වර්ෂ 2013 ක්වූ සැප්තැම්බර් 26 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය 131

සිංහල සිනමා විස්තරය 131

මද්දුම බණ්ඩාර

තිරගත වූ දිනය – 1984 අප්‍රියෙල් 27
ඉදිරිපත් කිරීම – වැලන්ටයින් චිත්‍රපට සමාගම
නිෂ්පාදනය - සුනිල් ටී. ප්‍රනාන්දු
අධ්‍යක්ෂණය - ජෝ මයිකල්
නිෂ්පාදන සහාය - ජේ. ඇන්තනි ප්‍රනාන්දු, නිහාල් වැලන්ටයින් ප්‍රනාන්දු
කතාව - ශ්‍රී වික්‍රම රාජසිංහ සමයේ ඛේදවාචකයක් වූ ඇහැලේපොළ හා දරුවන්ගේ කතාව ඇසුරිනි
කතාව, දෙබස්, තිර නාටකය –මයිකල් කඳනආරච්චි
සහාය අධ්‍යක්ෂණය – ආරියදාස පල්ලේවෙල,
ඩොනල්ඩ් ඩයස්, කපිල බන්දුසේන
කැමරා අධ්‍යක්ෂණය - කේ. ඩී. දයානන්ද
කැමරා සහාය – ජී. ඒ. ජී. පෙරේරා, ඇන්තනි සිල්වා, ජී. නන්දසේන
සංස්කරණය - කාලිංග ද සිල්වා සහාය - සේනක නවරත්න
අංග රචනය සහ කොණ්ඩා සැරසිලි - සනත් සී. විජේවර්ධන
කලා අධ්‍යක්ෂණය – කටුබැද්දේ කේ. ඩික්ෂන්
කලා සහාය – පී. ඩී. මයිකල්, ආර්. ගුණසේකර,
ඩික්ෂන් ෆොන්සේතා, නිමල් ජයසිංහ, කේ. ඩී. ජස්ටින්
ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
ශබ්ද සහාය – ඩී. එම්. ඒ. ජයමාන්න, ඩබ්ලිව්. ජී.
පොඩි මහත්තයා, ආර්. ඒ. ඩබ්ලිව්. රණවක,
උපාලි අරම්පොල, ලලිත් පාලිත සිල්වා, පාලිත
වානගුරු, සෝමරත්න පෙරේරා
රසායනාගාර කටයුතු - ඇස්. සිවදාසන්
රසායනාගාර සහාය – රන්දෙනි ජයවර්ධන, ආර්. ජෝන්, පීටර් රේමන්ඩ්
සැකසුම – විජය චිත්‍රාගාරය, රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය
ගීත පටිගත කිරීම - සෙන්ට් ජෝන්
පිටපත් මුද්‍රණය - ජෙරාල්ඩ් ජයවර්ධන
(රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය)
පිත්තල භාණ්ඩ සැපයුම – නවරත්න සහෝදරයෝ
ඇඳුම් මෝස්තර – එම්. එච්. ජයවීර - පොල්ගහවෙල
ධාවන කාලය – පැය 2 විනාඩි 10 දිග අඩි 13000
නිෂ්පාදන අධිකාරි - සුනිල් ටී. ප්‍රනාන්දු
පසුබිම් සංගීතය – විශාරද ගුණදාස කපුගේ
නිශ්චල ඡායාරූප – ලින්ටන් අබේසේකර
ගී තනු නිර්මාණය – ලුතිනන් කර්නල් ප්‍රේමලාල් දන්වත්ත
ගීත ප්‍රබන්ධය - සිරිල් ඒ. සීලවිමල, ජෝර්ජ් ලෙස්ලි රණසිංහ

ගීත -
ඒ උදාර වගකීමෙන්- ලතා වල්පොල
මාතා වූ ඇහැලේපොළ – ඩබ්ලිව්. ඩී. අමරදේව

රංගනය -
චන්දික අමංගලීහේවා (මද්දුම බණ්ඩාර),
ඔස්වල්ඩ් ජයසිංහ (ඇහැලේපොළ අධිකාරම්),
රත්මලී ගුණසේකර (ඇහැලේපොළ කුමාරිහාමි),
ෆෑරුන් වීරකෝන් (මොල්ලිගොඩ අධිකාරම්),
ඩොනල්ඩ් ඩයස් (පිළිමතලාවේ දිසාවේ), දොන්
සිරිසේන (පිංහාමි), ශිරාණි නුගේරා (රජ බිසව),
මියුරි සමරසිංහ (රජ බිසව - 2), රංජිත් පෙරේරා
(රාජසිංහ රජු), අතුල හත්තාගොඩ (ලොකු
බණ්ඩා), එස්. පී. විජේපාල (රත්වත්තේ දිසාවේ),
ලක්ෂ්මන් නිල්ලේගොඩ (පුස්සැල්ලේ), ඩබ්ලිව්. ඒ. පරණවිතාන (එක්නැලිගොඩ),
විනෝබා චන්ද්‍රකීර්ති (ඇරැව්වාවල), සුනිල් ටී. ප්‍රනාන්දු,
ලින්ටන් අබේසේකර, නිහාල් වැලැන්ටයින්
ප්‍රනාන්දු, රොහාන් ෂෙල්ටන් ප්‍රනාන්දු, ගීතාල් පෙරේරා

හිත හොඳ කොල්ලෙක්

තිරගත වූ දිනය – 1984 මැයි 04
ඉදිරිපත් කිරීම – ආර්. එස්. චිත්‍රපට
නිෂ්පාදනය, තිර නාටකය සහ අධ්‍යක්ෂණය – රෝයි ද සිල්වා
කතාව - ලයනල් තන්ත්‍රිආරච්චි
දෙබස් - ඇලන්සන් මෙන්ඩිස්
සහාය අධ්‍යක්ෂණය – සෝමසිරි හේවගේ, සුමනා අමරසිංහ
කැමරා අධ්‍යක්ෂණය - ජෝන් ජේ. යෝගරාජා
කැමරා සහාය – අස්මීන් නිසාර්
නිෂ්පාදන සහාය – ලයනල් ගලප්පත්ති
සංස්කරණය - කාලිංග ද සිල්වා
සංස්කරණ සහාය සහ නිෂ්පාදන
කළමනාකරණය - සුමනා අමරසිංහ
අංග රචනය – එස්. සෙල්වරාජා
සටන් අධ්‍යක්ෂණය – මර්වින් ජයතුංග
ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
රසායනාගාර කටයුතු – ජෙරල්ඩ් බී. ජයවර්ධන
ශබ්ද සහාය – ඩී. එච්. ඒ. ජයමාන්න, උපාලි
අරම්පොල, පාලිත පෙරේරා, සෝමරත්න
පෙරේරා, ආනන්ද අමරසිංහ, සුන්දර් රාජ්
රසායනාගාර සහාය - කේ. එම්. ජයවර්ධන, එස්. ගමගේ, තිලක් ෆොන්සේකා, ටෙරන්ස් හෙට්ටිආරච්චි, බර්ටි පෙරේරා, මුනිදාස මාපටුන
සැකසුම - රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය ( සරසවි)
නිෂ්පාදන කෘත්‍යාධිකාරි - ලයනල් ගලප්පත්ති
නිශ්චල ඡායාරූප – ඩයස් සමරවීර
සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක
ගීත ප්‍රබන්ධය – උපාලි ධනවලවිතාන, ප්‍රේමකීර්ති ද අල්විස්

ගීත ගායනය – වික්ටර් රත්නායක, ෆෙ‍්‍රඩී සිල්වා,
නීලා වික්‍රමසිංහ, චන්ද්‍රිකා සිරිවර්ධන, ඇන්ජලින්
ගුණතිලක, ග්‍රේෂන් ආනන්ද, මර්වින් පෙරේරා, සුනිල් ද සිල්වා

ගීත - මෙහි ගීත කිහිපයක් ඇතුළත් වූ නමුදු තොරතුරු සොයා ගත නොහැකි විය.

රාජ වරම් - ෆෙ‍්‍රඩී සිල්වා
ප්‍රේමයේ මල් පලඳනාවෝ - වික්ටර් රත්නායක, නීලා වික්‍රමසිංහ

නළු නිළියන් – ජීවන් කුමාරතුංග, මැණික්
කුරුකුලසූරිය, සුමනා අමරසිංහ, සොමී
රත්නායක, එඩ්නා සුගතපාල, කුවින්ස්ටස්
වීරකෝන්, මර්වින් ජයතුංග, ෆෙ‍්‍රඩී සිල්වා, දොන්
සිරිසේන, රූබි ද මෙල්, නවනන්දන විජේසිංහ,
පූර්නිමා හේමමාලි, ප්‍රදීප් රොෂාන්, බන්දු
සමරසිංහ, රංජිත් සුරංග, විජේරත්න
වරකාගොඩ, ලයනල් කස්තුරිආරච්චි, ජයනාත් ද
මෙල්, එඩී අමරසිංහ, රේණු හේමමාලි, නීලකන්ඩන් මුත්තයියා

ධාවන කාලය – පැය 2 විනාඩි 15
දිග අඩි 12000
ආරම්භක සිනමා ශාලා සංඛ්‍යාව - 12