|
|
මූදු පුත්තු
තාත්තාගේ මූදු පුත්තු යළි කරළියට ගෙනෙන දෝණි
වෛද්‍ය දීප්ති සාගරිකා ගලප්පත්ති
‘මූදු පතුළ යට ඉඳලා මුතු ඇටයක නිදි කරවා’ මේ ගීතය යුග යුග ගණනක් අපේ සවනත රැඳෙන ගීතයකි. එය අයත් වනුයේ මූදු පුත්තු නාට්‍යයේය. ගුණසේන ගලප්පත්ති ලාංකික වේදිකාවේ නිර්මාණය කරන ලද එකී මහා නිර්මාණය දැන් යළිත් වේදිකා ගත වෙයි. එහෙත් මෙවර එය ගෙන එනුයේ ඔහුගේ දියණිය දීප්ති සාගරිකා ගලප්පත්තිය. පියාගේ නාට්‍යයක් දියණියක අතෙන් යළිත් නිර්මාණය වීම සාමාන්‍ය කරුණක් වුවත් මෙහි විශේෂත්වය නම් මේ දියණිය නාට්‍යකාරියක නොව වෛද්‍යවරියක වීමයි. ඕ වෘත්තියෙන් චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරියක ලෙස කළුබෝවිල ශික්ෂණ රෝහලේ සේවය කළ ද කලාවට බෙහෙවින් ළබැඳි වෛද්‍ය දීප්ති සමඟ මේ අද ‘මූදු පුත්තු’ සමඟ බැඳුණු අතීතයත්, එය නැවත වේදිකාවට රැගෙන ඒම පිළිබඳත් යෙදුණු සංවාදයකින් සැකසුණකි.
මාතර දික්වැල්ලේ ඉපැදුණු ගුණසේන ගලප්පත්තිට මුහුදුකරය කියන්නේ අරුමයක් නොවෙයි. ඉපදුණු දවසේ ඉඳලම ඔහු මුහුදට ආදරය කළේ පුදුම විදියට. ඔරුවක පතුලේ හැංගිලා ඔහු මුහුදු ගියා. ඔහුගේ සීයා මුහන්දිරම් නිසා ධීවරයෝ හිටියේ ගලප්පත්තිගේ වැඩ ගැන බොහොම බයෙන්. ගලප්පත්තිට මේ වගේ වැඩ කරන්න පහසු වුණේ ඔහුගේ නිවෙස පිහිටලා තිබුණෙත් මුහුදු සීමාවෙම නිසා. දික්වැල්ලේ විජිත විද්‍යාලයෙන් හා මාතර රාහුලෙන් අකුරු කරන ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පිවිසෙන්නේ තමන්ගේ ඉරණම් ගමන තීරණය කරන්න වගේ. ඉරණම අනුව ඔහු නාට්‍ය ශිල්පයට පා නඟන්නේ එතැනදි. ඒ කාලයේ නාට්‍ය කලාවට තෝතැන්නක් වුණු පේරාදෙණිය ඔහුගේ ජීවිතයට ආලෝකයක්. ඒ ආලෝකය තවත් දීප්තිමත් වුණේ දීප්තිගේ අම්මාව ඉරණම පරිදි එතැනින්ම සොයා ගත්තට පස්සේ. ඔවුන් දෙදෙනා ඊට පසු කාලයේ සොඳුරු සුසංයෝගයක් බවට පත් වෙන්නේ බොහොම අපූරුවට. නාට්‍ය කලාවට කාලයේ ඉඩහසර නොමැති වන නිසා ගලප්පත්ති මුල්ම රැකියාව වුණු භාෂා පරිවර්තක තනතුර අත හරින්නේ මේ අතර. ඊළඟට ඔහු තෝරා ගත්තේ ගුරු වෘත්තිය. ගුරු වෘත්තියේ ඉඳගෙන නාට්‍ය කලාවේ දියුණුවට ඔහු බොහොම දේවල් කළා. "තාත්තා කළ පළමු නිර්මාණය වුණේ ‘සඳ කිඳුරු’ නාට්‍යයයිි. ඒ 1957 වසරේ. මේ නාට්‍ය මඟින් වේදිකාවට යක් බෙරය මුලින්ම හඳුන්වලා දෙන්නේ තාත්තා කියලයි බොහෝ දෙනා කියන්නේ. ඊට පසුව කළ ‘සඳ කිඳුරු’ නාට්‍යය ඔස්සේ බොහෝ දේවල් සිද්ධ වෙනවා. ඒ අනුව නාට්‍ය නැරැඹුව අමෙරිකානු තානාපතිනිය තාත්තාට ස්මින්මන් ෆුල් බ්‍රයිට් කියන ශිෂ්‍යත්වය පිරිනැමුවා. ඒ මඟින් ඇමරිකාවේ යේල් විශ්වවිද්‍යාලයට ගිය තාත්තා අධ්‍යක්ෂණය, වෙස් ගැන්වීම, රඟපෑම, ආලෝකකරණය ඉගෙන ගන්නවා. එහිදීත් ඔහු නාට්‍යය අධ්‍යක්ෂණය කළා. විශේෂයෙන්ම ස්ටැන්ස්ලවුස්කිගේ රංග රීතිය ලංකාවට හඳුන්වලා දුන්නා. එහිදී සිද්ධ වෙන්නේ නළුවා චරිතයට බැහැලා රඟපාන එකයි. උඩින් හෝ මතුපිට රඟපෑමක් නෙවෙයි කරන්නේ. ඒ ඔස්සේ මුලින්ම ‘මූදුපුත්තු’ නාට්‍යයයි තාත්තා ලංකාවේ ප්‍රේක්ෂකයන්ට හඳුන්වා දෙන්නේ. ඔහු එහි රඟපාන සෝමලතා සුබසිංහ, සිරිල් වික්‍රමගේ, නෙල්සන් කරුණාගම, සමන් බොකලවල, ලයනල් හේමසිරි, නිමල් විජේසිරි, සෝමසිරි බැද්දේගම කියන අයට මේ සියලු ක්‍රමවේද උගන්වලයි නාට්‍යයට සහභාගි කර ගත්තේ. තාත්තා ඒ ඉගැන්වුව විදිය ඔවුන් අදත් පවසනවා.’
චිත්ත අභ්‍යන්තරයේ ඇති වන විවිධ සිතුවිලි හා දරුවන් නොමැති වීම නිසා කාන්තාවක්
මුහුණ දෙන ඛේදවාචකය පිළිබඳ කතා කරන ‘මූදු පුත්තු’ තැනෙන්නේ මූදුකරයත් සම්බන්ධ
කරගෙන. නාකුළුව ගමේ සිටිය ධීවරයන්ගේ කතාවද මේ. ‘තාත්තා පුංචි කාලයේ ඉඳලාම මුහුද අධ්‍යයනය කළා. ඔහුගේ කෙළිබිම වුණේ සාගරයයි. එහි ගීතවලට පවා අවට පරිසරය යොදා ගත්තා. පහන් තරුව පායන තුරු ඔහු බලාගෙන හිටියා. ඔහු මුහුද ජීවිතයට සම්බන්ධ කර ගත්තා. උඩින් බලන සුන්දරත්වය මුහුද යට නැති බවත්, එය ගැඹුරු හා භයානක බවත් දැක්කා. හරියටම එයත් අපගේ ජීවිතය වගේ. රැල්ලක් යන විට තවත් රැල්ලක් එනවා. මේ විදියට රැලි රැසක් එනවා. අපගේ ජීවිතයත් එහෙමයි. එක ප්‍රශ්නයක් ගියාට පස්සේ තවත් ප්‍රශ්නයක් එනවා. මේ විදියට නාට්‍යයේ ගීතවලින් හා දෙබස්වලින් යටි පෙළෙන් කියැවෙන්නේ ජීවිතයයි. ඒ විදියට ඔහු ප්‍රේක්ෂකයන්ට පිටපතේ අපූරු දැනුමක් ලබා දුන්නා. මෙහි චරිත ගත්තොත් සරා, හින්නිහාමි, දියෝනිස් කියන චරිතවල නම් ගත්තේ තාත්තා ජීවත්වුණු ගමෙන්මයි. ඒ චරිතවල ඉන්න නම් තියෙන අය අදත් ගමේ ජීවත් වෙනවා. ඒ කාලයේ ඔවුන් ඒ පිළිබඳ දැනගෙන බොහොම සතුටට පත් වුණු බවත් මා දන්නවා. ඔහු සියඹලා කනත්ත, රැකව, රිදීගම, කොළණිය වගේ ප්‍රදේශත් ගත්තේ ඒ පළාතෙන්මයි.
මුලින්ම ‘මූදු පුත්තු’ වේදිකා ගත වෙන්නේ 1962 වසරේදී. ඊට පස්සෙත් ‘මූදු පුත්තු’
වේදිකා නාට්‍යය වේදිකා ගත වෙනවා. එතනදි තාත්තා නාට්‍යයට අලුත් කොටස් එකතු කළා. ඒ
අතර දෙබස්, ගීතත් තිබුණු වග මට මතකයි.’ මූදු පුත්තු කියන්නේ දිගු කාලයක් වේදිකා ගතවුණු නාට්‍යයක්. මෙය නිර්මාණය වෙන්නේ ගර්ෂියා ලෝකාගේ යෙර්මා නාට්‍ය ආශ්‍රයෙන්. ‘එහෙම කිව්වට තාත්තාම කියලා තියෙනවා මම ගත්තේ එහි වස්තු බීජය පමණයි කියලා. දරුවෙක් නැති ගැහැනිය කියන ඒ තේමාව තමයි තාත්තා ගත්තේ යෙර්මා නාට්‍යයට අනුව එහි තිබෙන්නේ ගොවි පරිසරයක්. ඒ අනුව සමාජයත් වගේම පුද්ගලයන් වුණත් මේ නාට්‍යයට වඩා වෙනස්. ඔහු ඊට පස්සේ දෑස නිසා, ලියතඹරා, දේවතා එළි, තාත්තා, මහහේනේ කතාව වගේ නාට්‍ය වගේම කවි පොත් කිහිපයකුත් ලිව්වා. ඒ අතර ගීතත් ලිව්වා. ‘දෑස නිසා’ චිත්‍රපටයක් බවටත් පත් වුණා.’ මේ හැම දෙයක්ම කරන්න ඔහුගේ ජීවිතයට අපූරු අත්වැලක් වුණේ සුමනා ගලප්පත්ති. ඈ නිවෙසේ විතරක් නෙවෙයි දරුවන්ගෙත් බර කරට ගත්තා. ‘තාත්තාට මේ නිර්මාණ කරන්න පුළුවන් වුණේ අම්මා මේ සියල්ලේම බර කරට ගත් නිසා. තාත්තාත්, අම්මාත් නාට්‍ය කලාවත් කියන්නේ තුන් දෙනෙක් නෙවෙයි, එක් කෙනෙක්. කුඩා කාලයේ ඉඳලාම අපිට නාට්‍ය කලාව කියන්නේ නුහුරු දෙයක් නොවෙයි. නාට්‍යවල පුහුණුවීම් තිබුණේ එක්කෝ අපේ ගෙදර. නැත්නම් ලුම්බිණියේ. නැත්නම් නව නගර ශාලාවේ. ඒ සෑම වෙලාවකම මමත්, මල්ලිලා දෙන්නත් එතැන හිටියා. මට අවුරුදු විස්සක් වනතුරුත් නාට්‍ය පුහුණුවීම් බලන්න ගියා. ඔහු නාට්‍ය අධ්‍යක්ෂණය කරන අයුරු මා බලාගෙන සිටියා. ඔහුත්, අපත් අතර තිබුණේ පුදුම බැඳීමක්. නිතරම ඔහු අපට අධ්‍යාපනය වගේම ගුණ ධර්මත් කියලා දුන්නා. අපේ මුළු නිවෙසම කලා ලෝකයක්. ඔහුට හොඳට බටනලා පිඹින්න පුළුවන්. සර්පිනාව වය වයා අපට නිතරම හොඳ ගී රස විඳින අයුරු ඉගැන්වූවා. ඒවා අපත් සමඟ නිතර ගැයුවා. එමෙන්ම අම්මාගේත්, තාත්තාගේත් රැකියාවෙන් ගන්න පඩිය වියදම් කළේ නාට්‍ය කලාවට බව මා දන්නවා.’ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණයේදී ගුණසේන ගලප්පත්ති අනුගමනය කළේ වෙනස්ම ප්‍රතිපත්තියක්. සාගරිකා දූ ඒ දෙසම බලාගෙන සිටියේ පුදුමයෙන් වගේ.
‘අධ්‍යක්ෂණය කියන කටයුත්ත කරන විට ඔහු ඒ පිළිබඳවම පමණයි අවධානය යොමු කරන්නේ. එතනදි
එයා වෙනම ලෝකයකට යනවා. ඔහු බොහොම සංවේදී පුද්ගලයෙක්. පුහුණුවීම්වලදී ඔහු වැඩිය කතා
නොකළත් ඔහුටම වෙන්වුණු සංඥා තිබුණා. නළුවෙක් හෝ නිළියක් හොඳටම රඟපෑවා නම් ඒ බව
දකින්නට ලැබෙන්නේ ඔහුගේ මුහුණෙන්. අනිත් කාරණය තමයි ඔහු කියූ වෙලාවටම පුහුණුවීම්වලට
පැමිණිය යුතුයි. එක් කෙනෙක් පමණක් ප්‍රමාද වුණත් එදාට නාට්‍යය පුහුණුවීම් නතර
කරනවා. ඒ වගේ විනයක් තාත්තා ඔවුන් අතර පවත්වාගෙන ගියා. එවැනි අවස්ථා කොතෙකුත්
තිබුණා. මේ නිසා නළු නිළියන් නියමිත වෙලාවට ආවා. නාට්‍යය ආරම්භ කරන මොහොතේ සංගීත
ශිල්පීන් ඉන්නේ එක් කෙනාද දෙන්න ද ඔහු නාට්‍ය නියමිත වෙලාවට ආරම්භ කළා. සමහර වෙ ‘මූදු පුත්තු’ වේදිකා නාට්‍ය නව නිර්මාණයක් විදියට එන්නේ කාලයකට පස්සේ. හරියටම එදා ‘මූදු පුත්තු’ වේදිකා ගතවුණු මැයි හතරම 2014 දීත් වේදිකා ගත වෙන්නේ දෛවෝපගත සිදුවීමකින් වගේ. ‘තාත්තාගේ සිහිනය වුණේ මේ නිර්මාණ දිගටම පවත්වාගෙන යෑමයි. ඒ සිහිනය සැබෑ කරන්න මට උවමනා වුණා. ඒ වගේම අලුත් පරපුරට මේ නිර්මාණ නරඹන්න අවස්ථාව ලබා දෙන්නත් මට උවමනා වුණා. ‘මූදු පුත්තු’ වේදිකා නාට්‍ය මෑතකදී නිර්මාණය වෙන්නේ 2014 වසරේදී. ‘සඳකිඳුරු’ නාට්‍යයේ නව නිෂ්පාදනයේදී මා සහභාගි කර ගත්ත විශ්වවිද්‍යාල හා පාසල් ළමයි තමයි අද වනවිට වෙන ක්ෂේත්‍ර නියෝජනය කරමින් ‘මූදු පුත්තු’ නාට්‍යයේ රඟපාන්නේ. දැනට සරාගේ චරිතය කරන ළමයා විශ්වවිද්‍යාල ළමයෙක්. මගේ එක දුවක් වන නවෝද්‍යා නාට්‍යයේ ඉයෝගේ චරිතය රඟපානවා. අනෙක් දුව කසුනිත් එහි ගයනවා. මගේ සැමියා තිස්ස ඒකනායකත් අත්වැල් ගායනයෙන් සහභාගි වෙනවා. එන්න ‘මූදු පුත්තු’ නාට්‍ය නරඹන්න කියලා මම ඔවුන්ට ආරාධනා කරනවා.’ සියල්ල ඒ කාලයේ තිබුණු විදියටම ප්‍රතිනිර්මාණය කළ වෛද්‍ය සාගරිකා වෛද්‍ය වෘත්තිය වගේම කලාවටත් ආදරය කරන්නියක්. අපූරු සෞන්දර්යවාදිනියක්. මිලී ලියනගේ, සෝමසිරි බැද්දේගෙදරත් තවමත් එදා වගේම මූදුපුත්තු සමඟ සම්බන්ධයි. ලයනල් එදිරිසිංහ, නිමල් විිජේසිංහත් උදව් කරන්නේ එකම හිතකින්. |



සුදු පාටින් පහන් තරුව

ලාවට
සංවිධායකවරු කිව්වොත් අද නම් මේ තරම් මුදල් ප්‍රමාණයක් තමයි එකතු වෙලා තිබෙන්නේ
කියලා, ඒක අරගෙන ඉන්න නළු නිළියන්ට බෙදලා දීලා ඔහු හිස් අතෙන් ගෙදර ආ වෙලාවල් ඕනෑ
තරම්.