තිස් තුන් කෝටියකට අමතරව තවත් කෙනෙක්
තිස් තුන් කෝටියකට
අමතරව තවත් කෙනෙක්
මේ කතාව අලුතෙන්ම හඳුන්වා දෙන දෙවි කෙනෙක් ගැනයි. තිස්තුන් කෝටියක් දෙවියන් අතරට මේ
අලුත්ම දේවතාවා හඳුන්වා දෙන්නේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි.
පසුගියදා ඔහුගේ නවතම චිත්‍රපටය වන ‘සමනල සංධ්වනිය’ හි මාධ්‍යවේදීන් සඳහා වූ
දර්ශනයේදී තමයි මේ දේවතාවා හඳුන්වා දුන්නේ.
චිත්‍රපට සංස්ථා තරංගනී ශාලාවේදි ආචාර්ය
ලෙස්ටර් ජේම්ස් පීරිස් යුවළ ඇතුළු සියලු ආරාධිතයන්ගේ සහභාගිත්වයෙන් පස්වරු 5.00 ට
ආරම්භ කිරීමට නියමිතව තිබූ අදාළ දර්ශනය 6.30 වෙනකල්ම ප්‍රදර්ශනය කිරීමට නොහැකි
වුණා. ඒ එහි සවිකර තිබූ නවීනතම ප්‍රක්ෂේපණ යන්ත්‍රය ක්‍රියාවිරහිත වීම නිසා. එම
අවස්ථාවේදී ජයන්ත පැමිණ සිටි මාධ්‍යවේදීන්ගෙන් සමාව ඉල්ලුවෙ තිබුණේ ප්‍රක්ෂේපණ
යන්ත්‍ර දේවතාවාගේ ආනුභාවය ලැබුණ වහාම චිත්‍රපටය ප්‍රදර්ශනය ආරම්භ කරන බව දන්වමින්.
වැරදි පන්තියේ
දඬුවම
කලා ක්ෂේත්‍රයේ සුප්‍රකට සංගීතඥයකුට දුම්රිය ගමනකදී හරි අපූරු සිදුවීමකට මුහුණ
දෙන්න සිදු වෙලා. ඔහු ප්‍රවීණ සංගීතඥ රෝහණ ධර්මකීර්ති. වේයන්ගොඩ සිට කොළඹට
පැමිණෙන්න ඔහු දුම්රියකට ගොඩ වුණත් තෙවැනි පන්තියේ මැදිරිවල ඉඩ මදිවීම නිසා දෙවැනි
පංතියේ මැදිරියකට නගින්න තීරණය කළා.
කොහොම හරි තෙවැනි පන්තියේ ප්‍රවේශ පත්‍රයකින්
දෙවැනි පන්තියේ ගමන් කළ වරදට අදාළ නිලධාරීන් ඔහු අල්ලා ගත්තත් ඒ වෙලාවේ එය සුහදව
බේරා ගන්න ඔහුට නොහැකි වුණා. කොටුවට ඇවිත් සීසන් එක ගන්න අදාළ නිලධාරියා ඔහුට පවසා
තිබුණා.
කොටුව දුම්රිය ස්ථානයට ගිය රෝහණට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ හරි අපූරු සිදුවීමකට
තමයි. අදාළ නිලධරියා රෝහණව කැඳවාගෙන ගොස් තිබුණේ ආපන ශාලාවට. වරදකරු දඩ මුදලක්
ගෙවීම වෙනුවට ඔහුට සංග්‍රහ කිරිම සාමාන්‍යයෙන් සිදු නොවන දෙයක් නේ. මේ සිදුවීම දෙස
පුදුම වෙලා වගේ බලාගෙන සිටි රෝහණගෙන් අර අදාළ නිලධාරියා ඇහුවලු ‘අනේ පුළුවන් නම් මට
සිංදුවක් කියන්න චාන්ස් එකක් අරගෙන දෙන්න පුළුවන්ද කියලා.
දෙවියෙක්
වුණ රජෙක්
ඈත අතීතයේ මෙන් වර්තමානය දක්වාම රටට දැයට සේවය කළ රජවරුන් දේවත්වයෙන් සැලකීම
සාමාන්‍ය දෙයක්. දැන් ඒ අවස්ථාව අපේ ප්‍රවීණ රංගන ශිල්පියෙකුටත් හිමි වෙලා. ඒ තමයි
ජැක්සන් ඇන්තනී.
ජැක්සන් රජ වුණේ කුස පබා චිත්‍රපටයේ කුස රජතුමා ලෙසයි. දැන් ඔහු
බණ්ඩාර දෙවියන් ලෙස දේවත්වයෙන් සැලකුම් ලබන්නටත් වාසනාවන්ත වෙලා. මෙහි තියෙන
විශේෂත්වය තමයි මෙරට රංගන ක්ෂේත්‍රයේ පළමුවරට රජ කෙනෙකුගේ චරිතය සහ දෙවි කෙනෙකුගේද
චරිතයක් ලද එකම රංගන ශිල්පියා ජැක්සන් බවට පත්වීමයි.
කාපු බීපු වෙලාවට
මේ කාතව අපේ කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් ගැනයි. අපි ඔහුගේ නම සඳහන්
කරන්නේ නැතුව ඔහුට නිමල් කියමු. මේ නිමල් නම් පුද්ගලයා මදුවිතක් තොලේ කටේ ගෑවුණාම
කොකු මාස්ටර් කෙනෙක්. ඉතිං දවසක් මේ නිමල් – සුනිල් නම් කලා ක්ෂේත්‍රයේම තවත්
මිතුරෙකුට කතා කළේ පොඩි පහේ සප්පායමක් වෙන්න. ඒත් සුනිල් එය පිළිගත්තේ නිමල්ගේ හැටි
දැනගෙනමයි.
මේ දෙන්නා කතා කළේ රංගන කටයුතු ගැනම තමයි. මේ වෙලාවේ නිමල් සුනිල් ගෙන් ඇහුවේ
කොහොමද මගේ රඟපෑම කියලා. නිමල් ගේ හැටි දන්න සුනිල් කිව්වලු ඔයාගේ රඟපෑම් හොඳයි.
කිසිම අඩු පාඩුවක් නැහැ කියලා. ඉතිං පොඩ්ඩ බැරි වුණ ගමන් කේන්ති යන සුනිල් කිව්වලු
උඹලා ඉරිසියයි මම තියෙන වැරැදි හදා ගන්නවට. ඒ නිසා තමයි ඔහොම කියන්නේ කියලා. ඊට
පස්සේ සුනිල් නිමල්ගේ පොඩි පොඩි අඩුපාඩු කිහිපයක් කියලා තියෙනවා. ඒ වෙලාවේ නිමල්
එතකොට උඹ කියන්නේ අපි නළුවො නෙවෙයි, අපිට රඟපාන්න බැහැ කියලා. රණ්ඩුවක් පටන් ගන්න
හැදුවලු.
මේකෙන් බේරෙන්න බැරි තැන සුනිල් අත දිගහැරලා නිමල්ට හොඳ කම්මුල් පාරක් ගැහුවලු.
වෙනදා හැමෝම එක්ක රන්ඩුවට යන නිමල් එදා නම් නිශ්ශබ්දව අදාළ ස්ථානයෙන් පිට වෙලා
ගියා කියලා තමයි ආරංචි.
පිහියෙන්
ඇන්න කතාව බොරුලු
ගයාන්, චතුරිකා රංගන ක්ෂේත්‍රයේ ජනප්‍රියම රංගන තරු දෙකක්. ඔවුන් දෙදෙනා ගැනම
පසුගියදා නොයෙකුත් කටකතා පැතිරුණා. ඒ අතර අලුත්ම කටකතාව වුණේ ගයාන් වික්‍රමතිලක
චතුරිකාගේ තාත්තා ජයන්ත පීරිස්ට පිහියෙන් ඇන්න බවට පැතිර ගිය කටකතාවයි. මේ ගැන
දැනගන්න අපි චතුරිකාට වගේම ගයාන්ටත් කතා කළා. ඔවුන් දෙදෙනාම කියා සිටියේ මේ කටකතාව
අමූලික බොරුවක් බවයි.
ගයාන් වගේම චතුරිකාත් කියන්නේ මේ දිනවල ඔවුන් දෙදෙනා ගැන විවිධ කතා මැවෙන බවයි.
කොච්චර කතා මැවුණත් තම තමන්ගේ පාඩුවේ වැඩ කරගෙන යන බවයි ඔවුන් දෙදෙනාම සරසවියට
කිව්වේ.
සිතුවම -
අරවින්ද සේනාධීර
ඡායා - ටෙනී - මාලන්
|