මහරජ ගැමුණු ලක්ෂ 234 යි
මහරජ ගැමුණු ලක්ෂ 234 යි
ජයන්ත චන්ද්‍රසිරිගේ මහරජ ගැමුණු සිනමා කෘතිය මේ වන විට ලක්ෂ දෙසිය තිස් හතරක
ආදායමක් උපයා ඇති බව ඊ. ඒ. පී. සමාගමේ චිත්‍රපට බෙදා හැරීමේ අංශයේ කළමනාකරු කේ. ජී.
විමලදාස සරසවියට දන්වා සිටියි. එය තිරගත වී ආරම්භය මේ වන විට දින දහයකි. ලිබර්ටි
වැල්ලවත්ත, සීගිරි කටුගස්තොට, සිනෙක්ස්පෝ කුරුණෑගල සහ අනූෂා මහරගම යන සිනමාශාලා හී
මේ වන විට ඉහළම ආදායම් වාර්තා කොට තිබේ. එමෙන්ම මහරජ ගැමුණු හි ආදායම මේ වන විට
දෙවැනි වන්නේ සිරිපැරකුම් සිනමාපටයට පමණක් බව ඊ. ඒ. පී. සමාගම පෙන්වා දෙයි.
මහරජ ගැමුණු ගුණපාල රත්නසේකරගේ නිෂ්පාදනයකි.
|