|
තිස්ස උඩංගමුවගේ මතකය ඇවිස්සේ
තිස්ස උඩංගමුව කියන්නේ සංදේශය චිත්‍රපටයෙන් පටන් ගෙන බැද්දේගම, කලියුගය, යුගාන්තය ඇතුළු චිත්‍රපට ගණනාවක රඟපෑ දක්ෂ නළුවෙක්. එපමණක් නොව ටෙලි නාට්‍ය ගණනාවකම ඔහුගේ දස්තම් අප දුටුවා. තිස්සව කලාවට හඳුන්වා දෙන්නේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහා සිනමාවේදියාණන්. ඉතින් තිස්ස කාලෙකින් නොදුටු තමාගේ ගුරුදේවයන් බලන්න ලෙස්ටර් මහතාගේ නිවසට ගියා. එතැන් පටන් සිදු වූ දෙය ගැන තිස්ස පැවසූයේ මෙන්න මෙහෙමයි. ලෙස්ටර් මහත්තයා ලෙහෙසියෙන් එළියට බහින කෙනෙක් නෙවෙයි. එත් මං ආවා කියපුවාම එතුමාණන් ආලින්දයට ආවා. මගේ වයස කීයද ඇහැව්වා. හැත්තෑ හතරයි. මං එහෙම කිව්වා. තාම කොල්ලා වගේ නේද වැඩ. එතුමාණන් එහෙම කියලා තව කතා රැසකට මුල පිරුවා. ඔහුත් එක්ක අදහස් හුවමාරු කර ගනිද්දියි මතක් වුණේ මං ලංකාවේ ඉපැරැණි නළුවෙක් බව. ඒ වගේම මට මේ වන විටත් කිසිදු ඇගයීමකටත් ලක්වෙලා නැහැ. ඒකටත් මට දුක හිතුණා. මං මේ වන විට අවුැදු 52 ක් විතර රඟපාලා තියෙනවා. මං ඒ ගැනත් ලෙස්ටර් මහත්තයා එක්ත කතා කළා. එදා මං එතැනින් එළියට බැස්සේ ඒ අදහසත් ඔළුවේ තියාගෙන. එදා ලෙස්ටර් මහත්තයාගේ නිවසට ගිය නිසයි මගේ ඉතිහාසය වුණත් ඇවිස්සුණේ. ඉතින් මට එවන් වූ උපහාර උළෙලක් තියනවා නම් ඇත්තටම ශක්තියක් වේවි. |