්ෂණය - එම්. සේන
ලියූ නවකතා ආදරණීය අයිරා ජෝගි හමාරයි මට කවුරුත් ආදරේ නෑ හැමදාම ඔබ මගේ
ටෝනි රණසිංහයන්ගේ අවසන් කටයුතු හෙට (19 දා) සවස වත්තල මහබාගේ පවුලේ සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය. දේව මෙහෙය මත්තුමගල ශ්‍රී හෘදය දේවස්ථානයේදී පැවැත්වේ. දේහය දැනට මරදාන සිරිධම්ම මාවතේ නිවෙසේ තැන්පත් කර තිබේ. |
||