‘නිධානය’ 31 දා සහ 02 වැනිදා
‘නිධානය’
31 දා සහ 02 වැනිදා
සුමිත්‍රා, රවීන්ද්‍ර සහ සමීර
වැනිස් උළෙලට යති

වැනිස් සිනමා උළෙලේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් ලොව විශිෂ්ටතම චිත්‍රපට ගොන්නෙහිලා
තෝරා ගෙන තිරගත කෙරෙන නිධානය චිත්‍රපටයේ මංගල දර්ශනය 31 වැනිදා වැනිසියේ සාලාවොල්පි
සිනමාහලේ රාත්‍රී 8.15 ට තිරගත වෙයි.
1972 වසරේ වැනිස් උළෙලේ දී රජතසිංහ සම්මානය
දිනූ නිධානය චිත්‍රපටයේ මෙවර විශේෂ දැක්මකට සුමිත්‍රා පීරිස්, රවීන්ද්‍ර රන්දෙනිය
සහ සමීර රන්දෙනිය විශේෂ ආරාධිතයන් ලෙස සභභාගිවනු ඇත. ඉතාලියේ වැනිස් නගරයේදී
චිත්‍රපටයේ දෙවැනි දර්ශනය සැප්තැම්බර් 02 පස්වරු 2.45 ට එම ශාලාවේදී පැවැත්වෙනු ඇත.
ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කීර්තියක් අත්කර දුන් නිධානය චිත්‍රපටය නව පිටපතක් ලෙස
සංරක්ෂණය කිරීමෙන් අනතුරුව තිරගත කෙරනෙ ප්‍රථම අවස්ථාව මෙය වේ.
සංරක්ෂණය කෙරුණු නිධානය චිත්‍රපටය ලෝක උරුමය චිත්‍රපටයක් ලෙස සංරක්ෂණ වැඩසටහන
රවීන්ද්‍ර රන්දෙනිය සහ සමීර රන්දෙනියගේ මූලිකත්වයෙන් වර්ල්ඩ් සිනමා ෆවුන්ඩේෂන්
ආයතනය විසින් සිදු කරන ලදී. එහි සංරක්ෂණ කටයුතු සිදු කිරීම ලෝක ප්‍රකට චිත්‍රපට
අධ්‍යක්ෂ මාර්ටින් ස්කෝර්සෙසේ ගේ මෙහෙයවීමෙන් සිදු කෙරුණකි.
මෙරටට ජාත්‍යන්තර කීර්තියක් අත්කර දුන් නිධානය චිත්‍රපටය යළිත් ජාත්‍යන්තර රිදී
තිරයේ තිරගත වීම ලාංකේය සිනමාව ලද විශේෂ ගෞරවයකි. මෙම සුවිශේෂ අවස්ථාවට සහභභාගි වීම
වෙනුවෙන් සුමිත්‍රා පීරිස්, රවීන්ද්‍ර රන්දෙනිය සමඟින් සමීර රන්දෙනිය අද ඉතාලිය බලා
පිටත්වීමට නියමිතය.
- යතේජා
රන්කෙවිට 2
ඇරැඹුණා

උදයකාන්ත වර්ණසූරිය නිර්මාණය කළ රන් කෙවිට 2 ගොපලුගේ වික්‍රම චිත්‍රපටයේ මංගල
දර්ශනය පසුගියදා කොළඹ රීගල් සිනමා ශාලාවේ පැවැත්විණ. එදින එම උත්සවයට සපැමිණි
ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිනිය චාරිත්‍රානුකූලව පොල්තෙල් පහන
දැල් වූ අයුරුයි මේ.
චිත්‍රපට සංස්ථා සභාපති අශෝක සේරසිංහ, ආචාර්ය ඩී. බී. නිහාල්සිංහ, චිත්‍රපටයේ
ප්‍රධාන ළමා නළු දෙපොළ හරිත් සහ ඉෂාම් ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් තිසර සමරසිංහ,
සිබිල් වෙත්තසිංහ, ප්‍රවීන් ජයරත්න සහ උදයකාන්ත ද සේයාරුවේ වෙති.
‘බුදු සිරිත’ ඇසුරෙන්
සුනිල් ටී. ගෙන් චිත්‍රපටයක්
30 වැනිදා නාරාහේන්පිටදී
නවකයන් තෝරයි
මෙරට වැඩිම චිත්‍රපට ගණනක් නිෂ්පාදය කළ සුනිල් ටී. ප්‍රනාන්දු පළමුවරට බුදුරජාණන්
වහන්සේගේ චරිතය ඇසුරෙන් සිනමාපටයක් නිරිමාණය කිරීමට සූදානම් වෙයි. මෙම වසරේ අග සිට
රූගත කිරීම් ඇරැඹෙන එය සමඟින් අලුත් අධ්‍යක්ෂවරයකු ද සිනමාවට හඳුන්වා දෙන බවට
වැඩිදුරටත් දැනගන්නට ලැබේ. සුනිල් ධර්මසිරි තිර රචනය සකසන මෙහි නළු නිළියන් තෝරා
ගැනීම මේ දිනවල සිදු වෙයි.
මෙම චිත්‍රපටය සමඟින් ළමා නළු නිළියන් රැසක් රිදී තිරයට හඳුන්වා දෙන්නට සුනිල් ටී.
අපේක්ෂා කරයි. ඔවුන් තෝරා ගනු ලබන සම්මුඛ පරික්ෂණය මෙම මස 30 වැනිදා එනම් හෙට
නාරාහේන්පිට ශ්‍රී පරාක්‍රමබාහු විද්‍යාලයේ පැවැත්වෙනු ඇත. වයස අවුරුදු 07 – 16 අතර
ළමා නළු නිළියන්ට මේ සදහා සහභාගී වන්න යැයි සුනිල් ටී. ආරාධනා කර සිටියි.
මෙය සුනිල් ටී. ගේ පනස් හත්වන සිනමා නිර්මාණයයි.
මෙගා ඇතුළෙ කතා කියන
‘මෙගා’ එයි

හිනායන්න කියලා හිතාගෙන රඟපාන එත් මළාට මිනිස්සු හිනස්සන්න බැරි නළු නිළියෝ ටිකක්.
අතරමඟින් දාලා ගියපු නාට්‍යයේ ඉතිරි කොටේ අදින රචකයෙක්. නන්නත්තාර වුණු අරික්කාල්
නාට්‍යයට මෙගා සත්කාරය දෙන අධ්‍යක්ෂවරයෙක්. ජීවිතයේ යථාර්ථයයි, ෂූටිනුයි පැටළුණු ටී
බෝයි කෙනෙක්. මෙගා නාට්‍ය මැද බඩී ජීවිත ගෙවන කතාව ‘මෙගා’.
දමින්ද ඩී. මඩවල විසින් අධ්‍යක්ෂණය කෙරෙන ප්‍රථම ටෙලි නිර්මාණය මෙගා ලබන
සැප්තැම්බර් පළමුවැනිදා ඉරිදා සිට සෑම ඉරිදා දිනකම රාත්‍රී 9.00ට ස්වර්ණවාහිනී
නාලිකාව ඔස්සේ විකාශයවීමට නියමිතය.
ටෝනි රණසිංහ, ගිහාන් ප්‍රනාන්දු, ජයන්ත මුතුතන්ත්‍රී, දමයන්ති ෆොන්සේකා, සුලෝචනා
වීරසිංහ, ඩිල්හානි පෙරේරා, ලසන්ත උඩුකුඹුර, අරවින්ද දොඹගහවත්ත, අජිත් ක්‍රිෂාන්ත
සේරම්, සමන්ත මංජුල, මංගල ප්‍රනාන්දු, නෙතලි නානායක්කාර, දසුන් පතිරණ, මධුෂාන්
නානායක්කාර ඇතුළු පිරිසක් මෙගා හි රංගනයෙන් දායක වෙති. අසංක සායක්කාරගේ තිර රචනයක්
වන මෙහි කැමරා අධ්‍යක්ෂණය කපිල සුගත් විජයරත්න, අංග රචනය ප්‍රියන්ත දිසානායක, කලා
අධ්‍යක්ෂණය තිලංක බටුවත්ත, සංස්කරණය විරංග කැටිපෙආරච්චි සහ සහාය අධ්‍යක්ෂණය ශමීර
රංගන නාඔටුන්න විසිනි. ගීත රචනය සහ සංගීත නිර්මාණ අධීක්ෂණය අජිත් ක්‍රිෂාන්ත සේරම්
ගෙනි.
ප්‍රසන්නට
අලුත් තනතුරක්
සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ ඊ. ඒ. පී. මාධ්‍ය ජාලයේ ස්වාධීන
අධ්‍යක්ෂවරයකු ලෙස පත් වෙයි.
ප්‍රසන්න ලද මේ තනතුර වෙනුවෙන් සරසවිය අප මෙසේ සුබපැතුම් එක් කරමු.
සකිසඳ
මීගමුවේ

රංගන ශිල්පී ඇන්ටන් ජූඩ් අභාවයෙන් පසු සකිසඳ මඬල සිව්වැනි දැක්ම සැප්තැම්බර්
පළමුවැනිදා මීගමුව පුරහලේදී වේදිකා ගත කෙරේ.
ආනන්ද අතුකෝරළ, රොඩ්නි වර්ණකුල, ප්‍රියන්ත සෙනෙවිරත්න, ගාමිණී අම්බලන්ගොඩ, කුමාර
ලියනගේ, ලලිත් ජයකාන්ත, ඉන්දික ජයසිංහ, එස්. අයි. සමරක්කොඩි, ෆර්නි රෝෂිණි, සාරංගා
කුමාරි, මනීෂා නාමල්ගම, ගයා ක්‍රිෂානි රංගනයෙන් දායක වන මෙහි පිටපත ප්‍රියන්ත
සෙනෙවිරත්න විසිනි.
‘රංගධරණී’
රංග පීඨය
අනුරපුරේ 03 දා විවෘත වේ
පරාක්‍රම නිරිඇල්ලයන් ඇරැඹි ජන කරළිය ජංගම රඟහලට වසර දහයක් සපිරීම නිමිති කර
ගනිමින් රංගධරණී නම් රංග පීඨයක් මෙම මස 03 වැනිදා අනුරාධපුර ශ්‍රාවස්තිපුර 05 ඇල
පෙදෙසේ ආලංකුලම වැව ඉහත්තෑවේ විවෘත වේ.
එහිදී එදින සහ පසුදින (04 දා) හෙන්රි ජයසේනයන්ගේ හුණුවටයේ කතාවෙහි නව නිෂ්පාදනය රඟ
දැක්වෙනු ඇත. එය ජන කරළිය නිර්මාතෘ පරාක්‍රම නිරිඇල්ල විසින් අධ්‍යක්ෂණය කරනු ලබයි.
ජන කරළිය සමඟින් අත්වැල් බැඳගෙන සිටින සංජීව උපේන්ද්‍ර, දිලිප් රෝහණ, රොනිකා චාමලී,
දිනේෂ් ස්වර්ණ ශ්‍රීී ලිවේරා, සෙල්වරාජ් ලීලාවතී,සතිස් සුරේන්ද්‍ර ඒකනායක, පාලිත
අබේලාල්, රාසයියා ලෝහානන්දන්, අරෝෂා තරංගනී, සුමුදු මල්ලවාරච්චි, සරත් බානගල, ඉනෝකා
ලංකාපුර, මුරුගේසු අරන්තන්, ත්‍යාගරාජා ශිවනේෂන්, විජිත හෙට්ටිගේ, යශෝ ප්‍රසාද්,,
ජනිත් දිසනායක, අමිල දිනේෂ් කුමාර, සමනලතා දිසානායක, වී. කදිරගාමර්, වී.
ත්‍යාගරාජා, එම්. ජී.මදීරා උදිෂානි, කුමරේෂන් මහේන්ද්‍රන්, තිළිණි නිමේෂා, දමින්ද
මෙන්ඩිස්, නිපුන් නිර්මාල් බණ්ඩාර හුණුවටය කතාව නව නිෂ්පාදනයේ චරිත නිරූපණය කරති.
රූකඩ රාජ්ජේ
දික්වැල්ලේ
ඩී. කුමාරගේ රචනය කර ප්‍රියන්ත රංජන් නිෂ්පාදනය කරන ‘රූකඩ රාජ්ජේ’ වේදිකා නාට්‍ය
සැප්තැම්බර් 03 වැනිදා දික්වැල්ල විවිධ සේවා සමුපකාර සමිති ශාලාවේදී සහ 04 වැනිදා
ආනමඩුව සුදම්පාය රඟහලේදී වේදිකා ගත කෙරේ.
විජය නන්දසිරි, රොඩ්නි වර්ණකුල, ප්‍රියන්ත සෙනෙවිරත්න, සරත් චන්ද්‍රසිරි, ගාමිණී
අම්බලන්ගොඩ, ෆර්නි රෝෂණී, කුමාර ලියනගේ, ඉන්දික ජයසිංහ සමඟ තරංග බණ්ඩාර රංගනයෙන්
දායක වන මෙහි සංගීත නිර්මාණය සරත් කුලාංග විසිනි.
කකුල් හතරේ ඉලන්දාරියා
හොරණ
ආර්. ආර්. සමරකෝන් රචනා කළ ‘කකුල් හතරේ ඉලන්දාරියා’ නාට්‍යය සැප්තැම්බර් පළමුවැනිදා
හොරණ ශ්‍රිපාලි රඟහලේදී රඟ දැක්වීමට නියමිතය.
විජය නන්දසිරි, ෆර්නි රෝෂණී, සුරංගි කෝසලා, තාරක උපේන්ද්‍ර, අනුෂ්කා විතානගේ මෙහි
රංගනයෙන් දායක වෙති.
- යතේජා
|