|
ආදරයක මහිම
සැබෑ පෙමක සුන්දර බව විඳීන්නට හොලිවුඩයේ ඇති ඉඩකඩ බොහොම අඩුය. ඇන්ජලිනා සහ බ්‍රෑඩ් පිට් ඔවුනට සිටින හොඳම උදාහරණයයි. ඇන්ජලිනා පියයුරු පිළිකාවකට ගොදුරු වූවත් බ්‍රෑඩ් දක්වන පෙමෙහි අංශු මාත්‍රයක්වත් අඩු වූයේ නැත. ඇන්ජලිනා දරුවන් සමඟ සිය ‘අන්බ්රෝකන්’ සිනමාපටයට ඔස්ට්‍රේලියාවේ දර්ශන තල සොයද්දී, බ්‍රෑඩ් සිනමා සම්මාන උළෙලකට සහභාගිවීම සඳහා කැනඩාවට ගියේය. සිනමා උළෙලේදී ඔහුගේ ‘ට්වෙල්ව් ඉයර්ස් අ ස්ලේව්’ සිනමාපටය ප්‍රවර්ධනය කරන ලදී. හොංකොංහිදී ජොලී – බ්‍රෑඩ් හමු වූ අතර දෙදෙනා සාප්පු සවාරියක යෙදීමට ද අමතක නොකළහ. බ්‍රෑඩ් මෙහිදී ඇන්ජලිනාට අමතක නොවන තිළිණයක් පිරිනැමුවේය. ඒ ඩොලර් තුන් ලක්ෂයක දියමන්ති මාලයක් සහ ඔරලෝසු තුනකි.
එක වගේ වෙන්න හදලා
නිළි ලින්ඩ්සේ ලොහාන්ගේ අඩ සොයුරිය ඈෂ්ලේ හෝන් ලින්ඩ්සේ රුවට තම රුව සමාන කරගැනීමට ඩොලර් 25,000 ක් වැයකර ප්ලාස්ටික් සැත්කමක් කරගෙන තිබේ. අතිශය ජනප්‍රිය තාරකාවක වන ලින්ඩ්සේ හා තම රුව සමාන කරගැනීමට ඇය සිහින මවන්නේ කලක සිටය. දහ අට හැවිරිදි ඈෂ්ලි ද හොලිවුඩයට පිවිසෙන්නට බලාපොරොත්තුවෙන් සිටින්නීය. ‘ලින්ඩ්සේට වඩා මගේ පෙනුම සරාගි’යි ඇය දැනටමත් පුරසාරම් දොඩන්නීය. රහස් සබඳතාවකින් බිහි වූ දියණියක වන ඈෂ්ලිගේ ප්ලාස්ටික් සැත්කමට පියා නම් මනාප නැත. විසි හත් හැවිරිදි ලින්ඩ්සේ, ලීස් ඇන්ඩ් ඩික් (2012) රූපවාහිනී සිනමාපටයේ එළිසබත් ටේලර්ට රඟපා අතිශයින් ජනප්‍රිය වූවාය. ද කැනියොන්ස්, ද පේරන්ට් ට්‍රැප්, ෆ්රේකි ෆ්‍රයිඩේ, මීන් ගර්ල්ස් වැනි සිනමාපට රැසක රඟපා ඇති ලින්ඩ්සේ සම්මානනීය නිළියකි.
බිය සැක දුරු වූ දවස
නිළියක, මෝස්තර නිරූපිකාවක හා පුංචි තිරයේ ජනප්‍රිය ශිල්පිනියක වූ කිම් කාඩෂියන්, ක්‍රිස් හම්ෆ්‍රීස් සමඟ සිදු වූ අසාර්ථක විවාහයෙන් පසු සාර්ථක විවාහයක සතුට විඳීන්නේ දැන්ය. රැප් ගායකයකු වූ කන්යේ වෙස්ට් සමඟ යුග දිවිය ගත කරන කිම් සිඟිති දියණිය ‘නෝත් වෙස්ට්’ ගේ සුරතල් බලමින් කල් ගෙවන්නීය. කන්යේ වෙස්ට් කියන්නේ කිම් නිසා තමන්ට සියල්ල ලැබී ඇති බවයි. කලකදී ඇය කන්යේ සමලිංගිකයකු කියා බියෙන් පසු වුව ද දැන් සියලු බියසංකා දුරු වී අවසන්ය.
ගැහුව කරනමක තරම
නිළි ගායිකා මිලේ සයිරස් තවමත් දඟකාර හිරිමල් වයසේ පසුවන්නීය. එනිසාමදෝ ඇය පසුගිය දිනක පැරෂුටයකින් අඩි 12,500 ක ඉහළ සිට බිමට පැන්නාය. අහසේ කිරිල්ලියක මෙන් යාමට කැමැති බව මිලේ නිතරම පවසන්නීය. ඇය මෙවැනි පිම්මක් ගුවනේ සිට පැන්නේ රෝලිං ස්ටෝන් සඟරාව වෙනුවෙනි. මිලේ යටි පතුල්වල ‘රෝලිං ස්ටෝන්’ ලෙස පච්චා කොටා ගෙන ද ඇත. මිලේ සයිරස් පුංචි තිරයේ, රිදී තිරයේ වාගේම ගායන ලෝකයේ ද දැවැන්ත චරිතයක් ලෙසින් ගොඩ නැෙඟන්නීය. වයස අවුරුදු දාහතේදී මිලේ, සර්වකාලීන ධනවත් ගැටවර වියේ ගායිකාවන් විසි දෙනා අතර දහනව වැනියා වූවාය. බිල්බෝඩ් උණුසුම් ගීීීත දර්ශකයේ ඇයගේ ගීත අට වරක්ම අංක එකට පැමිණ තිබේ. ඇය අට හැවිරිදි වියේ සිටම රංගනයට සම්බන්ධය. බිග්ෆිෂ් (2003) මිලේ රැඟූ පළමු සිනමාපටයයි. ද ලාස්ට් සෝන්ග් (2010), සෝ අන්ඩර්කවර් වැනි සිනමාපටවල ප්ර්රධාන තාරකාව වූයේත් ඇයයි. මිලේ ‘ද ලාස්ට් සෝන්ග්’ රඟද්දී සහාය නළු ලයම් හෙම්ස්වර්ත් සමඟ පෙමින් බැඳුණාහ. 2012 දී විවාහ ගිවිස ගැනීමෙන් පසු ලොස් ඇන්ජලීස් හි දෙදෙනා එකට කල් ගත කළත් සැප්තැම්බරයේදී වෙන් වූහ.
කේට් දරු ප්‍රසූතියට සමීපව
ටයිටැනික් සුරූපිනිය, කේට් වින්ස්ලට් දැන් තිස් හත් හැවිරිදි මැදි වයසට පිවිසෙමින් සිටින තාරකාවකි. පසුගිය වසරේදී නෙඩ් රොක්න්රෝල් සමඟ විවාහ වූ ඇය දෙදෙනාගේ කුලුඳුල් දරුවා බලාපොරොත්තුවෙන් සිටින්නීය. කලින් සබඳතාවලින් ඇය දියණියක හා පුතකුගේ මවකි. මේ දිනවල ඇය ‘ලේබර් ඩේ’ නව සිනමාපටය ටොරොන්ටෝ අන්තර්ජාතික සිනමා උළෙලේදී ප්‍රවර්ධනය කරමින් සිටින්නීය. තම තෙවැනි දරු ගැබ නිසා වැඩිපුර කායික අසීරුතාවන්ගෙන් පීඩා විඳීන්නට සිදු වී ඇති බව ඇය පවසන්නීය. දෙපා ඉදිමීම නිසා අඩි උස පාවහන් පලඳා රතු පලස් මැදින් ඇය ඇවිද ගොස් ඇත්තේ ඉතා දුෂ්කරවයි.
|