|
වැඩ කරලා ඉවර නොමැතඅනිල් ජයසිංහව අප වඩාත් හඳුනන්නේ නළුවෙක් හැටියටනෙ. නමුත් ඔහු තරුණී ඇතුළු පුවත්පත් ගණනාවකම ඡායාරූප ශිල්පියකු හැටියට සේවය කරලා තියෙනවා. මේ හින්දම අනිල්ට ඡායාරූප කරලා දෙන්නටයි කියලා ලැබෙන ඇරැයුම් ප්‍රමාණය ද ඉතාම ඉහළයි. ඔන්න ඉතින් අනිල්ට කලා ලොවේ අප හිතවතෙකුගේ පුංචි උත්සවයකට කතා කරලා එහි ඡායාරූප ටිකක් අරන් දෙන්න කියලා. කැමරා ආම්පන්නත් එල්ලගෙන අනිල් කියපු වෙලාවට කියපු තැනට ගියාලු. උත්සවය පටන් ගත්තු මොහොතෙ ඉඳලා එතනට එන කලාකරුවන්ගේ පමණක් අනිල් සේයාරූ අරගෙන. සාමාන්‍යයෙන් උත්සවයක අවශ්‍ය ඡායාරූප මොනවාද කියලා අනිල් වගේ කෙනෙකුට පහදලා දෙන්න ඕනෑ නැහැනෙ. ඒ හින්දා අනිල් මෙහිදීත් අරගෙන තියෙන්නේ අත්‍යවශ්‍යම සේයාරූ පමණයි. මේක දැකපු සංවිධායක මණ්ඩලයේ කෙනෙක් අනිල් ගාවට ඇවිත් කියලා එන හැමෝගෙම ෆොටෝස් ගන්න කියලා. අනිල් බාගෙට වැඩ කරනවා කියලා ඔහු හිතන්නට ඇති. අනිල් කියන්නේ එන එන විදිහට ගහ උලුවස්සා වගේ පොරක්නෙ. ඉතින් අනිල් එන හැමෝගෙම ෆොටෝස් අරගෙන. ඒ ෆොටෝ ටික අදාල අයට බාර දුන්නට පසුව දවස් දෙකකින් අර පුද්ගලයාගෙන් කෝල් එකක් ඇවිත්. ඔහුට හොඳටම තද වෙලා. අනිල්ට මෙන්න මෙහෙම කියනවලු. මොනවද හලෝ මේ කරලා තියෙන්නේ. ඔයා ඕනෑ එකයි එපා එකයි හැමෝගෙම ෆොටෝස් කරලනෙ. මේවාවල කේටරිං සර්විස් එකේ අයත් ඉන්නවා. අතුගාන අයත් ඉන්නවා. මට පින්තූර තෝරලම එපා වෙලා. ඉතින් ඔයාමනෙ කිව්වේ එන හැමෝගෙම ෆොටෝස් අරන් දෙන්න කියලා. මම ගත්තේ අත්‍යවශ්‍යම අයගේ විතරයි. ඔයාමනෙ කිව්වේ හැමෝගෙම ෆොටෝස් ගන්නයි කියලා. ඇයි මදිද. ඇඟට පතට නොදැනී අනිල් එහෙම කිව්වට පස්සේ අනෙක් අන්තයෙන් දඩස් ගාලා දුරකතනය තියෙන හඬ ඇහුනලු. |