|
|
වීරයකුගේ අවසානය TAKEN 3
දියණිය බේරා ගැනිමේදි ඇති කරගත් සතුරන්ගේ ගොදුරක් බවට පත් වන බ්‍රයන් සහ බිරිඳට දියණියගේ ද සහාය ඇතුව ඔවුන්ගේ ග්‍රහණයෙන් බේරී පලා යාමට හැකි වේ. බුද්ධි අංශ සේවයෙන් විශ්‍රාම ගිය ද බ්‍රයන්ගේ වැඩ කටයුතුවලට විශ්‍රාම සුවයක් නම් නොලැබේ. යළිත් ඔහු වෙහෙසිය යුතුව ඇත. දියණිය කිම් හමුවට පැමිණෙන විට දී පැරණි බිරිය ලෙනෝරේ ද හමු වෙයි. එහිදී ඇයගේ වර්තමාන සැමියා ඔහුට තර්ජනය කරන්නේ යළි ඇය හමු නොවන ලෙසයි. එහෙත් පසු දින ලෙනෝරේ විසින් එන ලද කෙටි පණිවුඩයකට අනුව බ්‍රයන් ඇය හමුවට ගිය ද ඔහුට දැක ගත හැකි වන්නේ ප්‍රාණය නිරුද්ධ වූ ලෙනෝරේ ගේ සිරුරයි. එතෙක් නොනැවතී මේ මරණය සම්බන්ධයෙන් බ්‍රයන් වැරැදිකරු කිරීමට ද යම් බලවේගයක් උත්සාහ කරයි. පොලීසියෙන් බේරී පලා යන ඔහුට තම නිර්දෝෂීභාවය ඔප්පු කළ හැකි එකම මාර්ගය වන්නේ නියම අපරාධකරු සොයා ගැනීමෙන් පමණි. වසර ගණනාවක් පුරා පුරුදු පුහුණු කළ ශිල්ප ක්‍රම භාවිත කරමින් ඔහු වෙහෙසෙන්නේ ලෙනෝරේගේ මරණයට වගකිව යුතු අපරාධකරු සෙවීමටය. මේ කතා පුවත රූප පෙළකට ගොනු වෙන්නේ ඔලිවර් මිගේටන් අධ්‍යක්ෂණය කල Taken 3 චිත්‍රපටයෙනි. ලොස් ඇන්ජලිස්හිදී රූගත කළ Taken 3, Taken චිත්‍රපට මාලාවේ තෙවැනි හා අවසාන චිත්‍රපටය වේ.
කෙසේ වුවත් Taken චිත්‍රපට මාලාව අසාර්ථක චිත්‍රපට මාලාවක් ලෙසින් හැඳින්විය නොහැකිය. Taken 3 චිත්‍රපටය මෙන්ම Taken 2 හා Taken චිත්‍රපට ද විචාරක ප්‍රසාදයට ලක් නොවුණ ද මූල්‍යමය අතින් ලාබ ලද මෙන්ම ප්‍රේක්ෂක ප්‍රතිචාර ද ඉහළින් ලැබූ චිත්‍රපට බවට පත් වී ඇත. Taken චිත්‍රපටය රොටෙන් ටොමැටොස් වෙබ් අඩවි දර්ශකයේ සියයට 58 ක් සහ මෙටා ක්‍රිටික්ස් වෙබ් දර්ශකයේ සියයට 50 ක පෙන්වන විටදි I M D B දර්ශකයේ 7.9 ක් වාර්තා කළේය. Taken 2 ද රොටෙන් ටොමැටෝස් වෙබ් දර්ශකයේ සියයට 21 හා මෙටා ක්‍රිටි‍්‍රක්ස් වෙබ් දර්ශකයේ සියයට 45 ක් දැක් වීය. 6.3 ක් I M D B දර්ශකයේ Taken 2 හට හිමි විය. Taken 3 නව චිත්‍රපටයට රොටෙන් ටොමෑටෝස් හි සියයට 10 ක්. මෙටා කිටික්ස් හි සියයට 25 ක් සහ I M D B හි 6.3 ක් වාර්තා කර ඇත. අමෙරිකානු ඩොලර් මිලියන 25 ක පිරිවැයක් දරා නිර්මාණය කළ Taken ලොව ප්‍රදර්ශනයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 226 ක ආදායමක් ලබමින් 2008 වසරේ තිරගත වූ සාර්ථකම චිත්‍රපටයක් ලෙස ඉතිහාසයට එක් විය. 2012 වසරේ තිරගත වූ Taken 2 ද අමෙරිකානු ඩොලර් මිලියන 376 ක ආදායමක් වාර්තා කළේය. එය නිෂ්පාදනනයට වැය වූයේ අමෙරිකානු ඩොලර් මිලියන 45 කි. පසුගිය ජනවාරි 09 වැනිදා සිට ලොව පුරා තිරගත වීම ආරම්භ කළ Taken 3 මේ වන විට ලබා ඇති ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 208 කි. නිෂ්පාදන පිරිවැය අමෙරිකානු ඩොලර් මිලියන 48 ක් විය.
ලියම් සමඟින් Taken 3 හි ෆොරෙස්ට් විටේකර්, ෆේමික් ජෙන්සන්, මැගී ග්‍රේස්, සෑම් ස්රූවෙල් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති. Taken 3 රචනය ලුක් බෙසන් සහ රොබට් මාර්ක් කාමෙන් විසින් සිදු කර ඇති අතර ඉදිරිපත් කෙරෙන්නේ ට්වෙන්යත් සෙන්චුරි ෆොක්ස් ආයතනය විසිනි. බ්‍රයන් මිලර් මුහුණ දෙන නව අභියෝගයේ විසඳුම සමඟින් Taken 3 චිත්‍රපට මාලාව අවසාන කෙරේ.
|



බ්‍රයන් මිල්ස් විශ්‍රාමික දක්ෂ බුද්ධි අංශ නිලධාරියෙකි. සංචාරයක් අතරතුරදී සිය
දියණිය, ලිංගික වහල් සේවයට යොදා ගන්නා කල්ලියක ග්‍රහණයට හසුවීමත් සමඟ ඔහු සටනට
පිවිසෙන්නේ තනිවමය. අතීතයේදී ලද අත්දැකීම් ද සමඟින් ඔහු සිය දියණිය බේරා ගන්නේ
පියරේ මොරෙල් අධ්‍යක්ෂණය කළ Taken චිත්‍රපටයෙනි.
එසේ වුවත් විචාරකයන්ගේ අදහස වූයේ
Taken චිත්‍රපට මාලාව Taken 2 චිත්‍රපටයෙන් අවසන්
වීම වඩා යහපත් හා ගෞරවාන්විත බවයි. ඇතැම් විචාරකයන් මේ නව සිනමා නිර්මාණය දකින්නේ
Taken චිත්‍රපට මාලාවට තුන්වනි කතාවක් ඇමිණීමක් ලෙසය.
Taken 3 චිත්‍රපටය කිසිදු
ආකාරයකින් හොඳ චිත්‍රපටයක් නොවන බවත් ඔවුහු පවසති. බ්‍රයන් මිල්ස් දැන් විශ්‍රාම ගත
යුතු බව විචාරකයන්ගේ අදහසයි. සත්‍ය වශයෙන්ම ඔහු දැන් විශ්‍රාම ගෙන තිබේ.
මෙම චිත්‍රපට මාලාව පිළිබඳ කතා කරන විට එහි ප්‍රධාන භූමිකාවට රංගනයෙන් දායක වන
ලියම් නීසන් ගැන ද යමක් කිව යුතුව ඇත. 1976 වසරේ සිට රංගන ශිල්පියෙකුව සිටි ලියම්ගේ
රංගන දිවියේ හැරවුම් ලක්ෂය ලෙස මෙම Taken චිත්‍රපට මාලාව හැඳින්වේ. දැනට 62 වැනි
වියේ පසුවන ඔහු Schindler's List, Les Miserables, Star Wars
Episode 1 : The Phantom Menace, Kinsey, Batman Begins වැනි සාර්ථක චිත්‍රපට රැසකට ඔහු
රංගනයෙන් දායක විය.


