|
|
අක්ෂේ හා සෝනම් තරඟයක්
අක්ෂේ කුමාර් රඟන Baby චිත්‍රපටයත් සෝනම් කපූර් රඟන Dolly ki Doli චිත්‍රපටයක් තිරගත කිරීම ආරම්භ කළේ එකම දවසකයි. ඒ පසුගිය ජනවාරි 23 වැනිදායි. නීරජ් පාණ්ඩේ අධ්‍යක්ෂණය කළ ත්‍රාසජනක ක්‍රියාදාම චිත්‍රපටයක් වූ Baby චිත්‍රපටය සහ අභීෂේක් දෝග්‍රා අධ්‍යක්ෂණය කළ ප්‍රේමණීය කතා පුවතක් ගෙන එන හාස්‍යමය චිත්‍රපටයක් වන Dolly ki Doli චිත්‍රපටයත් අතර හොඳ තරඟයක් දැකිය හැකි බව කාගේත් අදහස වුණා. ඒ අතරේ Dolly ki Doli හි සෝනම්ගේ රංගනය ඇය මෙතෙක් රඟ පෑ චරිත අතරේ වෙනස්ම එකක් නිසා එය කාගෙත් විශේෂ අවධානයක් දිනාගනු ඇති බවත් ඔවුන්ගේ මතය වී තිබුණා. ප්‍රතිඵල බැලුවේ ප්‍රදර්ශනයෙන් දින තුනක් ගත වූ පසුවයි. එවිට අක්ෂේ කුමාර් රඟන Baby චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 35ක ආදායමක් ලබාගෙන තිබුණා. සෝනම් කපූර් රඟන Dolly ki Doli චිත්‍රපටය වාර්තා කළේ ඉන්දීය රුපියල් කෝටි 10ක් පමණයි. ඉන්දීය රුපියල් කෝටි 25ක පිරිවැයක් දරා නිමකළ Dolly ki Doli චිත්‍රපටය මේවන විට ලබා ඇති සම්පූර්ණ ආදායම ඉන්දිය රුපියල් කෝටි 16.81කි. ඉන්දීය රුපියල් කෝටි 58.97ක පිරිවැයක් දරා නිමකළ Baby චිත්‍රපටය දැනට ඉන්දීය රුපියල් කෝටි 62.94ක් වාර්තා කර තිබෙනවා. ඉන්දියාවේදී එහි ආරම්භක දිනයේ පමණක් ආදායම ඉන්දිය රුපියල් කෝටි 9ක්. |




