|
ගමේ කුඹුරු නැති වුණාට බෝඩ් වෙලා කුඹුරු කෙටුවාකෞශල්යා සමරසිංහ ඒ දෙදහස් හත වසරේ ඒක්තරා දිනයකි. අනුරපුරයේ සිට කොළඹ බසයකට ගොඩ වු කෞශල්‍යා සමරසිංහ නමැති තරුණිය දෛවෝපගත ගමනකට මුල පිරුවාය. තම පාසලේ නාට්‍ය හා රංග කලා ගුරුවරයා වූ දිමුතු චින්තකගේ මඟ පෙන්වීම යටතේ කෞශල්‍යා එලෙස පැමිණියේ ජාතික නාළිකාවේ රජත රශ්ම් වැඩ සටහනේ රංගන අංශයට තරග වැදීම සඳහාය. මුලදී ඇය ඒ සඳහා අකැමැත්ත පළ කළාය. ඒ තමන්ට රංගන හැකියාවක් නැති බව පවසමිනි. නමුත් දිමුතු ඇයට දැඩිව බලපෑම් කළේ ඒ සඳහා නොවැරැදීම සහභාගිවන හැටියටයි. එලෙස කොළඹ පැමිණ රජත රශ්මි හරහා තවත් බොහෝ පිරිසක් හඳුනාගෙන අද වන විට ඇය සම්මානයන් සඳහා ද නිර්දේශ වී සිටින්නීය. කෞශල්‍යා ලැබෙන සෑම චරිතයක්ම බාර ගන්නා නිළියක් නොවන වග ද ක්ෂේත්රය පුරා ප්‍රකට කරුණකි.
කෞෂි, කොහොමද මේ දිනවල වැඩ කටයුතු? ටිකිරි රත්නායක අධ්‍යක්ෂණය කරන හේමලයා නාට්‍යයේ රූගත කිරීම්වලට සහභාගි වෙනවා. එහි මම කුසුමා. ඊට අමතරව රයිගම් සම්මාන උළෙලේ හොඳම නැඟී එන නිළියට නිර්දේශ වුණා. හැබැයි සම්මාන ලැබුණේ නැහැ. මේ දෙවැනි අවස්ථාව නේද ඔබ සම්මානයක් සඳහා නිර්දේශ වුණු? ඔව්. මගේ දෙවැනි ප්රසාංගික නාට්‍යය වන ෂර්ලි පී. දෙලංකාවලගේ දෙගම්මැදියාව නාට්‍යයේ ඉන්දිරාගේ චරිතය වෙනුවෙන් මම ඒ වසරේ රාජ්‍ය ටෙලි සම්මාන උළෙලේ හොඳම සහාය නිළියට නිර්දේශ වුණා. නමුත් ඒ සම්මාන දෙකම ඔබෙන් ගිලිහී ගියා? ඉකුත් දා විකාශය වූ රයිගම් සම්මාන උළෙලේදී නාට්‍යයේ මගේ කොටස් පෙන්නුවා. එතකොට වැඩි දෙනෙකු කිව්වේ මට සම්මානය ලැබුණා නම් හොඳයි කියලා. ඒත් තාරුකාට සම්මානය ගියේ. දුක හිතුණේ නැතිද? කොහෙත්ම නැහැ. නිර්දේශ වීමම මට ඇති. අනික මට එතෙන්දි ලැබුණු උණුසුම් ප්රතිචාරයන් කෙදිනකවත් අමතක වෙන්නේ නැහැ. සම්මානය ලැබුණා වගේ තමයි. ඔබ රඟපෑ නාට්‍ය පෙළ ගැන කථා කළොත්? රජත රශ්මි හරහා මට ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාව හඳුනාගන්න ලැබුණා. ඔහු මාව ඔහුගේ හතර දෙනෙක් සෙන්පතියෝ නාට්‍යයට ගත්තා. ඒක තමයි මගේ පළමු නාට්‍ය වුණේ. පසුව දෙගම්මැදියාව, කෝරළේ මහත්තයා 1, එක්ටැම්ගේ, ස්වර්ණපාලි, ඍ ර්ණ ඛ්, යකඩ පහන් තිර, අම්මා, ගිරිකුල. ගිරිකුල ඔබේ ජීවිතයේ සෑහෙන්න වෙනසක් කළ ටෙලි නාට්‍යක්? ඒක ඇත්ත. මට මෙවර රයිගම් ටෙලීස්හි හොඳම නැඟී එන නිළියට නිර්දේශ වුණේ ගිරිකුල නිසා. මට එහි කිරි මැණිකා කියන චරිතය ලැබුණේ. කිරි මැණිකා කියන්නේ නිතර කුඹුරු සමඟ ගැටෙන කෙනෙක්. මගේ ගම අනුරාධපුරයේ වුණාට මම ඉන්න ගමේ කුඹුරු නැහැ. ඒ හින්දා මම ඇත්තටම කුඹුරුවල වැඩ කරනවා දැකලා තිබුණේ වෙන ගම් ප්‍රදේශවල සහ රූපවාහිනියෙන්. ඒත් මට හිතුණා මේ චරිතයට හරියටම පණ පොවනවා නම් කුඹුරු වැඩ මවිසින්ම කරලා අත්දැකීම් ලබා ගන්න. ඒ හින්දා මම ඥාති ගෙදරක නැවතිලා කුඹුරු කෙටුවා, නියරවල් රැසක ඇවිද්දා. ගිරිකුල චරිතය කරද්දී මට ඒ අත්දැකීම් හරියට ප්‍රයෝජනවත් වුණා. ඔබ බඹරවළල්ල සිනමා සිතුවමේ කතාබහට ලක්වෙන චරිතයක් කළා. ඉන් අනතුරුව ගාමනී හැර වෙනත් සිනමාපටයකින් ඔබව දැක්කේ නැත්තේ? අනේ මන්දා, බඹර වළල්ල මම රඟපෑ චරිතයට අදත් ක්ෂේත්රයේ අයගෙන් උණුසුම් ප්‍රතිචාර ලැබෙනවා. එම චිත්‍රපටයෙන් පසුව මට හොඳ චරිතයකට කතා කළේ නැහැ. කෞෂි වැඩිපුරම ආස සිනමාවට ද, රූපවාහිනියට ද, නැත්නම් වේදිකාවට ද? තුනටම. මේ මාධ්‍ය තුන එකිනෙකට වෙනස්. වැඩිපුර වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙන්නත් හිතාගෙන ඉන්නවා. වේදිකාවේ මට කට ඇරලා රඟපාන්න පුළුවන්. ඇයි චරිත තෝරා බේරාගෙන රඟපාන්නේ? මට පුළුවන්, මට ගැළපෙන චරිත කළොත් ප්‍රෙක්ෂකයන්ටත් මාව මතක තියේවි. හැමදාම හිටියොත් එපා වෙන එකනේ වෙන්නේ. ඔබට ජනප්‍රියත්වය එපාද? අපි අපේ හැකියාව නිසියාකාරව පෙන්නුවොත් අපට ජනප්‍රියත්වය ලැබේවි. ඔබ මේ වන විට රංගනයට පැමිණ වසර අටකට ආසන්නයි. ඔබට පසුව පැමිණි නිළියෝ ඔබට වඩා ජනප්‍රියයිනේ? මම දන්න අය ඉන්නවා සතියකට ටෙලි නාට්‍ය පහක හයක විතර රඟපාන. ඒත් දැන් ඒ අය වැඩිය පෙන්නෙ නැති තත්ත්වයකට පත් වෙලා තියෙනවා. එහෙම නිතර දකින කොට ජනප්‍රිය වෙන්න පුළුවන්, නමුත් පැවැත්මක් නැහැ. ඔබ කියන්නේ ඔබට පැවැත්මක් තියෙනවා කියලද? ඔව්. මට පැවැත්මක් තියෙනවා. මම එදා හිටපු තැන නෙවෙයි අද ඉන්නේ. ඒක නිසා මට පැවැත්මක් තියෙනවා කියලා කියන්න පුළුවන්. සතියේ දවස් පහේම නාට්‍යවල හිටියා නම් ඔබත් තව ජනප්‍රිය වේවි? එතකොට ප්‍රේක්ෂකයින් හැමදාම මාව දැකලා දැකලා අන්තිමේ මම රඟපාන චරිතයෙන් නොව මගේ ඇත්ත ස්වරූපයෙන්ම මිනිස්සුන් මාව දකීවි. දක්ෂ නිළියක් විදිහට සතියේ දවස් පහේම ටෙලි නාට්‍යයක හිටියත් පොඩි පොඩි වෙනස්කම් කරමින් රඟපෑවා නම් ඔබව නොව ඒ චරිතය තුළින් මිනිස්සු ඔබෙන් දකීවිනෙ? ඔච්චර දෙයක් කරන්න මම එච්චර දක්ෂ කෙනෙක් නෙවෙයි. දක්ෂ කෙනෙක් නෙවෙයි නම් ඔබ සම්මාන සඳහා නිර්දේශ වෙන්නේ කොහොමද? මට චරිතයක් ලැබුණාම මම ඒ වෙනුවෙන්ම කැප වෙනවා. උදාහරණයක් විදිහට ගිරිකුල නාට්‍යයේ රඟපාන කොට මම වෙන කිසිම නාට්‍යයක් බාර ගත්තේ නැහැ. එහෙම බාර අරගෙන මට රඟපාන්නත් බැහැ. ඒ මහන්සියට වෙන්න ඇති සම්මාන සඳහා මාව යෝජනා වෙන්නේ. ඔබ ක්ෂේත්රයේ අයව ගොඩක් අවිශ්වාස කරන කෙනෙක් කියලා මම දන්නවා. ඇයි එහෙම වෙන්නේ? මම කාවවත් වැඩිය කරට ගන්නේ නැහැ. අනවශ්‍ය සබඳකම් තිබුණොත් මේ ක්ෂේත්රයේ ඉදිරියට යන්න අමාරුයි. මම ආස අපේ අයත් එක්ක සහෝදරයෝ වගේ වැඩ කරන්න. ඒ හින්දා ඕනෑම කෙනෙක්ව ඕනෑවට වඩා විශ්වාස නොකර ඉන්නවා. හැබැයි මම හැමෝත් එක්කම හරිම සුහදශීලියි. ගෙදරින් කැමැති ද ඔබ රඟපානවට? මුලදී තාත්තා අකැමැති වුණා. නමුත් ලොකේෂන්වලට ඇවිත් රංගනය කියන විෂයෙහි බැරෑරුම්කම් දැනගත්තට පසුව ඔහු මට උදව් කළා. නමුත් අපේ ඇතැම් ඥාතීන් මම රඟපානවට තදින්ම විරුද්ධ වුණා. අනුරාධපුරයේ ඉඳන් කොළඹ ආවට පසුව මට නවතින්න තැනක් නොදී හිටපු අයත් හිටියා. නමුත් දැන් මම යම් තැනක ඉන්න හින්දා බොහෝ දෙනෙකු මාව තේරුම් අරගෙන ඉන්නවා. කෞෂි මේ වන විට පෙම්වතියක්ද? නැහැ. යෝජනා එනවා ඇති? අපොයි ඔව්. ගොඩක් අය මාව විවාහ කරගන්න යෝජනා ගේනවා. එකකටවත් කැමැත්ත දුන්නේ නැත්තේ ඇයි? ඒ යෝජනා ගේන අය කියන්නේ කසාදෙන් පස්සේ මගේ රංගන කටයුතු නවත්වන්න කියා. එහෙම කරන්න බැහැ. මොකද මම මේ වෙනකම් මේ ගමන ආවේ හරිම මහන්සියෙන්. කසාදෙන් පසුව මගේ ගමන නවත්වනවා කියන්නේ එය මවිසින් මටම කරගන්න දැඩි හානියක්. ඒ හින්දා මගේ රංගන කටයුතු සඳහා අත හිත දෙන කෙනෙක්ව තමයි මම කසාද බඳිනවා නම් බඳින්නේ. ඔබට පුළුවන්නේ ක්ෂේත්රයේ කෙනෙක්ව ඔබගේ සහකරුවා කරගන්න? මම කැමැති නැහැ ක්ෂේත්රයේ කෙනෙක්ව බඳින්න. මේ ලිපිය බලලා හරි කෞෂිට ගැලපෙන කෙනා හමුවෙන්නයි කියලා ප්‍රාර්ථනා කරනවා. තැන්ක් යූ. කෞෂිගේ පාසලත් මතක් කරමු. අනුරාධපුර ඩී. එස්. සේනානායක විදුහල. උපන් දිනය ? 05/23. ඔබ ගැන කෙටියෙන් හඳුන්වන්න? අවංක කෙනෙක්.
සටහන - ප්‍රසාද් සමරතුංග සේයාරුව - මාලන් කරුණාරත්න |