|
වෑන් එකේ දොර ඇරිලා මං විසි වුණා
- නිමල් කල්දේරා
සිනමාවේ විවිධ අංශවලට හිත යොමු කළ ප්‍රියමනාප කලාකරුවෙකි නිමල් කල්දේරා. ඔහු වසන්ත කුරුප්පුගේ සම්බුදු මහිම චිත්‍රපටයේ සුළු චරිතයක් රඟපාමින් චිත්‍රපට ක්ෂේත්රයට පිවිසියේය. ඉතින් නිමල් කියමුකො ඔබේ රංගන ජීවිතයේ ආරම්භක දෙබස? පළමුව දෙබසක් කිව්වේ වැඩ බැරි ටාසන් චිත්‍රපටයේදී. ඒ තමයි 'ගමේ ඇත්තොලා නටාලා තමයි බඩ වියත සොයා ගන්නේ' කියන දෙබස. ප්‍රදර්ශනය වන ගින්දරී චිත්‍රපටයෙත් විකට චරිතයකට පණ පොවන නිමල් විවිධ චරිත මෙන්ම කලා ක්ෂේත්රයේ විවිධ ඉසව් ඔස්සේ කටයුතු කරයි. රංගන ශිල්පියෙකු, ගායකයෙකු, නිෂ්පාදන කළමනාකරුවෙකු, ප්රචාරක නිවේදකයකු ආදී වශයෙන්. ඔබ වඩා ජනප්‍රිය වුණේ මොන චරිතය හරහාද? කෝපි කඩේ ටෙලි නාට්‍යයේ බොරු දොස්තරගේ චරිතයෙන්. නිමල් නිෂ්පාදන කළමනාකරුවෙකු ලෙස වැඩ ඇරැඹුවේ මොන චිත්රපටයෙන්ද? ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයෙන්. දැනට සුනිල් සෝම පීරිස් මහතාගේ චිත්‍රපට 13 ක නිෂ්පාදන කළමනාකරුවෙකු ලෙස වැඩ කර තිබෙනවා. ගායකයෙකු ලෙස හැඳින්නුුවොත්? විල්මන් ද අල්විස්ගේ සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායන ශිල්පියෙකු ලෙස කටයුතු කරනවා. වැඩි හරියක්ම 'පැදුරු සාජ්ජ' සඳහා සහභාගි වෙනවා. රඟපෑ චිත්‍රපට? සම්බුදු මහිම, අලි බබා සහ හොරු 40, මනමෝහිනී, හලෝ මයි ඩාලිං, මල් හතයි, අයදිමි සමා, ඔබ කොහිද ප්‍රියේ, රජ වංසෙන් එකෙක්, ඔක්කොම හොඳටයි, අපායේ තත්පර 84000 ක්, ඇගේ දෛවය, කාටවත් කියන්න එපා, මට තාම මතකයි, සුර සැප සොයා, අලි සුරතල්, ඔහොම හරිද?, ජුන්ඩයි ගුන්ඩයි, ජෝම්ස් බොන්ඩ්, වැඩ බැරි ටාසන් 1, 2, ජයෙන් ජය, සුරයහන ගිනි ගනී, ගින්දරී, ඉදිරියේදී ප්‍රදර්ශනය වන මධුර චාරිකා, අන්දුන් කුන්දුන් මේ චිත්‍රපටවල විවිධ චරිත රඟපා තිබෙනවා. කෝපි කඩේ, සරා ටෙලි නාට්‍යවලත් රඟපෑවා. නිවේදකයෙකු ලෙස? චිත්‍රපට ප්‍රදර්ශනය කරවීමේ ප්රචාරක අංශයක් වන ලංකා ධනේෂ් පීරිස්ගේ ප්රචාරක රථයේ නිවේදකයෙකු ලෙස කටයුතු කරනවා. අමතක නොවන සිදුවීමක් ගැන කියමු? විජය කුවේණි චිත්‍රපටයේ ප්රචාරක කටයුතු කරන අවදියේ වෑන් රථයේ දොර ඇරිලා මාව එළියට විසි වුණා. කොළඹ කටුගේ ආසන්නයේදී තමයි වුණේ. අතුරු පාරකින් ආපු අපේ වාහනේ ආපු වේගයෙන්ම වංගුව ගත්ත විතරයි මාව එළියට විසි වුණා. පසුපසින් ආපු වාහනේට යට නොවී බේරුණේ නූලෙන්. මතක් වෙන කොටත් ඇඟ හිරි වැටෙනවා. ඔබට නන් අයුරින් උදව් කළ සැවොමත් මතක් කරමු? වසන්ත කුරුප්පු, ලාල් ප්‍රියදේව, උදයකාන්ත වර්ණසූරිය, ඩික්සන් ෆොන්සේකා, සුනිල්සෝම පීරිස්, දිනේෂ් ප්‍රියසාද්, හේමසිරි සෙල්ලප්පෙරුම, වික්ටර් මාන්නගේ, මේ සියලු අධ්‍යක්ෂවරුන්ට මගේ විශේෂ ප්‍රණාමය පුද කරන්න කැමැතියි. ඒ වගේම මගේ බිරිඳ කරුණා පෙරේරා, ලොකු පුත් ලලිත් කල්දේරා, පොඩි පුතා ප්‍රියංකර කල්දේරා. මේ අයගෙන් මට ලැබෙන සහයෝගය මගේ මේ ගමන් මඟේ සාර්ථකත්වයට හේතු වුණා. ප්‍රේක්ෂකයන්ට ඔබට අමතන්න අවශ්‍ය නම්? ඔව් මගේ දුරකථන අංක 0774598819 ට කතා කරන්න. ඔබ මට ලියනවා නම් නො. 124/12, දළදාවත්ත, වාද්දුව ලිපිනය ඔස්සේ මාව සම්බන්ධ කර ගත හැකියි.
|