|
පහ – තුනක් වෙයි ප්‍රදර්ශනයේ වෙනසක් ළඟදීම
චිත්‍රපට තිරගත කිරීමට මෙතෙක් පැවැති ප්‍රදර්ශක මණ්ඩල පහ ඉදිරියේදී මණ්ඩල තුනකට සංශෝධනය වීමට නියමිත බැව් විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. දැනට පවතින ප්‍රදර්ශන බාධා අවම කිරීමේ අරමුණින් සිදු වන මේ සංශෝධනය ඔස්සේ මෙරට සෑම ප්‍රදේශයකම සිනමා ශාලාවන්ට අලුතින් මුදා හරින චිත්‍රපට පෙන්වීමට හැකියාව තිබෙන බව වැඩිදුරටත් දැනගන්නට ලැබෙයි. ජාතික චිත්‍රපට සංස්ථාවේ සහකාර සාමාන්‍යාධිකාරී කස්සප සෙනරත් මහතාගෙන් මේ බව විමසද්දී මේ පිළිබඳ සාකච්ඡා කරමින් පවතින බවත් ඉදිරියේදී වැඩි විස්තර දැනගත හැකි බවත් පැවසීය.
රන්ජන්ට අලුත් නළු නිළියන්
ජනප්‍රිය සිනමා නළු රන්ජන් රාමනායකගේ නවතම චිත්‍රපටය වූ ‘ඩොක්ටර් නවරියන්’ සඳහා අලුත් නළු නිළියන් පිරිසක් සොයා ගැනීමට ඔහු සූදානම් වෙයි. ඒ සඳහා මේ 12 වැනිදා පෙරවරු 9.00 ට බොරැල්ල රිට්ස් සිනමාහලට පැමිණෙන ලෙස රන්ජන් දන්වා සිටියි.
අමරදේවයන්ට තිළිණයක්
පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන්ට පසුගියදා අපූරු ත්‍යාග දෙකක් ලැබිණි. එය නම් ‘රසාලිප්ත රඟමඬලක උරුමක්කාරයා – ආර්. ආර්. සමරකෝන්’ සහ ‘සිනා සයුර 02 සාර සිනා සංග්‍රහය’ කෘති ද්විත්වයයි. එඩ්වඩ් චන්ද්‍රසිරි විසින් රචිත මෙම කෘති ද්විත්වය පසුගියදා කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී දොරට වැඩිණි. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණි අමරදේවයන්ට මෙම කෘති ද්විත්වය පිරිනමන ලදී. - යතේජා
සොල්දාදුවාගේ දූපත එළිදකී
මාධ්‍යවේදියකු මෙන්ම ගීත රචකයකුªද වන බණ්ඩාර විජේකෝන් විසින් පරිවර්තනය කරන ලද ‘ සොල්දාදුවාගේ දූපත’ කෘතිය පසුගියදා එළි දැක්විණි. ලෝ පසිඳු නවකතාකරියක වූ ඇගතා ක්‍රිස්ටි විසින් රචිත ‘And Then There Were None’ කෘතියේ අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය ‘සොල්දාදුවාගේ දූපත’යි.
සුනිල් අරුණ වීරසිරිගේ ‘වීර්යා’ විශේෂ දර්ශනය
සුනිල් අරුණ වීරසිරිගේ දෙවන සිනමා අධ්‍යක්ෂණය වන වීර්යා හි විශේෂ දර්ශයක් ඉකුත්දා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්විණ. එය නැරැඹූ බොහෝ දෙනා චිත්‍රපටය පිළිබඳ ප්රශංසාත්මකව කතා කරනු දක්නට ලැබිණ. ඇන්ටන් ජූඩ් අවසන් වරට රංගනයෙන් දායක වූ වීර්යා හී ලොව හොඳම නළුවා ජගත් චමිල වෙනස්ම චරිතයක් ඔස්සේ ප්‍රේක්ෂකයා හමුවට පැමිණීම විශේෂත්වයකි. වීර්යාහි ලකී ඩයස්, ශ්‍රියාණි අමරසේන, දුලීකා මාරපන, නිරෝෂන් විජේසිංහ, සරණපාල ජයසූරිය, රම්‍යා වනිගසේකර, ඥාණාංග ගුණවර්ධන, සරත් කොතලාවල, සුජානි මේනකා, රොඩ්නි වර්ණකුල, කුමාර තිරිමාදුර, අංජුලා රාජපක්ෂ, නෝමන් පළිහවඩන සමඟ ශේෂද්රි චරිත මවති. කතාව, දෙබස්, තිර රචනය ලාල් පාගොඩආරච්චිගෙනි. වීර්යා සුනිල් අරුණ වීරසිරිගේ හතරවන නිෂ්පාදනයයි.
සුනිල් ටී. ගේ දෝණි ළඟදීම
මෙරට වැඩිම චිත්‍රපට ප්‍රමාණයක් නිෂ්පාදනය කළ සුනිල් ටී. ප්‍රනාන්දුගේ අභිමානවත් පනස් හත් වැනි සිනමාපටය දෝණි ප්‍රදර්ශනයට සූදානම් වෙයි. එය ළඟදීම තිරයට පැමිණෙන බව සුනිල් සරසවියට පැවසීය. වී. සිවදාසන්ගේ අධ්‍යක්ෂණයක් වන දෝණි හි කමල් අද්දරආරච්චි, සනත් ගුණතිලක, සංගීතා වීරරත්න, රංගන ප්‍රේමරත්න ඇතුළු රංගන ශිල්පීන් විශාල ප්‍රමාණයක් සමඟ පුංචි දරුවන් විස්සකට අධිකව රංගනයේ යෙදෙති. සජිත් නිෂාන්ත කැමරාව මෙහෙයවා ඇත. සුමිත් හිරාන් කලා අධ්‍යක්ෂණයෙන් ද, කීර්තී රුවන් ලාල්සන් සහාය අධ්‍යක්ෂණයෙන් ද, සෝමපාල රත්නායක සංගීත අධ්‍යක්ෂණයෙන් ද මේ සඳහා එක්ව සිටිති. උදේනි අල්විස්ගේ නිශ්චල ඡායාරූපකරණයකි. මනෝජ් ලක්සිරි අංග රචනා ශිල්පියාය. බර්නාඩ් ජයතුංගගේ තිර රචනයකි. නිෂ්පාදන සම්බන්ධීකරණයෙන් සුනිල් ධර්මසේන එක් වෙයි. නන්දා මාලිනී, බාචි සුසාන්, සුරාජි ශ්‍යාමලී, රවිඳු ලක්ෂාන් ගීත ගායනා කොට ඇත. ගීත රචනා සේන ලියනගේ සමඟ සුනිල් ධර්මසේනගෙනි.
සිරස අලුත් පරපුරට රතු පලස එළයි
තාක්ෂණය නිර්මාණකරණය වැනි ක්ෂේත්රයන් අරබයා වැඩි රුචිකත්වයක් දක්වන තරුණ පරම්පරාව ඉලක්ක කර ගනිමින් ආරම්භ වූ සිරස රෙඩ් කාපට් වැඩසටහන සෑම සිකුරාදා දිනකම සවස 6.00 ට සිරස නාළිකාවෙන් විකාශය වේ. හොලිවුඩය, බොලිවුඩය තුළ නිිර්මාණය වන විවිධ නිර්මාණයන්හී කැමරාව පිටුපස සිදුවන්නා වූ අපූරු මෙන්ම රසවත් ක්‍රියාකාරකම් ද ඒවාට යොදා ගන්නා පරිගණක, ග්‍රැෆික්, ත්‍රිමාණ ක්‍රමවේද භාවිත කරන අයුරු ප්‍රෙක්ෂක ජනතාවට අවබෝධ කරදීම මේ වැඩ සටහනේ අරමුණයි. එමෙන්ම ලෝක සිනමාව තුළ බිහිවන නැවුම් චිත්‍රපට පිළිබඳව ද රෙඩ් කාපට් මඟින් දැනුවත් කෙරේ. තවද මෙරට තුළ සිටින කෙටි චිත්‍රපට නිර්මාණකරුවන් මෙම වැඩසටහන ඔස්සේ හඳුන්වාදීම ද සිදු කරනු ලබයි.
කැමරා අධ්යක්ෂ කේ. ඩී. දයානන්ද‘කඩුවෙල හවිෂ්තව’ සම්මානයෙන් පිදුම් ලබයි
කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කළ සාහිත්‍ය කලා මහෝත්සවයේදී ප්‍රවීණ කැමරා අධ්යක්ෂ කේ. ඩී. දයානන්ද සිනමා කැමරා අධ්‍යක්ෂණය වෙනුවෙන් ‘කඩුවෙල හවිෂ්තව’ සම්මානයෙන් පිදුම් ලැබීය. පසුගිය 27 වැනිදා පෙරවරුවේ ඔහු මෙම සම්මානයෙන් පිදුම් ලබන විටදී එදිනම සවස දෙරණ ලක්ස් සිනමා සම්මාන උළෙලේදී සෙනසුරු මාරුව චිත්‍රපටය වෙනුවෙන් හොඳම කැමරා අධ්‍යක්ෂණය වෙනුවෙන් ඔහුගේ නම නිර්දේශවීම ද විශේෂත්වයකි. කේ. ඩී. දයානන්ද යස ඉසරු, පූජා, හිමගිර, රාජ්‍ය සේවය පිණිස වැනි චිත්‍රපට රැසක කැමරා අධ්‍යක්ෂණය වෙනුවෙන් ජනාධිපති, සරසවිය සහ ස්වර්ණ සංඛ සම්මානයට පාත්‍ර වී ඇත.
‘සමනල සංධිවනිය’ හෙට සිට ඊ. ඒ. පී. මණ්ඩලයේ
අපූර්වතම ආදර කතාවක් රැගත් ජයන්ත චන්ද්‍රසිරිගේ නවතම සිනමා නිර්මාණය ‘සමනල සංධිවනිය’ හෙට සිට ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමා ශාලාවන්හී තම මංගල ප්‍රදර්ශනය අරඹයි. රූ සිනමා වෙනුවෙන් රුවන් ජයසිංහ සමග පාලිත ගුණවර්ධන නිෂ්පාදනය කළ මෙහි උද්ධික ප්‍රේමරත්න, යශෝධා විමලධර්ම, රොජර් සෙනෙවිරත්න, බුද්ධදාස විතානආරච්චි, පුබුදු චතුªරංග, දමිතා අබේරත්න, චතුරිකා පීරිස්, විල්සන් ගුණරත්න, රොෂාන් පිලපිටිය, රෙබෙකා නිර්මලී, චංචලා වර්ණසූරිය, දිමුතු චින්තක, උදිත ගුණරත්න, රාජා ගනේෂන්, ශිරාණි කොස්තා ඇතුළුව හඳුන්වා දෙන සූර්යා සඳරුවන් සහ බුද්ධිනී පූර්ණිමා රංගනයේ යෙදෙති. ජැක්සන් ඇන්තනි, අනර්කලී ආකර්ෂා, චන්න විජේවර්ධන, බුද්ධික ජයරත්න විශේෂ ආරාධිත රංගනයෙන් දායක වෙති. දර්ශන රුවන් දිසානායක සංගීත නිර්මාණයේ යෙදුණ සමනල සංධිවනිය හි කැමරා අධ්‍යක්ෂණය රුවන් කොස්තාගෙනි. රවීන්ද්‍ර ගුරුගේ සංස්කරණය කර ඇති අතර කලා අධ්‍යක්ෂණය රොහාන් සමරදිවාකර විසින් සිදු කොට ඇත. වසන්ත විට්ටච්චි අංග රචනයෙන් ද, ලලිත් ධර්මවර්ධන කේෂලාංකරණයෙන් ද, නිමල් ෆ්‍රැන්සිස් සහ සරත් සේනාරත්න සහාය අධ්‍යක්ෂණයෙන් ප්‍රසන්න ඉත්තෑපාන ද නිෂ්පාදන කළමනාකරණයෙන් ද, නිමල් විජයසිරි නිෂ්පාදන විධායකත්වයෙන් ද ප්‍රේමසිරි සමරනායක නිෂ්පාදන සම්බන්ධීකරණයෙන් ද දායක වන සමනල සංධිවනිය හි ශබ්ද පරිපාලනය ප්‍රියන්ත කළුආරච්චිගෙනි. අජිත් රාමනායකගේ සහාය සංස්කරණයකි. අමරසිරි පීරිස්, ඉන්දික රුවන් සහ ෂම්මිකා අමානි ඔබේවංශ එකතු වී ඇත. |