|
|
‘උඩරට සිට මැණිකෙ කෙනෙක් ’ ගීතයට ඌනපූරණයක් ‘ සෝබන චන්ද්‍රා නැඟ එනවා’ ගීතය ලිව්වෙත් සද්ධාමංගල කරුණාරත්නයන්
එක දිගට නොපෙනෙන තරම් දුරට හරි කෙළින් විහිදුණු දීර්ඝ මාර්ගය දිගේ වාහනය වේගයෙන් යද්දී මම කම්මැලිකමට ගීතයක් ඇසෙන නෑසෙන ගානට මිමිණුවා. තද වේගයකින් ඉදිරියට ඇදෙමින් තිබූ වාහනය තිරිංග තද වෙලා එක පාරටම පාර මැද නතර වුණා. මම කලබලයෙන් ඉදිරිපස බලලා පාරේ කිසිම අමුත්තෙක් නොදැක කොමසාරිස් තුමා දිහා බැලුවා. සද්ධාමංගල මහත්තයා හීන් හිනාවක් නඟාගෙන මා දිහා බලා ඉන්නවා. එහෙම මොහොතක් බලා ඉඳලා ඔළුව වනලා ඔහු නැවතත් රථය පණ ගැන්වූවා. ඔහුගේ ප්‍ර‍්‍රතිචාරය මම තේරුම් ගත්තේ එතකොට. මා ඒ වෙලේ හෙමිහිට මිමිණුවේ කාන්ති වක්වැල්ල ගැයූ පැරැණි ජනප්‍රිය ගීතයක්. ‘සෝබන චන්ද්‍රා නැඟ එනවා - චන්ද්‍රාවෝ ඔබ සිහි වෙනවා’ ඒ ගීතයේ රචකයා වුණෙත් ආචාර්ය සද්ධාමංගල කරුණාරත්නයන්. ඒත් කිසිවකු ඒ බවක් දැනගෙන හිටියේ නැහැ. චන්ද්‍රා කිව්වේ එතුමාගේ බිරිඳ. ‘මේ යකා නොදන්න දෙයක් නැහැනෙ’ කියන්නා වගේ හැඟීමක් ඒ වෙලේ එතුමාගේ මුහුණේ ඇඳිලා තිබුණා.
මේරියන්ස් එක්සෝටිකා අන්ප්ලග් පළමුවැනිදාමේරියන්ස් එක්සෝටිකා අන්ප්ලග් 2 වන අදියර ප්‍රසංගය සැප්තැම්බර් පළමු ඉරිදා සිට මහරගම තරුණ සේවා රඟහලේදී පැවැත්වේ. නලින් පෙරේරා ප්‍රමුඛ මේරියන්ස් කණ්ඩායමේ සංගීත දිවියේ නවමු අත්දැකීම් රැසක් එහිදී ඉදිරිපත් කෙරෙනු ඇත. සිංහ එෆ්. එම්. මෙවර ඩිංගිරි මැණිකා
සෙනසුරාදා දහවල් එකේ සිට සිංහ ගුවන් විදුලියේ ප්‍රචාරය වන සිනෙරූ ගී වැඩ සටහනෙහි මෙවර කතාබහ කෙරෙනුයේ ඒ. එස්. ඒ. සාමි අධ්‍යක්ෂණය කළ ඩිංගිරි මැණිකා චිත්‍රපටයයි. පියදාස සිරිසේන සූරීන්ගේ නවකතාවක් ඇසුරෙන් තැනුණ මෙය මෙරට නිර්මාණය වූ පළමු රහස් පරීක්ෂක චිත්‍රපටයයි. 1956 වර්ෂයේ තිරගත වූ ඩිංගිරි මැණිකා එස්. ද එස්. සෝමරත්නගේ නිෂ්පාදනයකි. තේජා සෙනෙවිරත්න, විමලා වැනීෂියා, සයිරස් ඩබ්ලිව්. සුරේන්ද්‍ර, සීතා නානායක්කාර, ජෝශප් සෙනෙවිරත්න, අයි. බී. කරුණාතිලක, මල්ලිකා සමරදිවාකර ඇතුළු පිරිස රංගනයෙන් හැඩ ගන්වන ලදී. මෙහි දෙබස් සයිරස් ඩබ්ලිව්. සුරේන්ද්‍ර සහ එස්. පියසේනගෙනි. හංසරාණී –
ලන්ත්‍රා ගී මාත්‍රා
හරුන් ලන්ත්‍රා
උපහාර ගී ප්‍රසංගය
සැප්තැම්බර් 02
ටවර් රඟහලේ
|



පුරා විද්‍යා කොමසාරිස් ලෙස කටයුතු කරද්දී 1979/80 කාලයේදී ඔහුගේ පෞද්ගලික සහකරුවා
වුණේ මම. දවසක් දා එතුමා කිසියම් රාජකාරියක් සඳහා අනුරාධපුර පුරා විද්‍යා ස්ථාන බලා
පිටත් වුණේ මාත් සමඟ. ඒ ගමනට රියැදුරෙක් යොදා ගැනුණේ නැහැ. කොමසාරිස් තුමාම වාහනේ
පැදෙව්වා. ඔහු අසල අසුනෙ හිටියෙ මම.