අමීර් මල්ලවපොරයට
අමීර් මල්ලවපොරයට

අමීර් ඛාන් සහ අනුෂ්කා ෂර්මා රඟන PK
චිත්‍රපටය මේ දිනවල සාර්ථක අයුරින් ලොවපුරා
තිරගත වෙමින් තියෙනවා. මෙහි වෙනස් ම වූ චරිත ස්වභාවයකින් ඔබ හමුවට පැමිණි අමීර්
දැන් තවත් ආකාරකට සැරසෙනවා කියලා ආරංචියි. ඔහුගේ දැන් සූදානම සුපිරි ක්‍රීඩකයෙකු
වෙන්නයි.
නිතේෂ් තිවාරි අධ්‍යක්ෂණය කරන Dangal චිත්‍රපටයේ අමීර් මල්ලවපොර ක්‍රීඩකයෙකුගේ
චරිතය නිරීපණය කරන්න නියමිතයි. මේ දිනවල අමීර් ඒ වෙනුවෙන් විශේෂ ශාරිරික
ව්‍යායාම්වල යෙදී සිටින බවත් ආරංචියි. ඔහු මීට පෙර එවැනි පුහුණුවක් ලැබූයේ
Dhoom 3 චිත්‍රපටයේ රගනය වෙනුවෙනුයි. නිතේෂ් තිවාරිත් මේ දිනවල
Dangal චිත්‍රපටයේ නිර්මාණ
කටයුතු වෙනුවෙන් කාර්යබහුල වෙලා සිටින්නේ. මේ වසරේ දෙසැම්බර් මාසයේදී පමණ එය තිරගත
කිරීමටත් නියමිතයි.
යතේජා ඥානරත්න
|