|
|
ගුණානන්ද හිමි වැඩ ඇරඹුණදා
නාට්‍යකරුවකු ලෙස නමක් දිනාගත් සිසිල් ගුණසේකරගේ පළමු චිත්‍රපටයේ අධ්‍යක්ෂණ කටයුතු පසුගියදා ඇරඹිණ. ඔහු කලුඳුලේ නිර්මාණය කිරීමට සූදානම් වනුයේ මෙරට බෞද්ධ පුනරුදය වෙනුවෙන් අති මහත් මෙහෙවරක් කළ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිපාණන්ගේ ජීවිත කතා පුවතෙහි එක් පැතිකඩකි. ගුණානන්ද හිමි මිගෙට්ටුවත්තේ ලෙසට නම තබා ඇති මෙහි මුහුරත් උළෙල ගුණානන්ද හිමියන් වැඩ සිටි කොටහේනේ දීපදුත්තරාරාමයේදී පසුගියදා පැවැත්විණ. සිනමාපටයෙහි ගුණානන්ද හිමියන්ගේ චරිතයට පණ පොවනුයේ රොජර් සෙනෙවිරත්නයි. ලකී ඩයස්, බුද්ධදාස විතානාරච්චි, ප්‍රියංකර රත්නායක, සුරංගා රණවක, විමලේන්ද්‍රා කුමාරි, ජයන්ත මුතුතන්ත්‍රි, මෝමන් පළිහවඩන ඇතුළු නළු නිළියන් දෙසීයකට අධික පිරිසක් මෙම ඓතිහාසික සිනමා කෘතිය රංගනයෙන් හැඩ ගැන්වීමට නියමිතයි. කැමරාව කපිල සුගත් මෙහෙයවයි. ප්‍රවීණ් ජයරත්න සංස්කරණයෙන් ද, හර්ෂ මංජුල අංග රචනයෙන් ද දායක වන මෙහි සුනිල් එදිරිසිංහ සහ හර්ෂන දිසානායක ගැයුමෙන් එක් වේ. ලසංක මධුශාන් සහාය අධ්‍යක්ෂවරයාය. උපතිස්ස අකුරම්බොඩ කලා අධ්‍යක්ෂණයෙන් දායක වේ. මහින්ද බණ්ඩාර දිසානායකගේ ඇඳුම් නිර්මාණකරණයකි. ගුණානන්ද හිමි මිගෙට්ටුවත්තේ සිනමාපටයෙහි මුහුරත් උළෙලෙහි ප්‍රධාන ආරාධිතයන් ලෙස මාදුළුවාවේ සෝභිත හිමියන් සමඟ අමාත්‍ය කරු ජයසූරිය, හිටපු අමාත්‍ය ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු යන මහත්වරුන් සහභාගි විය. සිනමාපටයේ අනුශාසක වශයෙන් අමරපුර මහ නිකායේ ශාසනෝදය නිකායේ මහ නායක වස්කඩුවේ මහින්දවංශ හිමියන් කටයුතු කරයි. |



