|
රෙක්ස්ගේ උපන් දිනයට
වැඩිහිටියන්ට දානයක්
රෙක්ස් කොඩිප්පිලි නම් චරිතාංග රංගනවේදියා ගැන අමුතුවෙන් හඳුන්වා දෙන්න දෙයක් නැහැ. චිත්‍රපට ගණනාවක ප්‍රධාන දුෂ්ට චරිතය මැවූ ඔහු මේ දිනවල සිහින විලක් නාට්‍යය ඔස්සේ ඔබ හමුවට එනවා. රංගන කටයුතුත් සමඟ රෙක්ස් තවත් සුවිශේෂී කාර්යයක් වෙනුවෙන් මහන්සි වෙනවා කියලයි දැනගන්නට ලැබෙන්නේ.
ලූෂන්ට පිහිට වෙමු
ගුවන් විදුලි ගායන ශිල්පි, නළු ලූෂන් වර්ණකුලගේ පුතු පබසර ලක්ෂාන් ප්‍රනාන්දු හදවතෙහි ඇති සිදුරක් හේතුවෙන් අසනීප තත්ත්වයේ පසු වෙයි. ඔහුව සුව කිරීමට හාර ලක්ෂ හැත්තෑ පන්දහසක මුදලක් අවශ්‍ය බව වෛද්‍යවරු පවසති. මේ වන විට ඉන් ලක්ෂ එකහමාරක් ජනාධිපති අරමුදලින් ලබා දී ඇත. ඉතිරි මුදල සොයා ගැනීම සඳහා ලූෂන් ඔබේ ආධාර පතයි. ඒවා 024200172170547 මහජන බැංකුව හලාවත ශාඛාවේ ඇති ගිනුමට ලූෂන්ගේ නමට බැර කළ හැකිය. මේ ලූෂන්ගේ දුරකථන අංකයයි 0776845015.
|