වර්ෂ 2015 ක්වූ පෙබරවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




ගායනයට සුදුසු හඬක්

ගායනයට සුදුසු හඬක්

බොලිවුඩයේ බිග් බී, අමිතාබ් බච්චන් මේ දිනවල සිටින්නේ ලන්ඩනයේ. ඔහු දායක වෙන නවතම චිත්‍රපටය Shamithab චිත්‍රපටයේ ප්‍රචාරන කටයුතු වෙනුවෙනුයි දැන් කාලය වෙන් කරලා තියෙන්නේ. එහිදී බිග් බී සංකීර්ණ හඬකැවීමක් කරනවා.ඒ වෙනුවෙනුත් අමිතාබ් පසුගිය කාලයේ බෙහෙවින් කැප වුණා. එහි ධනුෂ්ගේ චරිතයට හඬ කවන්නෙත් අමිතාබ්. ඔහුට පිහිටලා තියෙන්නේ ගැඹුරු කටහඬක්. ඒ හඩ හදවතට දැනෙන බව බොහෝ දෙනා පවසනවා.

ඔහු චිත්‍රපට පසුබිම් ගායනයටද එක් වෙනවා. Paa, Cheenikun, Baghban, Bol Bachchan චිත්‍රපටවල අමිතාබ් ගීත ගායනයෙන් ද දායක වුණා. Shamithab චිත්‍රපටයේ ප්‍රචාරක කටයුත්තකදී එහි සිටි අයෙක් ගායනය ගැන අමිතාබ්ගෙන් අහලා. “මගේ හඬ දැන් හරිම සවුත්තුයි. එවගේම මම ගායකයෙකුත් නෙවෙයි. ඒ වුණත් දැන් තියෙන තාක්ෂයෙන් ඕනෑම කැත හඬක් ලස්සනට එළියට ගන්න පුළුවන්. හරියට අමෙරිකාවේ ෆ්‍රෑන්ක් සිනාත්‍රාගේ වගේ” කියලා අමිතාබ් එයට පිළිතුරු දුන්නා.

මේ අවස්ථාවට පැමිණි ධනුෂ්ටත් ආරාධනාවක් ලැබුණේ ඔහු විසින් රචනා කර ගායනා කළ 2011 වසරේදී අන්තර්ජාලයේ ජනප්‍රියම ගීතය වූ ‘වයි දිස් කොලවරි’ ගීතය ගයන්නයි. ෂමිතාබ් චිත්‍රපටයයේ ප්‍රචාරණ කටයුතු අතරේදී වයි දිස් කොලවරි ගීතය ගයන්න එපා යැයි තම බිරිඳ උපදෙස් දුන් බැවින් එය ගායනා කළ නොහැකි යැයි කියමින් ධනුෂ් ද එම ඉල්ලීම මඟ හැර ගියා.