ප්‍රතිචාර
කලා ලොව පිළිබඳ හිතෙන දේ දැනෙන දේ ක්ෂණිකව 0752805047 යන
අංකයට එස්. එම්. එස්. කරන්න.
තැපැල් හෝ සටහන්පත් මඟින් නම්,
ප්‍රතිචාර, සරසවිය,
ලේක්හවුස්, කොළඹ 10
අන් අයට ගැරහීමෙන්
දෙවියන් සරණ ලැබේවිද?
එක්තරා පැරැණි ගායිකාවක් එවැනිම ජනප්‍රිය පැරැණි ගායිකාවකට නිර්දය ලෙස අපහාසාත්මක
ප්‍රකාශ නිකුත් කර ඇති බව පුවත්පතකින් කියවන්නට ලැබුණා. නිතරම දෙවියන් සරණ තමාට
ලැබෙන බව පවසමින් අන් අයට ගරහන එක දෙවියන් අදහන අයකුට තරම් නොවන බව මාගේ හැඟීමයි.
තමාගේ ගීත ගායනා කළා යැයි සම්මානනීය තම සහෝදර ගායිකාවකට අපහාස කිරීම නොහොබිනා
ක්‍රියාවක් ලෙස මම පවසමි.
අයිලින් සෝවිස්
වැලිසර
රාගම
රුදුරු ගිනි අවි සුරත දැරුවත්
සොඳුරු සිතුවිලි
හද රඟයි
රණවිරු රියල් ස්ටාර් වැඩසටහනට
ගයා සුමියුරු ගීතයන් ලොව
රසම රස ග¼ගුලක් කරන්
දයාබර රණවිරු සුහද කැල
සැනසූ අප රස පෙළහරින්
සොයා රසතැන් මැවූ සුන්දර
ලොවේ රන් කිරුළත් දරන්
පියාඹති අද සාමයේ සුදු
පරවියන් සේ ලකඹරින්
රුදුරු ගිනි අවි සුරත දැරූ මුත්
සොඳුරු සිතුවිලි හද රඟයි
රුසිරු දසුනින් මියුරු ගී සර
මියැසි ලොව පෑ සිරි සරයි
අඳුරු යුගයක නිමාවේ මතු
දැයට ආසිරි මල් පුදයි
තුරු රණවිරු රියල් ස්ටාර්
හෙළබිමේ ජය ගීතයයි
හර්ෂනාථ බණ්ඩාර
නිකවැරටිය
රුකා - ලේඛා
යෙහෙන් වැජඹේවා
රුකාන්ත – චන්ද්‍රලේඛා යුවළට,
කලාකරුවන් දෙවියන් වැනිය යන්න පසක් කළ ඔබ දෙපොළට ඉදිරියේදී කිසිදු උපද්‍රවයක් නොවී
කලා කටයුතුවලින් රසිකයන් පිනවමින් චිරාත් කාලයක් වැජඹෙන්නට ලැබේවා කියා පතමි.
නිමල් කුලසේකර
අඟුලාන
හරයක් නැති ගොඩට
හරයක් ගෙනා ‘ඉස්සරහට යන්න’
කිසිදු හරයක් නැති, නැරැඹීමට හිතක් නැති අසාර්ථක ටෙලි නාට්‍ය රැල්ල අතරට පැමිණි
ඉස්සරහට යන්න ටෙලි නාට්‍යයේ දෙබස් ඉතාම රසවත්ය. රූප රාමු තිරයේ රස්තියාදු නොවේ.
පැහැදිලි දර්ශන තලවලින් සමන්විතව ඇති බැවින් කාලයට සරිලන අයුරින් නිර්මාණය කිරීමට
වෙහෙසුණු සැමට මාගේ ප්‍රණාමය.
සමන් ගාල්ලගේ
කැටපල
මතු භවයේදිත්
අප අතරමයි ...
උමයංගනාට,
ඔබත් ඔබගේ මෑණියනුත් පසුගිය වසරේ දිනෙක ‘සරසවිය’ තරු මිහිර වැඩ සටහනට ඇවිත් අප
හමුවුණා. නමුත් ඔබගේ මෑණියන් අපව හැර ගිහින්. දරාගන්න බැරි තරමට දුකයි. මතු
භවයෙදිත් ඔබගේ මව අප අතරෙම ඉපදේවා.
අනුලා වීරකෝන්
පොල්පිටිය
ගිනිගත්හේන
තමන්ගෙම කියා දෙයක් කිරීමට නොහැක්කේ ඇයි?
මෑතකාලීන සිනමාවේ බොහෝ සෙයින් දක්නට ලැබෙනුයේ ජාතක කතා පදනම් කර ගනිමින් තැණෙන
චිත්‍රපටය. නැතහොත් ඓතිහාසික කතා තේමා කර ගත් චිත්‍රපටය. මෙම චිත්‍රපටවලින් මිදී
තමන්ටම කියා ස්වතන්ත්‍ර නිර්මාණයක් කිරීමට අධ්‍යක්ෂවරුන්ට හැකියාවක් නැතිද?
එච්. ඉන්ද්‍රපාල
කිතුලහේන
මුංහේන
අභිමානය වැඩි කරන
ගීතත් හදමු ...
මෙරට නිර්මාණකරුවන් විශේෂයෙන්ම ආදර ගීත විරහ ගීත ඕනෑ තරම් නිර්මාණය කරති. එනමුදු
ජාතිකත්වය, හෙළ අභිමානය වැඩි කරන ගීත ඉස්සර මෙන් නිර්මාණය වන්නේ නැත. එයට හේතුව
නිශ්චිතවම කියන්නට නොහැකි වුණත් නිර්මාණකරුවන්ගේ උනන්දුව ඒ සඳහා ඇති විය යුතු බවයි
මාගේ විශ්වාසය.
සාරංග යහම්පත්
කඩොල්කැලේ
බුද්ධිට ස්තුතියි!
බුද්ධි කීර්තිසේන මහතාට ස්තුතියි. ඓතිහාසික කතා පුවතක් පදනම් කර ගනිමින් වර්තමානයේ
සහ ඉදිරි අනාගතයට ඉපදෙන්න සිටින මතු පරපුර ලාංකික සිහළ රජ දරුවන්ගේ ක්‍රියා කලාපය
මනා සේ දැක ගැනීමට මෙයින් අවස්ථාවක් එතුමා උදා කරදීමට සැරසීම ගැනයි ඒ.
තිලකරත්න විල්වල
තටාකය පාර,
කෑගල්ල
* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *
එස්. එම්. එස්.
සුපර් සික්ස් චිත්‍රපටයෙන් අප රිදී තිරයට පිවිසි හේමාල් රණසිංහ නැවතත්
චිත්‍රපටයකින් දකින්න ආසයි.
ෂේන් මධුරංග
නුවර
නව පරපුරේ ගායකයන් අතරින් කවීෂ කවිරාජ්ගේ හඬ හරිම මිහිරියි.
නිමල්ෂා චතුරි
මාතර
සතුරන්ට මෛත්‍රි කරන්න. වෛරයෙන් වෛරය නොසන් සිඳේ. බුදු දහමේ කියවෙන්නේ එලෙසිනි.
තමාට මෙන්ම තමාගේ බිරිඳට හිරිහැර කළ, තම දේපොළ විනාශ කළ ද්‍රෝහීන්ට නීතියෙන් දඬුවම්
දී තිබියදී එය අත්හිටු වන ලෙස පවසා සතුරන්ට මෛත්‍රී කළ රූකාන්ත සුළු දේකටත් ඇන කොටා
ගන්නා අපේ ඇතැම් කලාකරුවන්ට කදිම ආදර්ශයකි.
කරු මන්දාවල
නාත්තන්ඩිය
ස්වර්ණවාහිනියෙන් විකාශය වන හෝපලු අරණ ටෙලි සිතුවම ගොඩක් ලස්සනයි.
දිල්, ඉනෝකා
මිනුවන්ගොඩ
ලංකාවේ ටෙලි නාට්‍ය සහ සංගීත ක්ෂේත්රය හිතාගන්න බැරි තරම් දියුණු වෙලා. ඒ තරමට
සිනමාවත් දියුණු වෙනවා නම් කොතරම් අගේද?
ශාමිලා
ගම්පොළ
රුවන්ගනී රත්නායක ගොඩක් හොඳට රඟපානවා.
තරිඳු
මාතර
සිරි පැරකුම් චිත්‍රපටයේ චූටි පුතා දක්ෂ ලෙස රඟපනාවා.
ගීතාංජන ජයසිංහ
ධර්මරාජගම
කුලියාපිටිය
වේදිකාවෙන් සිනමාවටත් සිනමාවෙන් ටෙලි නාට්‍යයටත් තම දක්ෂතාව මැනවින් පෙන් වූ
ප්‍රවීණ රංගවේදිනී, නිෂ්පාදිකා ශ්‍රියාණි අමරසේනට දීර්ඝායුෂ පතමි.
අශෝකා, වත්සලා, චන්දන
අම්බලන්තොට
කෝරලේ මහත්තයා ටෙලි නාට්‍යයේ ටිකිරිගේ චරිතය නිරූපණය කරන අයෝමි ශානිකා හෙවත් අපේ
සුදු නංගි මල් හතට රඟපානවා.
හේෂාන්
කඹුරුගමුව
අද ගුවන් විදුලි නාලිකාවන්ගෙන් ඇහෙන්නෙම අඳෙීනා ගීත, විහිළු, අවිචාරමත් කතා, සහ
පුරසාරම් දේශපාලන කතා පමණයි. හිතට දැනෙන ගීතයක්වත් අහන්න නාලිකාවක් නැති හැටි.
ඉනෝකා ගුණවර්ධන
නුගේගොඩ
සුජාතා විද්‍යාලය
අද නිර්මාණය වන බොහෝ ගී නිර්මාණ තුළ ඇත්තේ අතීත කාලීන ක්‍රියාපද සහ වර්තමාන කාලීන
ක්‍රියා පද එකතුවක් පමණයි.
දමයන්ති කුමාරි
හොරණ
සිරි පැරකුම් චිත්‍රපටයේ ජැක්සන් ඇන්තනීගේ පුතු අකිල ධනුද්ධර ඉතාමත් විශිෂ්ට
අන්දමින් රඟපානවා.
මල්ශා
රත්නපුර
කලාව යනු මිනිසාගේ සිත්මඬල සනසන උතුම් දෙයකි. එම කලාවට පණ පොවන ශ්‍රී ලක් දේශයේ
සියලුම කලාකරුවන්ට හද පිරි උත්තමාචාරය.
ආර්. එෆ්. එම්. සුහෙල්
නුවරඑළිය
අර්ජුන කමලනාත්, ඇයි දැන්මම ඉගිල්ලෙන්න දඟලන්නේ. ෆිල්ම් එක නම් අන්තිමයි, කනගාටුයි.
ආනන්ද
ඉහළ තල්දූව
සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් මුල් අවධියේ රගපෑ දීවානා, බාසිගර්, චහාත් වැනි
හින්දි ෆිල්ම්ස් රූපවාහිනී නාලිකාවකින් බලන්න ආසයි.
ඉන්දික මුණසිංහ
කෙහෙල්ඇල්ල
රංගන ශිල්පී උපාලි කීර්තිසේන හොඳ රංගන හැකියාවක් තියෙන කලාකරුවෙක්. ඒත් ඔහුට ලැබුණු
අවස්ථාවන් මදි යැයි මට සිතේ.
විරාජ් දුෂ්මන්ත
ජේ. ඒ. දිලිප් ප්‍රසන්න
ආරච්චිකට්ටුව
හලාවත
මවුබිමෙන් එතෙර සිටියත් රංගනයෙන් ඉවත් නොවී සිංහල සිනමාපට තුළින් හෝ ඉදිරියේදීත්
ශ්‍රීනාත් මද්දුමගේ ගේ රංගනය නැරැඹීමට ප්‍රිය කරමි.
කේ. ඒ. ඩී. නාමල්
අකුරැස්ස
අපි ඔබට සැමදා ආදරෙයි භාග්‍යා ගුරුසිංහ.
නදීරා
ගම්පහ
භාග්‍යා
ජාඇල
උදයකාන්ත වර්ණසූරියගේ රන් කෙවිට ධ්ධ් ප්‍රදර්ශනයට සූදානම් බව අහන්නට ලැබීමත්
සතුටකි.
ධනුෂ්ක කළුආරච්චි
වරකපොළ
ඉතාමත් හොඳ සංවේදී චරිතයක් තමා ආශා අක්කි. එයා හැම ටෙලි නාට්‍යයකම රඟපෑවා ගොඩක්
හොඳයි.
සුසීමා
හලාවත
අප සිනමාවේ විකට රජුන් දෙපොළ වන බන්දු - ටෙනී නැවත නැවතත් දකින්නට ඇත්නම්
චිත්‍රපටවලින්.
චතුරංග සම්පත්
තුන්නැන
හංවැල්ල
ජින්ජර් අක්කා වෙත,
ප්‍රසංග වේදිකාව උඩු යටිකුරු කළ එකම ගායිකාව ඔබ පමණයි. ඔබේ ‘දිවුරා මට කීවා’ ගීතය
හරිම ලස්සනයි. කවුරු කොහොම කිව්වත් ඔබ අපේ රටට ආඩම්බරයක්.
බ්ලූ
දෙහිවල
ප්‍රතිචාර සැකසුම -
ප්‍රසාද් සමරතුංග
|