|
ටෙලි සිනේ යන්ත්‍රයක් තැනුවා තවම ණය ගෙවනවා
එහෙත් පිටරට යන්ත්‍රයට කිසි සේත් දෙවන නොවන එබඳු යන්ත්‍රයක් තැනූ තැනැත්තෙක් අපට හමු වුණා. ඔහු ලලිත් පාලිත සිල්වා. මාස කීපයක් පුරා නිර්මාණය කරනු ලබන චිත්‍රපටයක හෝ ටෙලි නාට්‍යයක් මි. මි. 35 පටයක ඇති රූප පෙළක් ලේසර් කිරණයක් ආධාරයෙන් ප්‍රිස්මයක් හරහා කැමරාවකට කෙළින්ම යොමු කිරීම මඟින් මෙහි ක්‍රියාකාරිත්වය සිදු කරන අතර ඕනෑම පලුදු වූ විකෘති වූ පැරැණි රූප රාමු, චිත්‍රපට මේ හරහා නැරැඹිය හැකිවීමත් අද තිබෙන නවීනතම තාක්ෂණික පටිගත කිරීමකට එය නැවත පටිගත කර ගැනීමටත් මේ උපකරණය හරහා කළ හැකිවීමත් මෙහි ඇති තවත් සුවිශේෂී අංගයන් කිහිපයකි.
රාගම මහා විද්‍යාලයේ ඉගෙනුම ලබද්දී සිනමාව ගැන උනන්දු වූ නිසාම ඉ මම වගේ සුළු සේවකයෙක් කොච්චර දක්ෂ වුණත් ඒ අයට වටිනාකමක් දැනුණේ නෑ. එවක චිත්‍රාගාරයේ හිටියා සාරංගරාජා කියලා ඉංජිනේරුවෙක්. මේ මහත්තයා මට මේ උපකරණ අත පත ගාන්න, ඒවා කැඩුනාම හදන්න වගේ දේවල් සඳහා සම්බන්ධ කර ගත්තා. දවසක් චිත්‍රපටවල ශබ්දය පටිගත කරන උපකරණයක සින්ක් මෝටරය පිච්චුණා. මේක හදන එක ලොකු ප්‍රශ්නයක් වුණා. එදා නම් දරා සිටි සන් ඉලෙක්ට්‍රිකල් ආයතනයට ඒ මෝටරය හදන්න නොහැකි වුණා. සාරංගරාජා ඉංජිනේරු මහත්තයා මට ගොඩක් හිතවත් හින්දා මම මේක හදන්න උත්සාහ ගත්තා. අවසානයේ මගේ උත්සාහය හරි ගියා. එදා නම් දරපු ඉංජිනේරුවන්ටවත්, නම් දරපු කොම්පැනිවලටත් බැරි වුණ ඒ අලුත්වැඩියාව මම කරලා උපකරණය නැවත හැදුවා. ඒක අදටත් සරසවි චිත්‍රාගාරයේ ක්‍රියා කරනවා. එදා එහි ශබ්ද පරිපාලක වශයෙන් කටයුතු කළේ ජෝර්ජ් මනතුංග මහත්තයා. ටෙලි සිනේ යන්ත්‍රයක වටිනාකම ලක්ෂ පනහක් පමණ වෙයි. එහෙත් එය නිපදවන්නට කිසිවකු හෝ මුදල් දුන්නේ නැත. රුපියල් විසි පන්දහසක් පොලියට ගත් ඔහු එයින් කටයුත්ත ඇරැඹුවේය. ඒ සඳහා ලක්ෂයකට අධික මුදලක් වැය විය. කෙසේ වෙතත් ඔහුගේ අලුත් ටෙලි සිනෙ යන්ත්‍රය පිළිබඳ වගකිවයුත්තන්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැත. මේ කර්තව්‍යයට ඔහු පසුපසින් සිටින්නේ ඔහුගේ බිරිය මාලා පමණය. මේ ටෙලි සිනේ යන්ත්‍රය පිළිබඳ වගකිවයුත්තන් බොහෝ දෙනාට දැනුම් දුන්න ද කිසිවකුගෙන් ප්‍රතිචාරයක් ලැබී නැත. චිත්‍රපට සංරක්ෂණය කරන වැනි වැඩකටවත් මේ උපකරණය ප්‍රයෝජන ගන්නේ නැත්තේ ඇයි දැයි කියන එක මට ප්‍රශ්නයක් යැයි ඔහු ශෝකයෙන් යුතුව පැවසීය.
|