වර්ෂ 2015 ක්වූ පෙබරවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




ගීත රචකයෙක් නළුවෙක් වූ ෂෙල්ටන්

ගීත රචකයෙක් නළුවෙක් වූ ෂෙල්ටන්

ගායනය, ගී පද රචනය, රංගනය කියන ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේම කලා ලොව සැරි සරන ෂෙල්ටන් කරුණාරත්න මේ සැරැසෙන්නේ තමන්ගේ නවතම කටයුත්ත වූ සී.ඩී. පට ද්විත්වයක් පටිගත කිරීමය. ඔහු ‘සරසවිය’ට සිය අදහස් දැක්වූයේ මෙසේය.

“සඳ නෑ අහසේ පායා’ කියන සී.ඩී. පටය එළි දැක්වීමත් සමඟ ගායන දිවියට පිවිසෙන ඔහු ගුවන් විදුලියෙහි වෙළෙඳ සේවයෙහි ‘හෙට පායන තරු’ නම් වැඩසටහනට ද ගීත ගැයුවේය. එපමණක් නොව ලහිරු මුතුමාල හා දයානි ජල්තොට ගයන ‘හිරුගෙන් අසා ඉන්නදෝ’ ගීතය වඩාත් ජනපි‍්‍රය ගීතයක් විය.

ඒ වගේම මේ ළඟදී චිත්‍රපට දෙකටත් මම ගීත නිර්මාණය කළා. ඒ රුවන් හේවගේ අධ්‍යක්ෂණය කළ ‘පුංචි එවුන් සූරයෝ’ යන ළමා චිත්‍රපටයත්, සූර වීර සූරියෝ කියන චිත්‍රපටයත්. මේවා අතරෙන් ‘පුංචි එවුන් සූරයෝ’ චිත්‍රපටයේ සියලු රූගත කිරීම් අවසාන කර තිබුණත් ‘සූර වීර සූරියෝ’ චිත්‍රපටයේ වැඩ කටයුතු තවමත් අවසන් නැහැ.

ගීත ලියන්න අමතරව රංගනයට මා සහභාගි වන්නේ වසූදා ටෙලි නාට්‍යයේ දුෂ්ටයෙකුගේ චරිතයක් රඟමින්. ඊට පස්සේ ‘මහතලා සටන’ ඇතුළු නිර්මාණ 40 කට පමණ මා රංගනයෙන් දායක වූණා. ලලිත් පන්නිපිටියගේ ‘සංගිලි’ චිත්‍රපටයටත් මා රංගනයෙන් දායක වුණා. ඒ වගේම ඉදිරියේදී තිරගතවීමට නියමිත චිත්‍රපට රැසකටමත් ම රංගනයෙන් දායක වුණා.”

0726114052 යන අංකයට ෂෙල්ටන් අමතන්න ඔබටත් පුළුවන්.