|
ඔබ අපට ආඩම්බරයකි මාමේ
ජගත් චමිල මාමේ ඔබ අපේ මවුබිමට කීර්තියක් ගෙනා ඉතා විශිෂ්ට රංගන ශිල්පියෙකි. එදා ඔබ
පැමිණි සරසවිය තරු මිහිර වැඩසටහන තුළින් අප සමඟ සුහද කතාබහක යෙදුණු ඔබ නිරහංකාර
චරිතයකි. සිනමාව, ටෙලි නාට්‍ය රංගනයේදී ප්රේක්කෂකයන් ප්‍රීතිමත් කරන ඔබ හොඳම නළුවා
සම්මානය අතැතිව ලංකාවට පිය නැගුවේ අප මවුබිමට ආඩම්බරයක් ගෙන දෙමිනි. ජගත් මාමෙ මම 2013. 08. 29 තරු මිහිර වැඩ සටහන තුළින් ඔබ හමු වූ කොස්ගොඩ සඳුසි අයෙෂ්මා
රිදී සීනු පරයන හඬින් විරාජිනිය ගැයූ ගී නදින්,
සිත් ඇද බැඳ ගන්නා සුළු සුන්දර රූ සපුවකට හිමිකම් කියන නිරෝෂා විරාජිනිය නම් වූ
ඇයගේ රිදී සීනු පරයන සුමියුරු හඬින් ගැයූ සීගිරි ගීයක්, දුහුල් මලක, සඳ සාක්ෂි, සඳ
නිවාඩු, සිනාසෙන්න මට, ඉගිලෙන්න තහනම් ඇතුළු ගීතවල රසයට අප ඇදී යන්නේ
නිරායාසයෙන්මයි. නිලාර් එන්. කාසිම් පද රචනය කළ කරදිය සුළඟට ගීය හරි අපූරුවට ඇය
ගායනා කරනවා අහන් ඉන්නත් ආසයි. ඩබ්ලිව්. ලෙනාඩ් ප්‍රනාන්දු බටහිර අධිකාරිමුල්ල දූනගහ
නන්දා මාලිනිය සමඟ ගී ගැයීම භාග්‍යයක් චූටි දුවේ . . .
මලී 2 ‘අත්තම්මා’ ටෙලි වෘතාන්තයේ නන්දා මාලිනියන් සමඟ එහි තේමා ගීතය ගයන විදුෂා
නේත්‍රාංජලී චූටි දුවේ, ඔබේ ගැයුම ලයාන්විතයි. හරිම අපූරුයි. ඔබ ලිටිල් ස්ටාර්
තරගයේ පෑ දක්ෂකම් අපට මතක නැතුවා නොවෙයි. නන්දා මාලිනී වැනි සම්මානනීය ගායිකාවක සමඟ
ගී ගැයීමට ලැබීමත් ඔබගේ භාග්‍යයකි. කරුණාදාස දොඩන්ගොඩ ඇරැව්වල
මනස සුවපත් කරනා දොරමඬලාව කාලීනයි
සෑම සතියකම සඳුදා රාත්‍රී දහයට ස්වාධීන රූපවාහිනිය මඟින් ප්‍රචාරය වන දොරමඬලාව ඉතා
හරවත් කාලීන වැඩසටහනකි. උගත් බුද්ධිමත් විද්වත් මණ්ඩලයකින් සමන්විත වූ මෙම වැඩ සටහන
මඟින් මෙය නරඹන ප්‍රේක්ෂකයා හට ලබා දෙන්නේ මනස සුවපත් කරන වදන් මාලාවන්ය. මේ නිසා
මෙය නරඹන ප්‍රේක්ෂක සමූහය දොරමඬලාව වෙත යොමු වන්නේ නිරායාසයෙනි. කවදත් දොරමඬලාව වෙත
නිබඳ දායකත්වය සපයන හසන්ත හෙට්ටිආරච්චි මහතාට එහි ගෞරවය හිමි විය යුතුය. එම්. ඉන්ද්‍රපාල මුංහේන
විකෘති කර ගැයූ ගී හදවතට වේදනාවක්
අපේ රටේ ජනප්‍රියම ගායකයා එච්. ආර්. ජෝතිපාලයන් බව අමුතුවෙන් කිව යුතු නැතැයි
සිතමි. ඉතින් ඒ අමරණීය ගායන ශිල්පියාගේ විකෘති කර ගයා ඇති ගී සමහර ගුවන් විදුලි
නාලිකාවලින් ප්‍රචාරය වන විට රසික අපේ හදවත් තුළට දැනෙන්නේ පුදුම වේදනාවකි. අතුල රම්‍යසිරි පානදුර
සැබෑ ලොවේ ඩිංගිරි වෙද හාමිනේ?සැබෑ ලොවේ දුලීකා මාරපන ‘අත්තම්මා’ ටෙලි සිතුවමේ ඩිංගිරි වෙද හාමිනේ ගැන ‘සරසවිය’ පුවත්පතේ පළ වූ හද සසල කරවන පුවත පිළිබඳව දුටු සැනින් නෙතට කඳුළක් උපන්නේ සැබෑ ලෙසය. ඔබ ඩිංගිරි වෙද හාමිනේ චරිතය තුළින් පෑ දස්කම් අපට අමතක කළ හැකි නොවේ. එය සදාකාලික මතකයේ ඇදෙන චරිතයකි. ඔබේ ගමන් විලාසය කතාව හැසිරීම ආදී හැම දේකින්ම අප දකින්නේ ඔබේ අපූර්වත්වයයි. ඔබ සැබෑ ලොවේ ඩිංගිරි වෙද හාමිනේ කෙනෙකු වැනිය.
දුක් කරදර කම්කටුලු අප කාටත් පොදු දේවල්ය. නමුත් ඔබේ කතා කිරීමේ හැකියාව ඔබට අහිමි
වන්න යන්නේ ඇයිදැයි අපට නොතේරේ. කෙසේ නමුත් ඔබට කර ඇති වෛද්‍ය ප්‍රතිකාර තුළින්
ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු. කරුණාදාස දොඩන්ගොඩ දොඩන්ගොඩ
S.M.S.
ජැක්සන් ඇන්තනී අති දක්ෂ රංගනයක යෙදෙන ස්වර්ණවාහිනියේ විකාශය වන බණ්ඩර දෙයියෝ
නාට්‍යය අප සැමට ආදර්ශ රැසක් ගත හැකි ටෙලි නාට්‍යයකි. යූ. ජී. පාලිත කුමාරසිංහ ගඩලාදෙණිය
චාමර වීරසිංහ කේ. ඒ. ඩී. නාමල් අකුරැස්ස
මුවට සිනහව ගෙන දුන් මිහිර අයියා වැනි කලාකරුවන්ගේ නෙතට කඳුළක් ගෙනදීම ගැන ඔහුට
ආදරේ කරන අප වැනි රසික රසිකාවන් දුක්වනවා. ජීවිතේ හැම විටම විහිළුවකට ගැනීම නොකළ
යුතු දෙයක් බව ඔහුගේ කතාවෙන් හැමෝටම පසක් කළා. ගයනි ඇඹිලිපිටිය
ශාසනයට අපකීර්තියක් ගෙන ආවා කියා සනත් ගුණතිලකට එල්ල වූ චෝදනාවක් පසුගිය සරසවියෙන්
දුටුවා. අප රටේ මිනිස්සු එක දවසක් හරි මහණ වුණා නම් රට කොතරම් දැහැමි වෙව්ද. කරුණු
නොදැන කතා කිරීම වැරැදියි. සනත් ගුණතිලක කරන සියලු වැඩ කටයුතු සාර්ථකයි. ගිහානි මහනුවර
හරූන් කුමාර් ලන්ත්‍රා,
සංගීත ලොවේ හැඩකාරයා, සුළං කුරුල්ලා යන ආඩම්බර නාමයන්ගෙන් හඳුන්වන ලද හරූන්
ලන්ත්‍රා නම් සුවිශේෂ ගායකයාණන්ගේ ගීත නව පරපුරේ අය ගයා මුදල් සෙවීම හරිම ඛේදජනකයි.
ඔහු මේ වන විට අන්ත අසරණ තත්ත්වයේ සිටියි. කරු මන්දාවල නාත්තන්ඩිය
සිංහල සිනමාවේ ආදරණීය සිහින කුමාරයා ඔයයි රොෂාන් අයියේ. චලනි අවිස්සාවේල්ල
සුදු නංගිගේ විවාහයට සුබපතමි. සඳමාලි කළුතර
ජෝති, සුජාතා, ලතා, ඇන්ජලීන්, මිල්ටන්, බෙග් වැනි ජනප්‍රිය කලාකරුවන්ගේ සිනමා ගීත
බොහොමයක් වැළලී ගිහින්. එදා අපි සිනමාහල් තුළදී ඇසුවාට පසු කවදාවත් අහන්න ලැබුණේ
නැහැ. සුනිල් ශාන්ත කිරිබත්කුඹුර
හරයක් නැති සිහින විලක් අපට හරිම හිසරදයක් යනුවෙන් පසුගිය සරසවියට ජාඇල නිශා ලියා
ඇති දෙය දුටු විට මෙය එවන්නට සිතුනි. වෙනත් අවර නිර්මාණ අතර සිහින විලක් යනු තවත්
එවැනිම කාලය කා දමන ටෙලියක් බව නම් සැබැයි. එනමුදු එහි මොරීන් චාරුණී, කුමාර
තිරිමාදුර සහ මිහිර සිරිතිලකගේ රංගනයන් පැසසිය යුතුයි. ප්‍රනාන්දු මීගමුව
නොයෙල් රාජ් අයියේ ඔයාගේ අලුත් සිංදුව ළෙංගතු හිත හරිම හැඟුම්බරයි. ඔයත් ඇරෝස්ටාර්
සංගීත කණ්ඩායමට බැඳෙන්නකෝ. සංජීව කඩිගමුව
දිරිය දියණි යළි අපිට සුජාත දියණි මතක් වෙනවා. මේ වගේ කතා අප තව තවත් බලාපොරොත්තු
වෙනවා. ශාමිලා ගම්පහ
තරුමලී නාට්‍යයේ තරුමලීගේ චරිතය නම් බොහොම දුර්වලයි. රඟපානවා නම් බොහොම මදි. තවත්
චරිතය ගැන උනන්දුවන්න. වාසනා නාගොඩ ගාල්ල
අනේ පින් සිද්ද වෙයි සංගීතය කරන අලුත් පරපුරේ කොල්ලනි පැරැණි ගායක ගායිකාවන්ගේ
උතුම් ගීත රීමික්ස් කරන්න එපා. ඇයි ඔයාලට අලුත් දෙයක් කරන්න බැරි. තරංග, චතුරානි ගාල්ල
සුසන්තා චන්ද්‍රමාලි, දසුන් නිශාන්, භාග්‍යා ගුරුසිංහ, ධනංජය සිරිවර්ධන, ඕෂධී හේවාමද්දුම, ටිරාන් වික්‍රමසූරිය වැනි ප්‍රවීණ සහ නවක නළු නිළියන් රැසකින් පෝෂණය වූ අපේක්ෂා ටෙලි නිර්මාණය තුළින් අපට ලබා දුන් ඔවදන් රැසකි.
අධ්යක්ෂ ලිලන්ත කුමාරසිරි මහත්තයෝ ඔබ නම් කළ ඒ නාට්‍යය මල් හතයි. විශාකා ලක්මාලි වැලිමඩ
ප්‍රියාදර උද්දික ප්‍රේමරත්න සොහොයුරාණෙනි, සමනල සංධ්වනිය හැඩ ගන්වන තාරුණ්‍යයේ
රංගධරයාණෙනි කෙදිනක හෝ මේ හෙළ සිනමාවේ ඔබට හිමි රන් කිරුළ සමනල සංධ්වනිය එනතුරු අපි
බලා සිටිමු. මතු දිනක අපේ රංගන කරළියේ දක්ෂතම නළුවා ඔබ වෙයි. විරාජ් බණ්ඩාර නිකවැරටිය
අනුරුද්ධ ගාම්භීරආරච්චි රඟන රොමියෝ සහ දාන්තෙ නාට්‍යය හොද මට්ටමක තියෙනවා. ඔබ
සිනමාවට එනවා නම් හොඳයි. මිහිරානි වාද්දුව
මෙගා නාට්‍යය කොටස් පණහකට සීමා කරන්න. කොටස් සීයක් වැඩියි. කුසුම් ශ්‍රී වැරැල්ලවත්ත ගම්පහ
|