වර්ෂ 2015 ක්වූ ජූනි 18 වැනිදා බ්‍රහස්පතින්දා




ලන්ඩන් වලින් ඉංග්ලන්ඩ්

ලන්ඩන් වලින් ඉංග්ලන්ඩ්

අක්ෂේ කුමාර් චිත්‍රපට අධ්‍යක්ෂ විපුල් ෂා සමඟින් අලුත් චිත්‍රපටයක් නිර්මාණය කරන්න සූදානම් වෙනවා. දෙදෙනා මීට පෙර නමස්තේ ලන්ඩන් චිත්‍රපටය නිර්මාණය කළා. එහි දෙවැනි චිත්‍රපටය ලෙසින් නමස්තේ ඉංග්ලන්ඩ් නිර්මාණය කරන්න තීරණය කරලා. අක්ෂේගේත් විපුල්ගේත් බලාපොරොත්තුව එහි රූගත කිරීම් මේ අවුරුද්ද ඇතුළත කරන්නයි. අක්ෂේ මේ දවස්වල එයාර් ලිෆ්ටි චිත්‍රපටයේ වැඩකටයුතු සමඟින් කාර්යබහුල වෙලා.

2007 වසරේදී තිරගත කෙරුණු නමස්තේ ලන්ඩන්හි කත්‍රිනා කායිෆ් සමඟින් රිෂි කපූර්ද රංගනයෙන් දායක වුණා. අලුත් චිත්‍රපටය නමස්තේ ලන්ඩන් 2 ලෙසින් නම් කළත් පළමු චිත්‍රපටයේ දිගුවක් ලෙසින් නොව අලුත් කතාවක් බව ආරංචියි.

මෙහි රූගත කිරීම් ලන්ඩන්, පන්ජාබ්, බොම්බාය සහ යුරෝපයේ දී සිදු කරන්න නියමිතයි. විපුල්ගේ මීට පෙර කළ නිර්මාණය වුණේ ඇක්ෂන් රිප්ලයි චිත්‍රපටයේ අක්ෂේ කුමාර් සමඟින් ඓෂ්වර්යා රායි ප්‍රධාන චරිත නිරූපණය කළා.