වර්ෂ 2013 ක්වූ අගෝස්තු 28 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය -127
සිංහල සිනමා විස්තරය -127

ශිරාණි

තිරගත වූ දිනය – 1984 ජනවාරි 06

ඉදිරිපත් කිරීම - සිනේ සෞම්‍යය

නිෂ්පාදනය – පර්සි කුලරත්න, නිමල් පෙරේරා, උපාලි පියරත්න

අධ්‍යක්ෂණය – එම්. ඒ. ගෆූර්

කතාව, දෙබස් සහ තිර නාටකය - සෝමරත්න එදිරිසිංහ

සහාය අධ්‍යක්ෂණය - බොනිපස් ප්‍රනාන්දු, නිමල් පෙරේරා, උපාලි පියරත්න

කැමරා අධ්‍යක්ෂණය – ලිනී ද කොස්තා

කැමරා සහාය – එච්. සී. මාටින්

සංස්කරණය – එල්මෝ හැලිඩේ සහාය-ජේ. ඒ. විල්ෆ‍්‍රඩ් පෙරේරා

සටන් අධ්‍යක්ෂණය – ආනන්දන් සහ කණ්ඩායම

නැටුම් අධ්‍යක්ෂණය – කමල් දිසානායක

ශබ්ද පරිපාලනය – ඊ. ඩී. සෙන්ට් ජෝන්

ශබ්ද සහාය – ලයනල් ගුණරත්න, එම්.ඒ. ඒබ්‍රහම්, ඒ. සී. එම්. රියාස්

රසායනාගාර කටයුතු - ඒ. අයි. ජොහාර්

සැකසුම හා දෙබස් පටිගත කිරීම –ලංකා චිත්‍රාගාරය

ගීත පටිගත කිරීම – රංජිත් ද සිල්වා, ජෝර්ජ් මනතුංග (සරසවි චිත්‍රාගාරය)

රසායනාගාර සහාය – මයිකල් පොන්නයියා, කමල්ඩීන්, වේලායුදන්, රොමියෙල් සිල්වා, සමරවීර සිල්වා

විදුලි කාර්මික සහාය – ඩී. සිරිසේන පෙරේරා, ඩබ්. පියසේන ගුණසේකර, ඊ. ජෝශප්

නිෂ්පාදන අධිකාරි – ඒ. රඝුනාදන්

සංගීත අධ්‍යක්ෂණය - ෂාන් (එස්. ෂන්මුගම්)

ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර, හේමසිරි හල්පිට, අජන්තා රණසිංහ

නිශ්චල ඡායාරූප – මයිකල් වික්ටෝරියා

ගීත -

ශිරාණි මං ආදරෙයි – මිල්ටන් මල්ලවආරච්චි

මා හද මල් මඩුල්ලේ - ඇනස්ලි මාලේවන, චන්ද්‍රිකා ඩී. අල්විස්

සංසාරේ සෙව්වා පුරා - මිල්ටන් මල්ලවආරච්චි, ඉන්ද්‍රාණි පෙරේරා

පෙරකදෝරුකම ලැබිලා ඇවිල්ලා - නිහාල් නෙල්සන්

රංගනය - ජෝ අබේවික්‍රම, සනත් ගුණතිලක, වීණා ජයකොඩි, බොනිපස් ප්‍රනාන්දු, ජෙනිටා සමරවීර, විමල් කුමාර් ද කොස්තා, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, සෝමරත්න එදිරිසිංහ, රීටා රත්නනායක, චන්ද්‍රා කළුආරච්චි, ක්‍රිශාන්ති ප්‍රනාන්දු, පුෂ්ප කාන්ති අක්මීමන, නීලකන්ඩන් මුත්තයියා.


වැල්ලේ තැනූ මාලිගා

තිරගත වූ දිනය – 1984 ජනවාරි 27

ඉදිරිපත් කිරීම – පී. බී. එන්ටර්ටේන්මන්ට්ස්

නිෂ්පාදන මණ්ඩලය - ග්‍රෙගරි ප්‍රනාන්දු, ෂර්ලි

පී. විජේරත්න, මොරිස් පෙරේරා, නෙල්සන්

පෙරේරා, රෙජිනෝල්ඩ් පෙරේරා, වික්ටර් පෙරේරා

අධ්‍යක්ෂණය - ෂර්ලි පී. විජේරත්න

කතා තේමාව – හරිස්චන්ද්‍ර වීරසිංහ

කතාව - සුමතිපාල - ජෝතිපාල (සිත්තර පුවත්පතේ පළ වූ චිත්‍ර කතාව ඇසුරිනි)

දෙබස් සහ තිර නාටකය - හරිස්චන්ද්‍ර වීරසිංහ

සහාය අධ්‍යක්ෂණය – හරිස්චන්ද්‍ර වීරසිංහ, රොඩ්නි විදානපතිරණ

කැමරා අධ්‍යක්ෂණය - ඩොනල් කරුණාරත්න

සංස්කරණය – සෙක්ස්ටස් අපෝන්සු

අංග රචනය – ඩී. ඩී. ඇන්ටනි

කලා අධ්‍යක්ෂණය - ලයනල් සිල්වා

ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම්

රසායනාගාර පාලක – වී. සිවදාසන්

දෙබස් පටිගත කරීම, පිටපත් මුද්‍රණය හා සැකසුම – විජය චිත්‍රාගාරය

ගීත පටිගත කිරීම - ජෝර්ජ් මනතුංග

සම්බන්ධීකරණය – රොඩ්නි විදානපතිරණ

ධාවන කාලය – පැය 2 විනාඩි 20 / දිග අඩි 11000

නාමාවලිය - සුමතිපාල / ජෝතිපාල

නිෂ්පාදන කළමනාකරණය – කැෂියන් පී. විජේරත්න

නිෂ්පාදන කෘත්‍යාධිකාරී - මොරිස් පෙරේරා

නිශ්චල ඡායාරූප – නලින් කන්නන්ගර

සංගීත අධ්‍යක්ෂණය – ප්‍රේමසිරි කේමදාස

ගීත ප්‍රබන්ධය – ආචාර්ය අජන්තා රණසිංහ

ගීත -

ඈත දියඹේ නැඟී වේදනා රළ බිඳේ – අයිවෝ ඩෙනිස් / ටී. එම්. ජයරත්න / මාලිනී බුලත්සිංහල

ඈත දියඹේ නැඟි වේදනා රළ බිඳේ – මාලිනී බුලත්සිංහල

රංගනය – විජය කුමාරණතුංග (ක්‍රිස්ටෝපර්), මාලිනී ෆොන්සේකා (ඉසබෙල්), විමල් කුමාර් ද කොස්තා (ඇල්බට් මුදලාලි), අමරසිරි කලංසූරිය (සිරිල්), රූබි ද මෙල් (කතරිනා), මහේෂා වීරසිංහ (හෙලේනා), ඩී. අර්. නානායක්කාර (මාටින්), මියුරි සමරසිංහ (සිරිල්ගේ මව), වින්සන්ට් වාස් (පේදුරු), බන්දු සමරසිංහ (ඇන්ටා), පැට්‍රික් ජයමාන්න, ලයනල් සිල්වා (ජුවන්), ලැම්බට් තන්තිරිමුදලි (පල්ලියේ ස්වාමි), නෙල්සන් පෙරේරා (කොළඹ මුදලාලි), ක්‍රිස්ටි ද මෙල්, කාන්ති ලංකා, වික්ටර් පෙරේරා, නෝබට් සිල්වා, ගිහාන් සෙනෙවිරත්න, නිමල් ලක්ෂපතිආරච්චි, නලින් කන්නන්ගර


මාල ගිරවි

තිරගත දිනය – 1984 පෙබරවාරි 03

ඉදිරිපත් කිරීම - ප්‍රේම් ජයන්ත් චිත්‍රපට

නිෂ්පාදනය - ප්‍රේම් ජයන්ත්

අධ්‍යක්ෂණය, කලා අධ්‍යක්ෂණය, නිෂ්පාදන

කළමනාකරණය, නිශ්චල ඡායාරූප – තිලක් වේහැල්ල

කතාව, දෙබස් සහ තිර නාටකය – ආනන්ද එස්. විජේසිරි

කැමරාකරණය – එම්. වී. සිවසුබ්‍රමනියම්

සංස්කරණය – බර්නාඩ් රෙජිනෝල්ඩ්

අංග රචනය - කේ. සුබ්බයියා

සටන් අධ්‍යක්ෂණය – විල්සන් කරණාරත්න

නැටුම් අධ්‍යක්ෂණය - සිරිල් අමරසිංහ

ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම්

රසායානාගාර කටයුතු - එස්. තිරුනාවුකරසු

සැකසුම – විජය චිත්‍රාගාරය

සංගීත අධ්‍යක්ෂණය – විශාරද ගුණදාස කපුගේ

ගී ප්‍රදන්ධය – ආනන්ද එස්. විජේසිරි, ලූෂන් බුලත්සිංහල, සිරිපාල රදම්පලගමගේ

ගීත -

මේ සොඳුරු සීතා කුමරි ඔබේ – ලතා වල්පොල, මර්වින් පෙරේරා (පද – ආනන්ද එස්. විජේසිරි)

උදා වුණා රණ තිසර – වික්ටර රත්නායක, ලතා වල්පොල – පද ලූෂන් බුලත්සිංහල

රෑන අතහැර පේළි බිඳගෙන – විශාරද ගුණදාස කපුගේ, මර්වින් පෙරේරා

දස මාසේ උරේ කත්වා - ලතා වල්පොල – පද සිරිපාල රදම්පලගමගේ

වීණාවේ තත් හඬවා - පුෂ්පා ශ්‍රී රාජසූරිය – පද ආනන්ද එස්. විජේසිරි

රංගනය -

සනත් ගුණතිලක, ජගත් රොහාන් පෙරේරා, මර්වින් ජයතුංග, ෆරිනාලායි, ක්ලීටස් මෙන්ඩිස්, මර්වින් ප්‍රනාන්දු, විල්සන් කරුණාරත්න, ශාන්ති ලේඛා, ජෙනිටා සමරවීර, සෙනරත් මාපිටිගම, හියුගෝ ප්‍රනාන්දු, දොන් සිරිසේන, දේවිකා කරුණාරත්න, ශ්‍රීනාත් බස්නායක, මහේෂ් ජයසිංහ, බී. ඇස්. පෙරේරා


කිරිකවඩි

තිරගත වූ දිනය – 1984 පෙබරවාරි 10

ඉදිරිපත් කිරීම - සිතුමිණ ෆිල්ම්ස්

නිෂ්පාදනය – අනෝමා වීරහන්දි

අධ්‍යක්ෂණය - සෝමපාල ලැනරෝල්

නිෂ්පාදන සහාය – ගම්පහ සුදු – කළු චිත්‍රපට

කතාව, දෙබස්, තිර නාටකය – බර්නාඩ් කීර්තිරත්න, ගුණසිරි ධර්මපාල

සහාය අධ්‍යක්ෂණය – ගාමිණී ජයසිංහ, නීල් බී. පෙරේරා

කැමරාකරණය – ජයනාත් ගුණවර්ධන

කැමරා සහාය – ජී.නන්දසේන, මාටින් පෙරේරා

සංස්කරණය - ජයතිස්ස දිල්ලිමුණි

සංස්කරණ සහාය - චන්ද්‍රසේන රූබසිංහ

වේශ නිරුපණය - රෙජී ද සිල්වා සහාය – චන්ද්‍රලාල් සිල්වා

කලා අධ්‍යක්ෂණය – ලාල් හරින්ද්‍රනාත්

ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග

ශබ්ද සහාය – ඩී. එච්. ඒ. ජයමාන්න, උපාලි කේ. අරම්පොල, පාලිත සිල්වා, පාලිත වානගුරු, ඩබ්. ජී. පොඩි මහත්තයා

රසායනාගාර කටයුතු - එස්. සිවදාසන්

විදුලි සහාය – ගාමිණී කොස්තා, මාකස් පෙරේරා, ජානක විජේතුංග, එස්. සේනාරත්න

සංස්කරණ මැදිරිය - සිංහගිරි ෆිල්ම්ස් - වත්තල

කැමරා සහ විදුලි උපකරණ සැපයීම – ඩී. එන්. එෆ්. සී. සමරසිංහ ෆිල්ම්ස්, සුමිත්ත එන්ටර් ප්‍රයිිසස්

ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස් - නෙළූ ශබ්දාගාරය

වෙඩි පිපිරවීම – කරුණාදාස අතුරුගිරිය

සැකසුම – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය, විිජය චිත්‍රාගාරය

නාමාවලිය – හීනටිගල ප්‍රේමදාස

නිෂ්පාදන කළමනාකරණය – එම්. එස්. පෙරේරා, කේ. පොතුවිල, නීල් සිරිවීර, ඩී. එස්. කරුණාරත්න

නිෂ්පාදන අධිකාරි – පී. වීරහන්දි

නිශ්චල ඡායාරූප – බන්දු යාපා, ඒ. රණසිංහ

සංගීත අධ්‍යක්ෂණය – චන්ද්‍ර අරංගල්ල

ගීත -

සාගර පියසට ඇවිත් වසන්තේ – ගුණදාස කපුගේ – පද රචනය – ලූෂන් බුලත්සිංහල

ඈත මෑත රළ පතරේ - නෙරංජලා සරෝජිනි, එඩ්වඩ් ජයකොඩි, එච්. ආර්. ජෝතිපාල, පද රචනය – අජන්තා රණසිංහ

අතුරු මිතුරු සිනා පොකුරු - අතුල සෝමසිරි, එඩ්වඩ් ජයකොඩි, චන්ද්‍ර අරංගල්ල – පද රචනය –උපාලි ධනවලවිතාන

නළු නිළියන් -

ලූෂන් බුලත්සිංහල (බැසිල්), සමන්ති ලැනරෝල් (නීටා), සිසිර කුමාරසිංහ (ඇන්තනි), නාලිනී ගෝනගල (ජෙනට්), වින්සන්ට් කරුණාරත්න (සිරිල්), බී. ඇස්. පෙරේරා (ජුසේ) රෝහිනි ජයකොඩි (නීටාගේ මව), සීතා කුමාරි (බැසිල්ගේ මව), සුගත් ප්‍රසන්න (පීටර්), නෙල්කා පෙරේරා (තෙරේසා), එස්. ගුණරත්න (රියදුරු) , නාලිනි ගෝනගල, දීපා චාන්දනී මල්ලවආරච්චි, වික්ටර් කුරේරා, බර්නාඩ් කීර්තිරත්න, ගුණසිරි ධර්මපාල, රින්ස්ලි වීරරත්න, පීටර් වෙදමුණි, එම්. එස්. පෙරේරා, සෙව්වන්දි ලැනරෝල්, සුදත් වීරහන්දි