|
|
සක්කර සූත්තර හරහා සිනමාවට පිවිසි වෙස් ගැන්වීම් ශිල්පියාපද්මසිරි තෙන්නකෝන්
මගේ ගම නුවර වත්තේගම. පාසල් යන කාලයේ පටන්ම මම රංගනයට බෙහෙවින් ආදරය කළා. එවැනි ආදරයක් මගේ සිතේ ඇති වෙන්නේ හතේ පන්තියේ ඉන්න කාලයේ ‘සිංහ පැටව්’ කියන චිත්‍රපටය නැරැඹීමෙන්. එතැනින් ආරම්භ වුණු රංගනයට තිබෙන කැමැත්ත සැබෑවක් බවට පත් වෙන්නේ වේදිකා නාට්‍ය තුනක රඟපෑමෙන්. ඒ හැරල්ඩ් කේ. ජයතිස්ස වගේම දියසේන අමරසිංහ කියන මහත්වරුන් අධ්‍යක්ෂණය කළ නාට්‍ය කිහිපයකයි. වේදිකාවෙන් පස්සේ මා රංගනයෙන් සහභාගි වන්නේ චිත්‍රපටවලටයි. ඒ සඳහා මම කොළොම්පුරවරයට පා තබනවා. එහෙදියි මට ‘සක්කර සූත්තර’ හා ‘ආසයි බයයි’ කියන චිත්‍රපටවලට රංගනයෙන් සහභාගි වන්නට අවස්ථාව හිමි වන්නේ. බොහොම සාමාන්‍ය චරිත කිහිපයකටයි එහිදී මම රංගනයෙන් පණ පොවන්නේ. මේ අතරදියි මට බෙනට් ජයතුංග කියන අපූරු වේශ නිරූපණ ශිල්පියා මුණ ගැසෙන්නේ. මටත් ඔබත් සමඟ වැඩ කරන්න පුළුවන් ද කියලා විමසුවාට පස්සේ ඔහු ඒකට එකඟ වුණා. ඒ විතරක් නෙවෙයි ඔහු වේශ නිරූපණයෙන් සහභාගි වන ‘නොම්මර 17’ චිත්‍රපටයට මාවත් සම්බන්ධ කර ගත්තා. ඒ සහය වේශ නිරූපණ ශිල්පියා වශයෙන්. එතැනින් ඇරැඹුණු මගේ වේශ නිරූපණ ශිල්පයට දිගින් දිගටම මට ආරාධනා ලැබෙනවා. ‘ආසයි බයයි’, ‘බජාර් එකේ චණ්ඩියා’, ‘ලව් ඉන් බැංකොක්’, ‘සුරනිමල’, ‘උතුර දකුණ’ ආදී චිත්‍රපට රාශියක ශිල්පීන් හා ශිල්පිනියන් මගේ දෑතෙන් හැඩ වුණා. වේශ නිරූපණ ශිල්පියෙක් විදියට ‘ලව් ඉන් බැංකොක්’ චිත්‍රපටයෙන් බැංකොක් යන්න අවස්ථාව ලැබුණත් ඒ සඳහා සහභාගිවීමට නොහැකි වුණේ පාස්පෝට් එක හදා ගන්න මට මුදල් නොතිබුණ නිසා. සහය වේශ නිරූපණ ශිල්පියෙක් විදියට දිගටම ඒ කාරිය කරගන ඉන්න විටයි මට රොහාන් මුදන්නායක මහත්තයාව මුණ ගැසෙන්නේ. ඔහුගේ සහාය වේශ නිරූපණ ශිල්පියා ලෙස වැඩ කරගෙන යෑමට මට ලැබුණු ආරාධනාව මා සතුටින් පිළිගත්තා. ඒ වගේම ඒ ටෙලි නාට්‍යවල යම් යම් චරිත රඟපෑවා. ඊට පස්සේ වසූදා, කිඳුරංගනා, කාව්‍යා කියන ටෙලි නාට්‍යවල ප්‍රධාන වේශ නිරූපණ ශිල්පියා විදියට කටයුතු කළා. එහිදී කොණ්ඩා සැරසිලි, ඇඳුම් නිර්මාණය කිරීමටත් සහභාගි වීමට මට අවස්ථාව හිමි වුණා. මේ අතර කිඳුරංගනා නාට්‍යයේත් මා රඟපෑවා. මෑතකදී මම වේශ නිරූපණ කටයුතු කළේ ‘ආදර සංධ්වනි’ හා ‘සුසුමට පවා රහසින්’ ආදී ටෙලි නිර්මාණ කිහිපයකයි. වෘත්තිය විදියට වේශ නිරූපණ ශිල්පයට අමතරව රංගන කටයුතුවලට සහභාගි වෙන්නත් මා කැමැතියි. පවුලේ විස්තර කිව්වොත් මගේ බිරිය සුජීවා ජයකොඩි. මට ඉන්නේ දුවලා තුන් දෙනෙක්. ලොකු දුව චතුස්කි රසාංජලී, දෙවැනියා විනීශා විදූෂි, තුන්වැන්නා සෞභාග්‍යා. මගේ අනාගත ආශාව වන්නේ සම්මානයක් ගැනීමට තරම් තැනකට පැමිණීමයි.
|



වේශ නිරූපණය කියන්නේ අද කලා ක්ෂේත්‍රයට නැතිවම බැරි අංශයක්. අධ්‍යක්ෂවරයාගේ සිතේ
මැවෙන රූපය ඒ ආකාරයෙන් නරඹන්නන් වෙතට රැගෙන එන වේශ නිරූපණය ලෙහෙසි පහසු කාරියක් නම්
නොවෙයි. මේ අප සරසවියෙන් කියන්නට යන්නෙත් එහෙම කෙනෙක් ගැනයි. රංගනයට කැමැත්තෙන්
කලාවට පිවිසෙන ඔහු අවසානයේ නතර වෙන්නේ වේශ නිරූපණ ශිල්පියෙක් වෙලා. ඔහු පද්මසිරි
තෙන්නකෝන්.