|
චිත්‍ර මූර්ති කැටයමට සහජ හැකියාවක් ඇති අජිත් කුමාර
අපේ රටේ සතර අත පැතිර ඇති තාරුණ්‍යයේ ප්‍රතිභාව එක්තැන් කරන ජාතික යෞවන සම්මාන ප්රදානෝත්සවය පසුගියදා නිමාවිය. ඒ ජාතික තරුණ සේවා සභාවේ ප්රයත්නයක් හැටියටයි.අපේ වෑයම ඒසොයා ගත් තාරුණ්‍යයේ ප්‍රතිභාව ඔබට හදුන්වා දෙන්නයි. මේ ලිපි මාලාව ඒ යොවුන් පෙළ වෙනුවෙනුයි. හම්බන්තොට දිස්ත්‍රික්කයෙ ,රණමයුර යෞවන සමාජයෙන්,දකුණු පළාත නියෝජනය කරමින් ජාතික යෞවන සම්මාන 2012 ප්‍රදානෝත්සවයේ දී කැටයම් සම්ප්‍රදායික අංශයේ දී ශ්‍රී මහා බෝධිය ලංකාවට වැඩම කිරීම ලී කැටයමක් ලෙස ඉදිරිපත් කරමින් ප්‍රථම ස්ථානය හිමිකරගත් හඳුගල පදිංචි ටි.ඩි.කේ.අජිත් කුමාර පිළිබඳව හදුන්වා දීමට අද යංග් ටැලන්ට් තීරුව වෙන් කෙරේ. තම පියාට සහෝදර සහෝදරියන්ට මෙන්ම කුමාරට ද චිත්‍ර කලාව පිළිබඳ සහජ දක්ෂතාවක් ඇත. න/හඳුගල මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන අවධියේ දී පත්මිණී, දොන් වීරසිංහ යන ගුරුවරුන්ගෙන් චිත්‍ර කලාව ප්‍රගුණ කළ කුමාර, දැනට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපාධි තෙවන වසරේ මූර්ති කලා අධ්‍යනාංශයේ ඉගෙණුම ලබයි. තම අයියා වන තුෂාර චමිලසිරි ගෙන් මූර්ති කලාව ඉගෙන ගත් කුමාර ඊට අමතරව උද්‍යාන මූර්ති,මියුරල් ආදී කලාවන් හී නිරතව සිටී. චිත්‍ර , කැටයම් , මූර්ති කලාවෙන් ජයග්‍රහණ බොහොමයක් ලබා ඇති කුමාර මූර්ති කලාව රැක ගැනීම උදෙසා ඊළඟ පරම්පරාවට මේය ඉගැන්වීමට බලාපොරොත්තු වේ.
|