මග දිගට රස කතා
ජනපති ඔබමය හෙළ දැය ඔපලන . . .
සුනිල් විමලවීර ගීතයක් ලියලා. එහෙම කිව්වම ඔබ අහයි ඒක අරුම පුදුම ආරංචියක් ද කියලා.
මොකද සුනිල් ගීත ලියන්න පටන් ගත්තේ අද ඊයේ නෙවෙයිනේ. හැබැයි මේ ගීතයේ විශේෂත්වයක්
තියෙනවා. ඒ සුනිල් මෙය රචනා කරලා තියෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිඳුන්
වෙනුවෙන් වීම. ඔබට දැනගැනීම පිණිස අප එය මෙහි පළ කරනවා. කියවා බලන්න විමලවීරගේ
ජනපති උපහාර ගීතය කොහොමද කියලා.
මෙහි සංගීතය ලස්සන ජයසේකරගෙනි.
පුලතිසි පුරයෙන් මහවැලි ගං දහරින්
ථූපාරාමය සෑයේ රැස් කිරණින්
වටදාගෙය සැරැසූ සඳකඩපහණින්
ජවය ලබා සවිය ලබා
හිනැහෙයි මඩ සෝදා ගත් ගොවි රජිඳෙක්
ජන කුසුමන් ගෙල පළඳා ගනු මැනවි
පුංචි තැනින් ජන මෙහෙවර ඇරැඹුණ
දිනේ පටන් කළ සේවය අපමණ
සුවඳැති පොදු ජන දහදිය හඳුනන
වේවා ප්‍රණාම පූජා කළ ගුණ
අතු පැල මැදුරූ එක ලෙස දකිමින
දනමන පුබුදන පහනක් විලසින
මානව හිතවාදී ගුණ සපිරුණ
ජනපති ඔබමය හෙළ දැය ඔපලන
බොදු පිළිවෙත් සරු දිවි හැඩ වැඩ වුණ
දෑකුල ආගම් භේදෙන් දුරුවුණ
මෛත්‍රී යුගයෙන් සව්දිය පුරමින
යුග යුග වැජඹේවා ආසිරි ගෙන
දන්න ගායනය
නොදන්න රඟපෑමට වඩා හොඳයි
රුවන් හෙට්ටිආච්චි ගායනයට උපන් දස්සයෙක්. ඒ හින්දම ඔහුට ප්‍රසංග වේදිකාව සඳහා ලැබෙන
ඇරැයුම් ප්‍රමාණය ද මේ වන විට ඉහළ ගිහිල්ලා තියෙනවා. රුවන් ගැයූ සෑම ගීතයක්ම වගේ
ජනප්‍රිය වුණා. විශේෂයෙන් තරුණ පරපුරේ බොහෝ දෙනෙක් ඔහුගේ ගීත
ringing tone සඳහා ද
යොදාගෙන තියෙන්නේ ඒවාහි තිබෙන අපූරු සුන්දරත්වය නිසයි. රුවන්ගේ බිරිය ශෙරිල් ඩෙකර්.
එහෙමත් නැතිනම් අමා. ඇය රැඟූ ටෙලි සිතුවම් කිහිපයකම තේමා ගීතය ගැයුවේ රුවන්. තමන්ගේ
බිරිය රඟපානවා දැකලා රුවන්ට අමුතු අදහසක් පහළ වුණා. ඒ තමනුත් රඟපාලා බලන්න.
ශෙරිල්
එක්ක ජීවිතේට දර්ශන තලයකට ගිහිල්ලා නැති රුවන්ගේ සිතට ඇති වූ මේ ආශාව ගැන ඔහු කාත්
එක්කවත් කිව්වේ නම් නැහැ. ඔන්න රුවන්ට දවසක් ක්ෂේත්‍රයේ කෙනෙකුගෙන් දුරකතන ඇමතුමක්
ඇවිල්ලා. පුදුමේ කියන්නේ ඒ කතා කළ තැනැත්තා රුවන්ගෙන් අහලා තියෙනවා රඟපාන්න කැමැති
ද කියලා. හරියට රුවන්ගේ හිත දැනගෙන වගේ. රුවන් කල්පනා කරලා බලල වැඩේට නම් කිව්වලු.
හදවතින් සෞම්‍ය වුණත් රුවන්ගේ මුහුණෙ තියෙන චණ්ඩි පාටට ඔහුට ලැබිලා තියෙන්නේ දඩබ්බර
චරිතයක්. අර තැනැත්තා ලබා දුන් දින උදෑසන හය වෙන කොට රුවන් දර්ශන තලයට ගිහිල්ලා. ආව
ගමන් ඔහුට හොඳවයින් Makup පාරක් දැම්මලු. ඊට පස්සේ
script එක දීලා දෙබස් බලාගන්නත්
කිව්වලු. රුවන් ගිරවා වගේ ඒ ටික පාඩම් කරගෙන. ඔහු හිතලා තියෙන්නේ රංගනයත්,
stage
එකේ සිංදුවක් ගයලා සල්ලි අරගෙන ගෙදර යනවා වගේ වැඩක් කියලා. කොහොම හරි රුවන්
dialog
එහෙම කට පාඩම් කරගෙන බලාගෙන ඉන්නවා ඉන්නවා ඉවරයක් නැතිලු.
උදෑසන දහය වෙනකොට රුවන්ගේ
පළමු දර්ශනය අරගෙන. එතකොට තමයි ඔහුට යන්තම් සැනසීමක් දැනිලා තියෙන්නේ. ඔහු හිතුවලු
ඒ scean එක කරලා තමන්ට යන්න පුළුවන් කියලා. නමුත් ඔහුට ඉන්න කියලා සහාය
අධ්‍යක්ෂවරයා කියලා. වටින් ගොඩින් හොයලා බලද්දී තව දර්ශන කිහිපයකට පස්සෙලු රුවන්ගේ
දෙවැනි දර්ශනය ගන්න සැලසුම් කරලා තියෙන්නේ. රුවන් මොකද කරන්නේ, මේ මොන වදයක්දෝ
කියලා රුවන් එතැනින් මාරු වෙලා. ඔන්න එදා හවස තුනට නාට්‍ය කණ්ඩායමෙන් කෝල් එකක්
ඇවිල්ලා
රුවන්ගෙන කොහෙද ් ඉන්නේ අහලා. අනේ මට නම් බෑ ආයේ රඟපාන්න, ඔයාලා වෙන
කෙනෙක්ව හොයා ගන්න කියලා රුවන් කිව්වලු. එදා ඉඳන් රුවන් නෙවෙයිලු දර්ශන තලයක් පැත්ත
පලාතක ගියේ.
අලංකිට අලකලංචියක්
කිෂානි අලංකිට එක්තරා රූපවාහිනී නාළිකාවකින් ක්‍රියාදාම වැඩ සටහනකට ඇරැයුම් ලැබිලා.
දිවීම, පැනීම, ගස් නැගීම, කඳු පල්ලම් බැසීම වැනි අභියෝගාත්මක ක්‍රියාකාරකම්ලු එයට
සහභාගිවන්නන්ට කරන්න තියෙන්නේ. ඕනෑ මඟුලක් කියලා කිෂානි චණ්ඩි ෂ්‍යාමා වගේ වැඩේ බාර
අරගෙන. හැබැයි හිතුවට වඩා වැඩ සටහන ක්‍රියාදාම පැත්තට බරයිලු. කොහොම හරි පළමු සහ
දෙවැනි අදියර ක්‍රියාත්මක වුණායින් අනතුරුව කිෂානිට පාන් කියාගන්න බැරි තත්ත්වෙකට
පත් වෙලා.
ඒත් කෙල්ල පසුබැහැලා නැහැ. මේරියන් ජෝන්ස් තහනම් උත්තේජක අරන් ඔලිම්පික්
දිව්වා වගේ කිෂානිත් ග්ලූකෝස් පැකට් දෙක තුනක්ම ගිලලා ආයෙත් වැඩේට බැහැලා. එදා සැරේ
කිෂානි දුවපු දිවිල්ල නතර කලේ කකුලේ ඇණයකුත් ඇනගෙන. කිෂානිට වෙච්ච මේ අලකලංචි නිසා
ඇගේ අම්මත් බය වෙලා. එදා කිෂානි ගෙදර ඇවිත් තියෙන්නේ සෑහෙන්න මහන්සි වෙලා. මොන දේ
වුණත් චණ්ඩිකම අඩු නොකරගත් කිෂානි කියන්නේ ආයෙත් එවැනි වැඩසටහනකට කතා කළොත් ඒ
අභියෝගය බාරගන්නා බවයි.
හෝන් එකක්
ගිය දුරක්
කිලෝ මීටර් දෙකක් වාහනේක හෝන් ගගහා ගිය නළුවෙක් ගැන අහලා තියෙනවාද. එහෙම කෙනෙක් අපට
හමු වුණා. ඔහු ඔබ හොඳින් හඳුනන සරත් දික්කුඹුර. සරත් වැඩ කරන්නේ දුම්රිය
දෙපාර්තමේන්තුවෙනෙ. ඔහු මරදානේ සිට ඩී. ආර්. විජේවර්ධන මාවත ඔස්සේ තම කාර්යාලයට
එන්නේ පෞද්ගලික වාහනයේ. ඒ අතරතුරදි අතරමඟ හිතවතෙක් දුටුවහොත් නොවැරැදීම වාහනයට
නග්ගගෙන එනවා.
ඔන්න එක්තරා උදෑසනක ඩාර්ලි පාර හරහා ඇවිත් කොටුව පැත්තට හරවන
හන්දියේදී සරත් තම යාළුවකු දැකලා හෝන් කරලා. නමුත් මිත්‍රයා සරත්ට කිසිදු
ප්‍රතිචාරයක් නොදක්වා ඉදිරියටම ඇදුණලු. සරත් මොකද කළේ හෝන් එක ගගහා වාහනේ
slow කරගෙන මිත්‍රයා පස්සෙන් ගිය එක. ඔහොම කිලෝ මීටර් දෙකක්ම
ඇවිල්ලා. අවට මිනිස්සුත්
බලනවලු හෝන් ගගහා යන වාහනේ කවුද ඉන්නේ කියලා.
සරත්ව දැක්කම තවත් පුදුම වුණාලු. මොකද
සාමාන්‍යයෙන් රසික රසිකාවොනෙ නළුවො පස්සේ යන්නේ. ඒත් මේ සිද්ධ වෙන්නේ ඒකේ අනික්
පැත්තනෙ. කොහොම හරි අන්තිමේ අර මිත්‍රයා පාර පනින්න හදද්දි සරත්ව දැකලා. සරත් අහලා
මං හෝන් කළා ඇහුණේ නැතිද කියලා. මිත්‍රයා කනේ තිබුණු
earphone එක ගලවලා දාලා සරත්
ළඟට ආවලු. එතකොට තමයි සරත්ට තමන්ගේ හෝන් එක මිත්‍රයාට ඇහුණේ නැත්තේ ඇයි කියලා
තේරුණේ. කොහොම හරි එදා ඉඳලා සරත් කාට හරි හෝන් ගහන්න කලින් බලනවලු ඒකෙනාගේ කනේ
earphone තියෙනවද කියලා.
ඩැනී
තවමත්
කොල්ලා වගේ
ඩැනී ඩැනී ඩබ්ලිව්. පතිරණ ගැන අහලා ඇතිනෙ? ඔහු තමයි නිල්ල සොයා, කස්තුරි සුවඳ, චංචල
රේඛා ආදී චිත්‍රපට රැසක කැමරා අධ්‍යක්ෂවරයා. ඩැනී කැමරාකරණය අතින් අපිට සිටින
සුපිරි වැඩකරුවෙක් තමයි. ඒ වගේම බයිසිකලේ, චන්දිරා, අහිමි දඩමං වැනි චිත්‍රපටත්
අධ්‍යක්ෂණය කළේ ඔහු. ඩැනී ඊයේ පෙරේදා තමන්ගේ නවතම ටෙලි සිතුවම වන කිනිහිරේ පිපුණු
මල් වැඩ පටන් ගත්තා. එහි දර්ශන තල ලෙස යොදා ගත්තේ කුරුණෑගල අවට ප්‍රදේශ කිහිපයක්.
ඉතින් ඩැනී ඒ අවටින්ම තමා ඇතුළු නිෂ්පාදන කණ්ඩායමට ඉන්න
Lodge එකක් ගත්තා. ඒක හිත
මිත්‍රයකුගේ තැනක් හින්දා වැඩිය හොයලා බැලුවේ නැහැ. නවතින්න ආවම තමයි කට්ටියට තරු
පෙනිලා තියෙන්නේ. ඩැනී වෙන් කර ගත්තු කාමරේ ඇඳ කඩන් වැටෙන්න ඔන්න මෙන්නලු. ඒකෙ නිදා
ගත්තොත් පහුවෙනිදට පොළව බදාගෙන ඉන්න වෙන හින්දා ඩැනී පටස් ගාලා ලොරියකුත් කතා කරගෙන
කොළඹ ආවලු.
එහෙම ඇවිත් තමන්ගේ ඇඳ ඒකෙ පටවගෙන කුරුණෑගලLodge එකට ඇවිත් ඔහු විසින්ම
එය බිමට බාලා කාමරයට දැම්මලු. ඩැනී කරපු මේ වැඩේ ගැන අකිල සඳකැළුම් ඇතුළු නාට්‍ය
කණ්ඩායම කට ඇරගෙන බලාගෙන ඉඳලා. අන්න එදා තමයි ටිකක් වයස ගියාට ඩැනී තවමත් කොල්ලා
වගේ නේද කියලා හැමෝටම දැනිලා තියෙන්නේ.
|