|
ඉන්දියානු සිනමා කතාව 34නිර්භීත නාදියා සහ වාඩියා මූවිටෝන්
මදර් ඉන්ඩියා නිර්මාණය කළ මෙහෙබුබ් නිසි අධ්‍යාපනයක් නොලද්දෙක් නමුත් ඔහුගේ සමකාලීන සිනමාකරුවෙක් ලෙස අද අපගේ අවධානයට යොමු වන ජේ.(ජාම්ශෙඩ්)බී.(බොමන්ජි)එච්.(හෝමි) වාඩියා (1901 සැප්තැම්බර් 13-1986 ජනවාරි 04) සිනමාවට එක්වනුයේ ඉංග්‍රීසි සාහිත්‍ය පිළිබඳ එම්.ඒ උපාධියක් ද නීතිය පිළිබඳ උපාධියක් ද රැගෙනය.සිනමාවට පිවිසීමට පෙර ඔහු බොම්බායේ සාන්ත සේවියර් විදුහලේ කථිකාචාර්යවරයෙක් ලෙස ද කටයුතු කළේය. එමෙන්ම කොමියුනිස්ට් පාක්ෂිකයකු වූ ඔහු ඉන්දීය විප්ලවවාදී ප්රජාතන්ත්රවාදී පක්ෂයේ ආරම්භක සාමාජිකයකු විය.පාර්සි ජාතිකයන් වූ වාඩියා වරු බොම්බායේ නැව් කර්මාන්තයේ කැපී පෙනෙන පිරිසක් විය.ජේ.බී.එච්. සිනමාවට මුල් වරට එක් වනුයේ 1928 වසෙර්ය. ඒ වසන්ත් ලීලා නම් චිත්‍රපටයේ තිරනාටක රචකයා මෙන්ම සමනිෂ්පාදකවරයා වෙමිනි.
එවකට කොහිනූර් සමාගමේ කැමරා
ශිල්පියකු වූ ජී.එස්.දේවාර් සමඟ එක්ව දේවාර් සිනමා රසායනාගාරය සහ වාඩියා ෆිල්ම්
එක්ස්ජේන්ජ් ආයතනය ගොඩ නැගූ ඔහු 1931 වසරේ දී සිය සොහොයුරු හෝමි වාඩියා සමග එක්ව
යුනයිටඩ් ප්ලෙයර්ස් ආයතනය ආරම්භ කළේය.ඒ වනවිට අමෙරිකාවේ අතිශය ජනප්‍රිය ඩග්ලස්
ෆෙයාබෑන්ක් ගේ සටන් ඇතුළත් සෝරෝ කතාන්තර ඇසුරු කර ගනිමින් චිත්‍රපට කිහිපයක් ම
වාඩියා සහෝදරවරු විසින් සිනමාවට නංවන ලදී.1933 වසරේ දී වාඩියා සොහොයුරෝ ඉන්දියානු
සිනමා ඉතිහාසයේ ජනප්‍රිය චිත්‍රපට රැසක් බිහි කළ වාඩියා මුවිටෝන් සමාගම බිහි කළහ.
ඒ
සඳහා ටාටා සමාගම මෙන්ම මැන්චෙස්ට්රා බී.බිලිමෝරියා ද ආයෝජනයෙන් දායක වූහ.වාඩියා
චිත්‍රපට ජනප්‍රිය වූයේ ක්‍රියාදාම චිත්‍රපට
නාදියා ලෙස ජනපි‍්‍රය වූ යේ මේරි ඈන් එවන්ස්(1908 ජනවාරි 8-1996 ජනවාරි 09) නම් ඔස්ට්‍රේලියාවේ උපන් යුවතියකි.බ්‍රිතාන්‍ය හමුදා සාමාජිකයකු වූ හර්බට් එවනස් හා මාග්‍රට් එවන්ස් ගේ දියනිය වන ඇය බිළිඳීයකව සිටියදී පවුල පිටින්ම ඉන්දියාවේ පදිංචියට පැමිණියහ. පළමු ලෝක මහා යුද්ධයෙදී හර්බට් ජර්මානුවන් අතින් මිය ගියෙන් එවන්ස් පවුල අසරණ වූහ.පසුකලක මේරි රුසියානු සර්කස් කණ්ඩායමක සාමාජිකයෙකු වූවාය.ඇය වාඩියා මුවිටෝන් සමග සම්බන්ධ වනුයේ ලාල් ඊ යමාන් චිත්‍රපටයේ අතිරේක නිළියක හැටියටය. එහෙත් ඇය හන්ටර්වාලි චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පිවිසෙනුයේ නිර්භීත නාදියා යන නාමයද රැගෙනය.නාදියා ගේ ක්‍රියාදාම සටන් වලදී ඇය වෙනුවෙන් කිසිම ස්ටන්ට් නිළියක හෝ නළුවෙක් පෙනී නොසිටියහ.ඩයමන්ඩ් ක්වීන් සහ මිස් ෆ්රන්ටියර් මේල් වැනි චිත්‍රපටයන්හි ඇය වේගයන් ධාවනය වන දුම්රිය මැදිරි මතින් පැන යන දර්ශණ මාලාව ඇගේ නිර්භීත කමේ ලකුණක් විය.
1993 වසරේ දී හෝමි වාඩියාගේ මුණුබුරු රියාද් වින්ස් වාඩියා
සිය මිත්තනිය වෙනුවෙන් ෆියර්ලස් ද හන්ටර්වාලි ස්ටෝරි නම් අගනා
වාඩියා චිත්‍රපට සමාගමේ බොහෝ චිත්‍රපට අධ්‍යක්ෂණය කරන ලද්දේ හෝමි වාඩියා විසිනි.පසු
කලෙක ඔහු නාදියා හා විවාහ වූවේය. ඇස් ආවරණය කර ගෙන කඩු සටන් හා අශ්වයන් පදිමින්
නුතන රොබින් හුඩ් 1941 වසරේ දී වාඩියා මූවිටෝන් විසින් නිෂ්පාදනය කරන ලද රාජ් නාර්ටකී ඉන්දියානු සිනමාවේ විශිෂ්ට සංගීත චිත්‍රපටයක් ලෙස සැළකේ.මධු බෝස් විසින් අධ්‍යක්ෂනය කරන ලද රාජ් නාර්ටකී හින්දි බෙංගාලි සහ ඉංග්‍රීසි යන භාෂා ත්රිත්වයකින්ම නිර්මාණය කරන ලද්දකි.එහි ප්‍රධාන චරිතය මධු බෝස් ගේ භාර්යාව වන සධෝනා බෝස් විසින් නිරූපණ කරන ලදී. එහෙත් මේ චිත්‍රපටය වාණිජ මය වශයෙන් අසාර්ථක විය. වාඩියා මුවිටොන් ගොඩ නගන ලද්දේ බොම්බායේ පිහිටි වාඩියා පවුලට අයත් ලව්ජි කාසල් මන්දිරයේය.රාජ් නාර්ටකී අසාර්ථක වීමත් සමග සමාගම වසා දැමිණ. චිත්රාගාර බිම ප්‍රභාත් සමාගම මගින් ඉවත් වූ වී.ශාන්තාරාම් විසින් මිළයට ගනු ලැබ එහි තම නව සමාගම රාජ් කමාල් කලා මනිදීර් ආරම්භ කළේය.කෙසේ වෙතත් වාඩියා සහෝදරයන් වෙනවෙනමම හැත්තෑව දශකය වනතුරු චිත්‍රපට නිර්මාණයෙහි යෙදුණහ. හෝමි වාඩියා (1911 මැයි 22 2004 දෙසැම්බර් 20) බසන්ති පික්චර්ස් සමාගම ආරම්භ කළේය.
|