|
මගේ පළමු ප්‍රේමවන්තිය නිළියක්
ජනිත් වික්‍රමගේ
පළමු ආදර
අන්දරය සිහි කරයි
* ඔබ පෙම්වතෙක්ද? මේ වෙනකොට නම් මම පෙම්වතෙක් නොවෙයි.
* ඒ කියන්නේ ඔබ මීට කලින් එහෙනම් පෙම්වතෙක්? ඔව්. ඒ බොහොම කාලයකට පෙරයි.
* ඒ ආදරයට මොකද වුණේ? ඒක නැති වුණා.
* කවුද ඈ? ඇගෙ නම අපි නොකිය ඉමු.
* මොකද ඒ? ඒක වඩාත් හොඳයි.
* එහෙනම් ඇයි ඈ අහිමි වුණේ? ඈ මට වඩා අවුරුදු දෙකක් පමණ වැඩිමහල් යුවතියක්. වයසත් එක්ක අපේ තිබුණු නොගැළපීම අපි දෙන්න ඈත්වීමට හේතු වුණා.
* ඒ විතරමද? ඇත්තටම ඔව්. අපි දෙන්නා ගැන අපි දෙන්නාම හිටියේ බොහොම අවබෝධයෙන්. ඒ නිසා අපි කතාබහ කරලා වෙන් වුණා. අදත් අපි හොඳ යාළුවෝ.
* ඒ කියන්නේ ඔයාලා අතර තරහක් නෑ. යාළුවො වගේ තවම අපි කතාබහ කරනවා.
* ඒ කාලේ ඔබ ජනප්‍රිය නළුවෙක්ද? නෑ. නමුත් මම මගේ පළමු චිත්‍රපටය වුණු ‘හිරිපොද වැස්ස’ වගේම මගේ පළමු ටෙලි නාට්‍යය ‘මැණික් මාලිගා’ කියන නිර්මාණවලට රංගනයෙන් දායක වී සිටියා.
* හරියටම ඒ මොන කාලයේද?
මම හිතන්නේ ඒ වෙනකොට මම ඒ ලෙවල් කරනවා.
* ඇයත් පාසල් ශිෂ්‍යාවක්ද? අපෝ නෑ.
* ඔබට ඇයව මුණ ගැසෙන්නේ කවදාද? ඒක නම් මට අමතකයි.
* කොහේදීද? එක දවසක් මම රූගත කිරීමක් බලන්න ගියා. ඒ අවස්ථාවේදී තමයි මම ඈව දැක්කේ.
* ඈ එහෙම නම් නිළියක්. ඔව්. ඈ නිළියක්.
* එයා තවමත් රඟපානවාද? ගොඩක් නිර්මාණවලට ඈ රඟපෑමෙන් දායක වෙන්නේ නෑ.
* මතකද ඇයට ඔබ මුලින්ම අදරෙයි කියූ දවස? දවස නම මතක නෑ. නමුත් මම ඇයට ආදරෙයි කියලා කිව්වේ එස්. එම්. එස්. එකකින්.
* ඇයව දුටු ගමන්ම ආදරයක් ඇති වුණා. ඔව්. ඈ ගැන යම් පැහැදීමක්, සුන්දරත්වයක් මගේ සිතේ ඇති වුණා.
* ඈ ඔබගේ ආදරය එකවරම පිළිගත්තද? එක්වරම නෙමෙයි. කතාබහ කරලා ටික දවසකින් තමයි ඈ මට ඇගේ අදහස ප්‍රකාශ කළේ.
* ඇය ඔබට මුලින්ම දුන්න තෑග්ග කුමක්ද? තෑගි නම් ඕන තරම් දීලා තිබෙනවා. ඒ දෙන තෑගි අතර ඈ විවිධ දේ මට ලියලා දෙනවා. ඒ කවි, නිසදැස්වලට මා කැමැතියි.
* ඔබ ඇයට දුන් මුල්ම තෑග්ග මතකද? මට නම් ඇයට ඒ තරම් තෑගි බෝග දෙන්න හැකි වුණේ නෑ. මොකද මම එතකොට පාසල් යන ශිෂ්‍යයෙක්. මගේ ළඟ ඒ තරමටම මුදල් තිබුණේ නෑ.
* මුලින්ම හමු වුණේ? ඒක නම් මට හොඳට මතකයි. ලන්ච් එකකදියි අපි මුලින්ම හමු වුණේ.
පළමු ප්‍රේමය අමතක කරන්න නම් බැහැ තමයි. ඒක අලුත් අත්දැකීමක්. ඒ පළමු අත්දැකීම, නැවුම් ආදරය කිසිම කෙනෙකුට අමතක වෙන්නේ නෑ.
* ඔබ දෙපළගේ ආදරය කොයි තරම් කාලයක් තිබුණාද? අවුරුදු එක හමාරක් විතර තිබුණා.
* ඒ ආදරය ගැන අම්මගෙන්. තාත්තගෙන් ලැබුණු ප්‍රතිචාර කොහොමද? ඒ අය ඒ ගැන දැනගෙන හිටියා. ඒ වුණාට කිසිම දෙයක් කියලා මට බලපෑම් කළේ නැහැ. අනිත් එක ඔවුන් හිතන්න ඇති ඔය කාලයේ තිබෙන ප්‍රේමය ඒතරම්ම ගණන් ගත යුත දෙයක් නොවේ කියලා.
* නැවතත් ආදරය කරන්න අදහසක් නැද්ද? එහෙම දෙයක් ගැන වැඩිපුර හිතන්නේ නෑ. හිතන්න තරම් වෙලාවක් ඇත්තෙත් නෑ. තියෙන වැඩ කටයුතුත් සමඟ දවස ගෙවෙනවා දැනෙන්නේ නෑ.
* ඒ කියන්නේ ඔබ මීට පස්සේ ආදරය ගැන හිතන්නේ නෑ කියලද? එහෙම නෑ. ඇයගේ ආදරය නැති වුණාට පස්සේත් මම තවත් යුවතියන් දෙදෙනෙකුට පමණ ආදරය කළා. ඒත් ඒ එකක්වත් හිතට වැදුණේ නෑ.
* ආදරය කියලා ඔබ අදහස් කරන්නේ මොකක්ද? ආදරය කියන්නේ සුන්දර හැඟීමක්.
* ඔබ සොයන පෙම්වතිය ළඟ තිබිය යුත්තේ මොන වගේ දේවල්ද? ඈ හරියටම මගේ අම්මා වගේ කෙනෙක් විය යුතුයි. ගතිගුණ, සුන්දරත්වය වගේම මාව හසුරුවන්ට පුළුවන් කෙනෙකු විය යුතුයි.
|