වර්ෂ 2013 ක්වූ සැප්තැම්බර් 26 වැනිදා බ්‍රහස්පතින්දා




දෙරණ ලක්ස් සිනමා උළෙල

දෙරණ ලක්ස් සිනමා උළෙල

හොඳම සිනමාපටය – ඉනිඅවන්

හොඳම නළුවා - දර්ශන් ධර්මරාජ්

හොඳම නිළිය – නිරංජනී ශංමුගරාජා

පසුගිය සිකුරාදා සන්ධ්‍යාවේ කොළඹ මියුසියස් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී දෙවන වරටත් පැවැති දෙරණ ලක්ස් සිනමා උළෙල නිමාව දුටුවේ අශෝක හඳගමගේ ඉනි අවන් හොඳම සිනමා පටයට හිමි සම්මානය දිනා ගනිමිනි. එහි රංගනයෙන් දායක වූ දර්ශන් ධර්මරාජ් හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වූ අතර එම සිනමාපටයේම නිරංජනී ශංමුගරාජා හොඳම නිළිය වශයෙන් අභිෂේක ලැබීය.

පූජා, රොෂාන්

එහි සෙසු සම්මාන ලැබුවෝ මෙසේය.

ජනපි‍්‍රයම සිනමාපටය – කුසපබා - මහාචාර්ය සුනිල් ආරියරත්න

ජනප්‍රියම නළුවා - රොෂාන් රණවන

ජනප්‍රියම නිළිය – පූජා උමාශංකර්

හොඳම තිර රචනය – අශෝක හඳගම – ඉනිඅවන්

හොඳම සහාය නළුවා - රාජා ගනේෂන් – ඉනිඅවන්

හොඳම සහාය නිළිය – වීණා ජයකොඩි – කුස පබා

හොඳම සටන් නළුවා - බුද්ධික ජයරත්න - සෙනසුරු මාරුව

හොඳම සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර - සෙනසුරු මාරව

හොඳම ළමා නළුවා - කේ. එම්. පවිත්‍රා - මාතා

හොඳම පසුබිම් සංගීතය - රෝහණ වීරසිංහ – කුස පබා

හොඳම සංගීත සංරචනය - රෝහණ වීරසිංහ – කුස පබා

හොඳම ගායනය – පිරිමි
කසුන් කල්හාර – කුසපබා චිත්‍රපටයේ මධු චන්ද්‍රයාමේ ගීතය

ගැහැනු
නිරෝෂා විරාජිනී – කුසපබා චිත්‍රපටයේ ප්‍රේමයේ මන්දිරය

ජනප්‍රියම චිත්‍රපට ගීතය - ජල ධාරාවේ – කුස පබා

හොඳම සිනමාරූපී සංගීතය අඩංගු ගීතය - මධුර වසන්තේ – කුස පබා

හොඳම නළුවා දර්ශන්, හොඳම නිළිය නිරංජනී

හොඳම ගීත රචනය - සුනිල් විමලවීර - සෙනසුරු මාරුව

හොඳම කැමරාකරණය - මිල්ටන් කැම්, ඩොනල්ඩ් කරුණාරත්න, කේ. ඒ. ධර්මසේන – මාතා

හොඳම සංස්කරණය - ස්ටීවන් ප්ලිප්සන් – මාතා

හොඳම දෘෂ්ටි ප්‍රයෝග -බූඩි කීර්තිසේන – මාතා

හොඳම ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න සහ සජිත රුවන් - කර්ම

හොඳම රංග වින්‍යාසය - චන්දන වික්‍රමසිංහ – කුස පබා

හොඳම කලා අධ්‍යක්ෂණය - හීනටිගල ප්‍රේමදාස - කුස පබා

හොඳම අංග රචනය - වසන්ත විට්ටච්චි, උපුල් මහානාම – මාතා

හොඳම ඇඳුම් නිර්මාණය - වෙනුක වික්‍රමරත්න – කුස පබා

මතු බලාපොරොත්තු තැබිය හැකි සිනමාකරුවා - කලර් චිත්‍රපටයේ අධ්‍යක්ෂ ඉසුරු වීරසිංහ මුදලි

ජීවිතේ එක් වරක් පිදෙන පරම ජීවන සම්මානයෙන් පිදුම් ලැබුවේ මහා සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් එදින ආචාර්ය සෝමා එදිරිසිංහ විශේෂ සම්මානයකින් පිදුම් ලබන ලදී.

හෙට දවසේ සිනමාව වෙනුවෙන් සම්මාන මෙසේ පිරිනැමීය

ජූරියේ විශේෂ සම්මාන - චන්න දේශප්‍රිය – කැමරාකරණය

විමුක්ති ජයසුන්දර හොඳම චිත්‍රපටය - සමනල සංධ්වනිය

හොඳම අධ්‍යක්ෂණය - උදය ධර්මවර්ධන – මයිල්ස් ඔෆ් අ

හොඳම කෙටි චිත්‍රපටය - ඉලම් හුසෙයින් – වාවෝස්


 

හොඳම සටන් නළුවා ටෙඩී විද්‍යාලංකාර සම්මානීය වූ මොහොත. රන්ජන් සහ ජීවන් පසෙකින් වෙති

මහා සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් වෙනුවෙන් පරම ජීවන සම්මානය පණ්ඩිත් අමරදේවයන් අතින් සුමිත්‍රා පීරිස් ලබා ගනිමින්. අයිරාංගනී සේරසිංහ, තිස්ස ලියනසූරිය, නිළි රැජන මාලිනී, රවීන්ද්‍ර රන්දෙණිය, ඩොනල්ඩ් කරුණාරත්න, නදීකා ගුණසේකර සේයාරුවේ සිටිති.